The Leader News
BREAKING
ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●විප්ලවය සහ පාලනය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●හරිත විදුලි ලිපිගොනු හිරවෙද්දී ඩීසල් මාෆියාවෙන් බිල ඉහළට●චීන යුවාන් ගිණුම් පියවීම: ආර්ථික ස්වාධීනත්වයට නව අභියෝගයක්ද?●ජාතික විදුලිබල පද්ධතියේ බිඳවැටීම: තාක්ෂණික ගැටලුවක්ද, කළමනාකරණ දුර්වලතාවක්ද?●මහජන බැංකුවේ දැවැන්ත ලාභය යට සැඟවුණු අවදානම●වසර 20ක ආර්ථික දැක්මක්: එජාප ‘හරිත පත්‍රිකාව’ කරළියට●සංවිධානාත්මක අපරාධ පනත ගැන නාමල් සහ හර්ෂණ පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ●
Top Ad
පුවත්

උතුරේ සමූහ සුසානය තවත් පුළුල් වේ

T

The Leader Desk

July 3, 2025 • 10:26 AM

උතුරේ සමූහ සුසානය තවත් පුළුල් වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිස් අස්ථි තව දුරටත් පසට යටවී ඇති ස්ථාන වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින් හඳුනාගෙන අධිකරණයට වාර්තා කිරීමෙන් පසු නව භූමි භාගයේ කැනීම් කටයුතු ජුනි 02 බදාදා ආරම්භ කළ බවයි චෙම්මනි සමූහ සුසාන භුමිය නිරීක්ෂණයේ යෙදී සිටින පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • අපරාධයක් සිදු වු ස්ථානයක් ලෙස අධිකරණය විසින් නම් කර තිබෙන යාපනයේ චෙම්මනි, සිත්තුපාත්ති සමූහ සුසානයෙන් අඩුම වශයෙන් දරුවන් දස දෙනකුගේ බවට සැකකෙරෙන ඇටසැකිලි මේතාක් හමුවූ සිරුරු 38 අතර වන බව විමර්ශකයෝ පවසති.
  • වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා ජුලි 02 වැනිදා හවස පළාත් බද මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ මේ වන විට යාපනයේ සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් ඇටසැකිලි 30ක් ගොඩගෙන ඇති අතර තවත් සිරුරු හතරක් පාර්ශවීය වශයෙන් පාදාගෙන සිරුරු හතරක් පාදාගනීම සඳහා ලකුණු කර ඇති බවයි.
  • අහම්බෙන් ඇටසැකිලි මතුවූ චෙම්මනි සිත්තුපාත්ති සුසාන භුමියේ කැනීම් වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් ආරම්භ වුයේ මැයි 15 වැනිදායි.
අකුරු ප්‍රමාණය (Font Size):

මිනිස් අස්ථි තව දුරටත් පසට යටවී ඇති ස්ථාන වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින් හඳුනාගෙන අධිකරණයට වාර්තා කිරීමෙන් පසු නව භූමි භාගයේ කැනීම් කටයුතු ජුනි 02 බදාදා ආරම්භ කළ බවයි චෙම්මනි සමූහ සුසාන භුමිය නිරීක්ෂණයේ යෙදී සිටින පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින් අධිකරණයට වාර්තා කරන ලද එම භුමියේ පිරිසිදු කිරීමේ කටයුතු යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ සිසුන්ගේ සහ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ සහාය ඇතිව ජුනි 01 වැනිදා සිදු කර තිබුනි.

 

අපරාධයක් සිදු වු ස්ථානයක් ලෙස අධිකරණය විසින් නම් කර තිබෙන යාපනයේ චෙම්මනි, සිත්තුපාත්ති සමූහ සුසානයෙන් අඩුම වශයෙන් දරුවන් දස දෙනකුගේ බවට සැකකෙරෙන ඇටසැකිලි මේතාක් හමුවූ සිරුරු 38 අතර වන බව විමර්ශකයෝ පවසති.

 

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා ජුලි 02 වැනිදා හවස පළාත් බද මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ මේ වන විට යාපනයේ සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් ඇටසැකිලි 30ක් ගොඩගෙන ඇති අතර තවත් සිරුරු හතරක් පාර්ශවීය වශයෙන් පාදාගෙන සිරුරු හතරක් පාදාගනීම සඳහා ලකුණු කර ඇති බවයි.

තෙවැනි අදියරේ කැනීම් කටයුතු අට වැනි දිනයත් මේ වන විට සිදු කෙරෙමින් පවති.

අහම්බෙන් ඇටසැකිලි මතුවූ චෙම්මනි සිත්තුපාත්ති සුසාන භුමියේ කැනීම් වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් ආරම්භ වුයේ මැයි 15 වැනිදායි.

 

nm90p790970niltlioioupp87

මෙම පුවතට අදාල සබැඳි පුවත් :

චෙම්මනි සමූහ මිනීවලෙන් සෙල්ලම් බඩු සමග ළමා පාවහන් සොයාගනී

චෙම්මනි සමූහ මිනීවලෙන් මිනිස් සිරුරු 33ක් ගැන ඉඟි

චෙම්මනි සමූහ මිනීවලෙන් අලුතින් මතු වුනේ පාසල් බෑග් එකක්ද?

චෙම්මනි ගැන රජයේ තීන්දුව: එජා මහකොමසාරිස් නිරීක්ෂණය ‘ගේට්ටුවෙන් එළියේ සිට’

තවත් ළමා ඇටසැකිල්ලක් චෙම්මනි සමූහ සුසානයෙන් සොයාගනී

චෙම්මනි සමූහ මිනීවලට ජාත්‍යන්තර මැදිහත්වීමක අවශ්‍යතාව UN පිළිගනී

චෙම්මනි සිද්ධුපත්ති සමූහ සුසානයේ විමර්ශන විද්‍යාත්මකව සිදුකිරීමට ආණ්ඩුව සහාය දිය යුත්තේ ඇයි?

දිවයිනේ දැවැන්තම සමූහ මිනීවල වසාදැමීම මහාධිකරණය විසින් අත්හිටුවයි

ලොකුම සමූහ මිනීවලෙන් ගොඩගත් ඇටකටු පෙට්ටි 80ක් වැඩිදුර විශ්ලේෂණයට

ලංකාවේ හමුවූ විශාලතම සමූහ මිනීවලේ විමර්ශන වාර්තාවේ මූලික කටයුතු ඇරඹේ

ලංකාවේ ලොකුම සමූහ මිනීවල ගැන උසාවිය විමර්ශන වාර්තාවක් ඉල්ලයි

අලුත්ම සමූහ මිනීවලේ කැනීම් සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...