The Leader News
BREAKING
ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●විප්ලවය සහ පාලනය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●හරිත විදුලි ලිපිගොනු හිරවෙද්දී ඩීසල් මාෆියාවෙන් බිල ඉහළට●චීන යුවාන් ගිණුම් පියවීම: ආර්ථික ස්වාධීනත්වයට නව අභියෝගයක්ද?●ජාතික විදුලිබල පද්ධතියේ බිඳවැටීම: තාක්ෂණික ගැටලුවක්ද, කළමනාකරණ දුර්වලතාවක්ද?●මහජන බැංකුවේ දැවැන්ත ලාභය යට සැඟවුණු අවදානම●වසර 20ක ආර්ථික දැක්මක්: එජාප ‘හරිත පත්‍රිකාව’ කරළියට●සංවිධානාත්මක අපරාධ පනත ගැන නාමල් සහ හර්ෂණ පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ●
Top Ad
පුවත්

සල්ලි නැතිකමින් චෙම්මනි සමූහ සුසානයේ වැඩ නතර වේ

T

The Leader Desk

June 9, 2025 • 4:14 PM

සල්ලි නැතිකමින් චෙම්මනි සමූහ සුසානයේ වැඩ නතර වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ජුනි 07 වැනිදා චෙම්මනියේ සිද්ධුපත්ති සමූහ සුසානයේ දෙවැනි අදියරේ කැනීම් කටයුතු තාවකාලිකව නතර කරන විට පුද්ගලයන් 19 දෙනකුට අයත් අස්ථි ගොඩගෙන තිබු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • මාස එක හමාරක කාලයක් අඛණ්ඩව සමූහ සුසානයේ කැනීම් කටයුතු කරගෙන යෑමට සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාවලිය කඩිනමින් සිදු කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා ජුනි 06 වැනිදා යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ට උපදෙස් ලබා දී තිබේ.
  • නීතිඥ රනිතා ඥානරාජා පවසන්නේ ඒ සදහා යෝජිත මුදල් ඇස්තමේන්තුව අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන් විසින් ජුනි 07 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
  • නිරන්ජන් මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ මුල්‍ය ප්‍රතිපාදන ලැබීමෙන් පසු ජුනි 26 වැනිදා යලි කැනීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ජුනි 07 වැනිදා චෙම්මනියේ සිද්ධුපත්ති සමූහ සුසානයේ දෙවැනි අදියරේ කැනීම් කටයුතු තාවකාලිකව නතර කරන විට පුද්ගලයන් 19 දෙනකුට අයත් අස්ථි ගොඩගෙන තිබු  බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

මාස එක හමාරක  කාලයක් අඛණ්ඩව සමූහ සුසානයේ කැනීම් කටයුතු කරගෙන යෑමට සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාවලිය කඩිනමින් සිදු කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා ජුනි 06 වැනිදා යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ට උපදෙස් ලබා දී තිබේ.


නීතිඥ රනිතා ඥානරාජා පවසන්නේ ඒ සදහා යෝජිත මුදල්  ඇස්තමේන්තුව අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන් විසින් ජුනි 07 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ බවයි. එම  මුදල කොපමණදැයි මේ වන තෙක් ජනමාධ්‍යයට හෙලි කර නැත.


කැනීම් කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටින නීතිඥ වී. එස්. නිරන්ජන් මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ  මුල්‍ය ප්‍රතිපාදන ලැබීමෙන් පසු ජුනි 26 වැනිදා යලි කැනීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

නීති විරෝධී හෝ රහසිගත හෝ අයුරින්

චෙම්මනි සුසානයෙන් සමූහ මිනීවළක් ලෙස නම්කරන ලෙස ඉල්ලමින් වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් ගොනු කළ නඩුව ජුනි 06 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන් හා වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව අධිකරණයට දැනුම් දී තිබුනේ  චෙම්මනියේ සිද්ධුපත්ති සමූහ සුසානය නීති විරෝධී හෝ රහසිගත හෝ අයුරින් සිරුරු වල දැමූ භූමියක් විය හැකි බවයි.

වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් චෙම්මනියේ සිද්ධුපත්ති සමූහ සුසානයේ දෙවැනි අදියරේ, කැනීම් කටයුතු ජුනි 2 සිට ජුනි 07 දා දක්වා අඛණ්ඩව සිදු කර තිබුනි.


කැනීම් කටයුතු ජුනි 07 වැනිදා තාවකාලිකව නවතා දැමීමෙන් පසු නීතිඥ රනිතා ඥානරාඡා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ  සිද්ධුපත්ති සමූහ සුසානයේ තව දුරටත් මිනිස් අස්ථි පැවැතිය හැකි බවට අනුමාන කළ හැකි ප්‍රදේශය හදුනා ගැනීම සදහා ඩ්‍රෝන යොදා ලබාගත් ඡායාරූප වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව වෙත ලබා දීමටත් කටයුතු කළ බවයි.


"අද කැණීම් කටයුතු අතරතුර, ඩ්‍රෝන කැමරාවක් හරහා සැක සහිත ප්‍රදේශයේ පින්තූර ලබා ගත්තා. ඒවා වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව වෙත පරීක්ෂණය සඳහා භාර දුන්නා. ඔහු සුදුසු පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නට නියමිතයි."

කැනීම් භුමියට ආරක්ෂාව සැපයීම අධිකරණය විසින් සිද්ධුපත්ති සුසාන භුමියේ පරිපාලන කමිටුවට සහ යාපනය පොලීසිය වෙත පැවරූ බව ඇය වැඩි දුරටත් මාධ්‍යවේදීන්ට  දැනුම් දී තිබුණාය.

ප්‍රතිපාදන කැපීම

සම්පූර්ණ ඇටසැකිලි 40ක් ගොඩගැනීමෙන් පසු කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ කැනීම් ආරම්භ කිරීම දින නියමයක් නොමැතිව කල්  දැමීමට පසුගිය වසරේ හේතු වී තිබුනේ විශේෂඥ මණ්ඩලය විසින් ඉල්ලා තිබු මුල්‍ය ප්‍රතිපාදන අධිකරණ අමාත්‍යාංශය විසින් අනුමත නොකිරීම නිසාය.


කැනීම් කටයුතු සඳහා රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂයක් අවශ්‍ය වෙතැයි 2024 අප්‍රේල් මාසයේ දී මුලින් ගණන් බලා තිබුණත් අධිකරණ අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීම පරිදි සංශෝධනය කිරීමෙන් අනතුරුව මැයි මාසයේදී අනුමත කෙරුනේ ලක්ෂ 97ක මුදලකි.

vnb bcfh


මෙම පුවතට අදාල තවත් විස්තර

දිවයිනේ දැවැන්තම සමූහ මිනීවල වසාදැමීම මහාධිකරණය විසින් අත්හිටුවයි

ලොකුම සමූහ මිනීවලෙන් ගොඩගත් ඇටකටු පෙට්ටි 80ක් වැඩිදුර විශ්ලේෂණයට

ලංකාවේ හමුවූ විශාලතම සමූහ මිනීවලේ විමර්ශන වාර්තාවේ මූලික කටයුතු ඇරඹේ

ලංකාවේ ලොකුම සමූහ මිනීවල ගැන උසාවිය විමර්ශන වාර්තාවක් ඉල්ලයි

අලුත්ම සමූහ මිනීවලේ කැනීම් සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සල්ලි නැතිකමින් චෙම්මනි සමූහ සුසානයේ වැඩ නතර වේ | The Leader