The Leader News
BREAKING
ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●විප්ලවය සහ පාලනය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●හරිත විදුලි ලිපිගොනු හිරවෙද්දී ඩීසල් මාෆියාවෙන් බිල ඉහළට●චීන යුවාන් ගිණුම් පියවීම: ආර්ථික ස්වාධීනත්වයට නව අභියෝගයක්ද?●ජාතික විදුලිබල පද්ධතියේ බිඳවැටීම: තාක්ෂණික ගැටලුවක්ද, කළමනාකරණ දුර්වලතාවක්ද?●මහජන බැංකුවේ දැවැන්ත ලාභය යට සැඟවුණු අවදානම●වසර 20ක ආර්ථික දැක්මක්: එජාප ‘හරිත පත්‍රිකාව’ කරළියට●සංවිධානාත්මක අපරාධ පනත ගැන නාමල් සහ හර්ෂණ පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ●
Top Ad
පුවත්

චෙම්මනි සමූහ මිනීවල ‘නීතිවිරෝධී හෝ රහසිගත’ ලෙස සිරුරු වැලලූ භූමියක්

T

The Leader Desk

June 6, 2025 • 4:31 PM

චෙම්මනි සමූහ මිනීවල ‘නීතිවිරෝධී හෝ රහසිගත’ ලෙස සිරුරු වැලලූ භූමියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැනීම් කටයුතු මෙහෙයවන විශේෂඥයන් අධිකරණයට වාර්තා කර තිබේ.
  • අධිකරණ කටයුතු නිමා වීමෙන් පසු නීතිඥ රනිතා ඥානරාඡා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ මෙම භුමිය තුළ මිනිස් අස්ථි කොටස් අවුල් සහගත පරිසරයක හෝ කලබලකාරී ආකාරයකින් වළ දමා ඇති බවත් කැනීම් කටයුතු මෙහෙයවන ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් දෙදෙනාගේ වාර්තාවේ ඇතුලත්ව තිබු බවයි.
  • පළමු කරුණ වන්නේ, කැණීම් කටයුතු සිදු කරන ස්ථානයේ සිට අඩි 1.6 ක් යටින් මිනිස් අස්ථි කොටස් හදුනාගන්න පුළුවන් කියලා.
  • "මේ වන විට ඇටසැකිලි 17 ක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම හඳුනාගෙන තිබෙන අතර මිනිස් ඇටසැකිලි 5 ක් ගොඩට අරගෙන තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කැනීම් කටයුතු මෙහෙයවන විශේෂඥයන් අධිකරණයට වාර්තා කර තිබේ.

යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන් හා වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව ඒ බව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ යාපනය, චෙම්මනි සුසානයෙන් මේ වන විට සිරුරු හයකට අයත් අස්ථි ගොඩගෙන, තවත් අස්ථි හදුනාගෙන ඇති බැවින් එය සමූහ මිනීවළක් ලෙස නම්කරන ලෙස ඉල්ලමින් වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් ගොනු කළ නඩුව ජුනි 06 වැනිදා විභාගයට ගත් අවස්ථාවේය.

 

01
අධිකරණ කටයුතු නිමා වීමෙන් පසු නීතිඥ රනිතා ඥානරාඡා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ මෙම භුමිය තුළ මිනිස් අස්ථි කොටස් අවුල් සහගත පරිසරයක හෝ කලබලකාරී ආකාරයකින් වළ දමා ඇති බවත් කැනීම් කටයුතු මෙහෙයවන ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් දෙදෙනාගේ වාර්තාවේ ඇතුලත්ව තිබු බවයි.


"මෙම නඩුවේදී යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්, වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව යන අයගේ නිරීක්ෂණ වාර්තා මත පදනම්ව, ඔවුන් දෙදෙනාම කරුණු තුනක් ඉදිරිපත් කළා. පළමු කරුණ වන්නේ, කැණීම් කටයුතු සිදු කරන ස්ථානයේ සිට අඩි 1.6 ක් යටින් මිනිස් අස්ථි කොටස් හදුනාගන්න පුළුවන් කියලා. මිනිස් ඇටකටු අවුල් සහගත පරිසරයක හෝ කලබලකාරී ආකාරයකින් හෝ වළ දමා තිබෙනවා. අදාළ ස්ථානවල ඇඳුම් හෝ පුද්ගලික උපාංග කිසිවක් සොයාගෙන නැහැ. මෙය නීති විරෝධී හෝ රහසිගත සුසාන භූමියක් විය හැකි බවට සැකයක් තියනවා."

සමුහ සුසානයේ විමර්ශන අඛණ්ඩව සිදු කරගෙන යෑමේ අවශ්‍යතාවය කැනීම් කටයුතු මෙහෙයවන විශේෂඥයන් විසින් අධිකරණයට පෙන්වා දුන් බව සදහන්  කරන නීතිඥ රනිතා ඥානරාඡා අවධාරණය කරන්නේ විශේෂඥයන් සෑහීමකට පත්වන තෙක් කැණීම් කටයුතු දිගටම කරගෙන යන ලෙස යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා නියෝග කළ බවයි.

"මේ වන විට ඇටසැකිලි 17 ක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම හඳුනාගෙන තිබෙන අතර මිනිස් ඇටසැකිලි 5 ක් ගොඩට අරගෙන තිබෙනවා. බොහෝ මිනිස් අස්ථි කොටස් අර්ධ වශයෙන් හඳුනාගෙන තිබෙන නිසා මේ මත පදනම්ව, මහාචාර්යවරයා සහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිර්දේශ කළේ මෙම මිනිස් සුසාන භූමිය අඛණ්ඩව කැණීම් කරන්න ඕන කියලා. වින්දිතයන්ගේ පාර්ශ්වයන් නියෝජනය කරලා අධිකරණයට ඉදිරිපත් වු නීතිඥයාත් ඉල්ලීම් කළේ කැනීම් කටයුතු දිගටම කරන්න ඕන කියලා. විශේෂඥයින් කැණීම් කටයුතු පිළිබඳව සෑහීමකට පත්වන තෙක් කැණීම් කටයුතු දිගටම කරගෙන යන ලෙස අධිකරණය නියෝග කරා. "

02 1


දින 40 ක කාලයක් අඛණ්ඩව කැනීම් කටයුතු කරගෙන යෑමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සදහා අවශ්‍ය ක්‍රියාවලිය කඩිනමින් සිදු කරන ලෙසත් යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ට උපදෙස් ලබා දී තිබේ.


වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් චෙම්මනියේ සිද්ධුපත්ති සමූහ සුසානයේ දෙවැනි අදියරේ, කැනීම් කටයුතු ජුනි 06 දා පස්වැනි දිනටත් සිදු කර තිබුනි.

මෙම පුවතට අදාල තවත් විස්තර :

සමූහ සුසානයක පලදායී විමර්ශන වෙනුවෙන් උතුරේත් මැතිසබේත් හඬ නැගේ

හිස්කබල් හතක් පාදාගත් උතුරේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් දිගටම

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චෙම්මනි සමූහ මිනීවල ‘නීතිවිරෝධී හෝ රහසිගත’ ලෙස සිරුරු වැලලූ භූමියක් | The Leader