The Leader News
BREAKING
Top Ad
පුවත්

කුරුක්කල්මඩම් සමූහ මිනීවල කැනීමට ලක්ෂ 28 ක ඇස්තමේන්තුවක් යවයි

T

The Leader Desk

September 23, 2025 • 4:37 PM

කුරුක්කල්මඩම් සමූහ මිනීවල කැනීමට ලක්ෂ 28 ක ඇස්තමේන්තුවක් යවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් උසාවියට ඉදිරිපත් කර තිබේ.
  • ලක්ෂ 28ක් වන එම මුදල් ඉල්ලීම අධිකරණය විසින් මුදල් අමාත්‍යංශයට සහ අධිකරණ අමාත්‍යංශයට යොමුකර ඇත.
  • ඉස්ලාම් භක්තිකයන් එකසිය පනහකට වැඩි පිරිසක් තිස්පස් වසරකට ඉහතදී සමුලඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ සමුහ මිනී වළක කැනීම් කටයුතු ආරම්භ කිරීමට පසුගියදා අනුමැතිය ලබා දී තිබුනේ කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයයි.
  • ඒ අනුව, රුපියල් මිලියන 2.85 ක අයවැය ලේඛනයේ බජට් බ්‍රේක්ඩවුන් අද අධිකරණයට ඉදිරිපත් කරා.
අකුරු ප්‍රමාණය (Font Size):
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් උසාවියට ඉදිරිපත් කර තිබේ.

ලක්ෂ 28ක් වන එම මුදල් ඉල්ලීම අධිකරණය විසින් මුදල් අමාත්‍යංශයට සහ අධිකරණ අමාත්‍යංශයට යොමුකර ඇත.

ඉස්ලාම් භක්තිකයන් එකසිය පනහකට වැඩි පිරිසක් තිස්පස් වසරකට ඉහතදී සමුලඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ සමුහ මිනී වළක කැනීම් කටයුතු ආරම්භ කිරීමට පසුගියදා අනුමැතිය ලබා දී තිබුනේ කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයයි.
 
එම සමුල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයටයි.

එම සමුල ඝාතනයට අදාල නඩුව 2025 සැප්තැම්බර් 23 වැනිදා කලවංචිකුඩි මහේස්ත්‍රාත් සබ්නා සිරාජ්
 ඉදිරියේ විභාගයට ගැනීමෙන් අනතුරුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුසාම් මුබාරක් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ කැනීම් කටයුතු වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ මුදල් ඇස්තමේන්තුව පිලිගත් මහේස්ත්‍රාත්වරයා එය මහාධිකරණය හරහා අදාල අමාත්‍යාංශ  වෙත යොමු කරන ලෙස නියෝග කළ බවයි.

"අද, කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය කෙරෙහි අවධානය යොමු කරා. ඒ අනුව, රුපියල් මිලියන 2.85 ක අයවැය ලේඛනයේ බජට් බ්‍රේක්ඩවුන් අද අධිකරණයට ඉදිරිපත් කරා. එය පිළිගත් මහේස්ත්‍රාත්වරයා, අරමුදල් ලබා ගැනීම සඳහා මෙම අයවැය ලේඛනය මඩකලපුව මහාධිකරණය හරහා මුදල් අමාත්‍යාංශයට සහ අධිකරණ අමාත්‍යාංශයට යවන ලෙස නියෝග කළා."

2025 ඔක්තෝබර් 09 වැනි දින මෙම නඩුව යළි විභාගයට ගැනීමට නියමිත බව නීතිඥ මුසාම් මුබාරක් වැඩි දුරටත් සදහන් කරයි.

2025 අගෝස්තු 25 වැනිදා කලවංචිකුඩි මහේස්ත්‍රාත් ජේ.පී.ඒ. රංජිත්කුමාර්,  රජයේ නිලධාරීන්ට නියෝග කර තිබුනේ මඩකලපුව, කලවංචිකුඩි, කුරුක්කල්මඩමේ සමුහ මිනී වළක් ඇති බව පැවසෙන ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකාවේ විමර්ශන සිදුකෙරෙන සමූහ සුසාන අතරින් අහම්බෙන් ඇටසැකිලි හමු නොවී කැනීම් ආරම්භ කිරීමට නියමිත පළමු සමූහ මිනීවල මෙය වන්නේය.


2014 සංචාරක අධිකරණයේ
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ 1990 වසරේ හජ් වන්දනාව අවසන් කර කාත්තන්කුඩිය වෙත පැමිණෙමින් සිටි ඉස්ලාම් භක්තිකයන් පිරිසක් සමුල ඝාතනය කර වළ දමා ඇති බවට ප්‍රදේශවාසියකු වන අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් විසින් කලවංචිකුඩ් පොලිසියට ගොනු කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව 2014 දී කලවංචිකුඩි සංචාරක අධිකරණයේ නඩුවක් ගොනු කර තිබු බවයි.

එම නඩුව 2014 වසරේ ජුලි 01 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ සමුල ඝාතනය කළ පිරිස වළ දමා ඇති බවට සාධාරණ සැකයක් පවතින භුමිය කැනීම් කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස විනිසුරු ඒ.එම් රියාල් නියෝග කළත් එම කටයුතු සිදු නොවු බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.

පැමිණිලිකාර  අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් සිය නීතිඥයන් මාර්ගයෙන් කලවංචිකුඩ් මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරන ලද මෝසමක් මත පදනම්ව එකොලොස් වසරකට පසුව  2025 ජුලි 11 වැනි දින සිට විවෘත අධිකරණයේදී මෙම නඩුව යළි විභාගයට ගැනීම ආරම්භ කර තිබුනි.
ftyu456747

සබැඳි පුවත් :

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...