The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
පුවත්

සිංහල පොහොට්ටු අපේක්ෂක දෙමළ ජනයා මැද මුස්ලිම් විරෝධය අවුස්සයි !

T

The Leader Desk

July 11, 2020 • 7:02 AM

 සිංහල පොහොට්ටු අපේක්ෂක දෙමළ ජනයා මැද මුස්ලිම් විරෝධය අවුස්සයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම පරිදි මෙයට මාස දහයකට පෙර වන්නි දිස්ත්‍රික්කය භාරගත් බව පවසන පොහොට්ටුවේ අපේක්ෂකයා පවසා ඇත්තේ ප්‍රදේශයේ මහජාතිය වන දෙමළ ජනතාව මෙන්ම සිංහලයන්ද දුක් විඳින්නේ මුස්ලිම් නායකයන් වන්නිය පාලනය කිරීම නිසා බවයි.
  • "වන්නි ජනගහනයෙන් 70% ක් දමිළ.
  • මේ දමිළ ජනතාවත් සිංහල ජනතාවත් දුක් විඳින්න ප්‍රධාන හේතුව තමයි මේ මුස්ලිම් නායකයන් වන්නිය පාලනය කරන එක,” යැයි මුස්ලිම් දේශපාලනඥයන්ට දේශමාන්‍ය ජනක නන්ද කුමාර චෝදනා කළේ, මුලතිව් දිස්ත්‍රික්කයේ මාමුලෙයි හි පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.
  • හරියට හින්දි නිළියෝ වගේ," යි මුළුමනින්ම පාහේ පිරිමි වාඩිගෙන සිටි සභාව හමුවේ සමච්චලයට ලක් කළේ කණ, කර පළඳා ඇති අයුරු රඟ දක්වමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම පරිදි මෙයට මාස දහයකට පෙර වන්නි දිස්ත්‍රික්කය භාරගත් බව පවසන පොහොට්ටුවේ අපේක්ෂකයා පවසා ඇත්තේ ප්‍රදේශයේ මහජාතිය වන දෙමළ ජනතාව මෙන්ම  සිංහලයන්ද දුක් විඳින්නේ මුස්ලිම් නායකයන් වන්නිය පාලනය කිරීම නිසා බවයි.

"වන්නි ජනගහනයෙන් 70% ක් දමිළ. ඉතිරි තිහ සිංහල, මුස්ලිම්. මම සළකන්නේ මේ වන්නියේ මහ ජාතිය හැටියට දමිළ ජනතාව. නමුත් වසර ගණනාවක ඉඳලා මේ වන්නිය පාලනය කරන්නේ මුස්ලිම් නායකයෙක්. මේ දමිළ ජනතාවත් සිංහල ජනතාවත් දුක් විඳින්න ප්‍රධාන හේතුව තමයි මේ මුස්ලිම් නායකයන් වන්නිය පාලනය කරන එක,” යැයි මුස්ලිම් දේශපාලනඥයන්ට දේශමාන්‍ය ජනක නන්ද කුමාර චෝදනා කළේ, මුලතිව් දිස්ත්‍රික්කයේ මාමුලෙයි හි පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

කාන්තාවන්ට සමච්චල්  

ඒ අතරම දෙමළ ජාතික සන්ධානයේ වන්නියෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ භාර්යාවන් දැක තිබේදැයි විමසූ අපේක්ෂක නන්ද කුමාර "මම නම් දැකලා තියෙනවා. මම ඉන්නේ කොළඹනේ. හරියට හින්දි නිළියෝ වගේ," යි මුළුමනින්ම පාහේ පිරිමි වාඩිගෙන සිටි සභාව හමුවේ සමච්චලයට ලක් කළේ  කණ, කර පළඳා ඇති අයුරු රඟ දක්වමිනි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් සුඛෝපභෝගී ජිවත ගෙවන බවට බැටදුන් බැසිල් රාජපක්ෂ ඇමැති සමයේ ඔහුගේ ලේකම්වරයකු වූ ජනක නන්ද කුමාර ද කොලඹින් විත් අංගාරක්ෂකයන් පිරිවරා අධි වන්නියට ගොඩ බැස්සේ සුඛෝපභෝගී වාහනයකි. 

පසුගිය 7 දා මුලතිව්හි පැවති ජන හමුවක් ඇමතූ පොහොට්ටු අපේක්ෂකයා මුස්ලිම් විරෝධය ජනිත කිරිමට සිය කාලයෙන් වැඩිපුර කාලයක් ප්‍රාදේශීය මුස්ලිම් ජනනායකයන්ගේ නම් ද  සඳහන් කරමිනි. චන්දය දිනා ගැනීමෙන් පසු මුස්ලිම් ජනනායකයන් සලකන්නේ සිය ජාතියට පමණක් යැයි දෝෂාරෝපණය කළ පොහොට්ටු අපේක්ෂක නන්ද කුමාර  "සෙරෙප්පු මහපු, පෙට්ටි කඩදාගෙන හිටිය  මුස්ලිම් ජනයා අද රාජ්‍ය සේවකයෝ වෙලා," යි මුස්ලිම් විරෝධය කුළු ගැන්වීය.

දෙමළ බහුතරයක් වාසය කරන ප්‍රදේශයක පැවති එම රැස්වීමේ වේදිකාව පසුපස බැනරයේ අපේක්ෂකයාගේ නම මුද්‍රණය කර තිබුනේ ද නිවේදකයන් විසින් ඔහු හඳුන්වා දෙනු ලැබුවේද “නන්දකුමාර්” යනුවෙන් දෙමළ ඌරුවටය.  

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...