The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

තිලීපන් සමරුව උතුරු නැගෙනහිර මහ ඉහලින් පැවැත්වේ

T

The Leader Desk

September 30, 2025 • 3:48 AM

තිලීපන් සමරුව උතුරු නැගෙනහිර මහ ඉහලින් පැවැත්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විමුක්ති කොටි සංවිධානයේ නැසීගිය සාමාජිකයකුගේ මවක් විසින් උදෑසන 10.48 ට පහන් පත්තු කරමින් අනුස්මරණය ආරම්භ කර තිබුනේ තිස් අට වසරකට පෙර තිලීපන් අවසන් හුස්ම පොද හෙලු වේලාව සිහිපත් කරමිනි.
  • තිලීපන් අනුස්මරණ සතියට සමගාමීව විදි සංචාරය කළ රථ කිහිපයක්ද 2025 සැප්තැම්බර් 26 සිකුරාදා පෙරවරුවේ නල්ලුර් පිහිටි තිලීපන් ස්මාරකය අසලට ලඟා වු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  • ඔවුන් වැඩි දුරටත් පවසන්නේ යාපනයේ පොක්කනෙයි මාර්ගය තිලිපන් නමින් නම් කිරීමට ද වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශිය සභාව සැප්තැම්බර් 25 වැනිදා යෝජනාවක් සම්මත කරගත් බවයි.
  • පසුගිය කාලය පුරා දකුණේ අරගලකරුවන් ද පෙළීමට යොදාගෙන තිබෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව 38 වසරකට ඉහතදී දිලීපන් සටන් වැදී තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


මාරාන්තික උපවාසයක යෙදී සිටියදී මිය ගිය තිලීපන් සැමරීම සඳහා යාපනය, නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු  2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය ඉදිරිපිට දී ඔහුගේ 38 වැනි මරණ සංවත්සරය මහත් ජන සහභාගිත්වයකින් යුතු පුෂ්පදීප උපහාරයකින් සැප්තැම්බර් 26 වැනි සිකුරාදා පැවැත්වුණු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

විමුක්ති කොටි සංවිධානයේ නැසීගිය සාමාජිකයකුගේ මවක් විසින් උදෑසන 10.48 ට පහන් පත්තු කරමින් අනුස්මරණය ආරම්භ කර තිබුනේ තිස් අට වසරකට පෙර තිලීපන් අවසන් හුස්ම පොද හෙලු වේලාව සිහිපත් කරමිනි. තිලීපන් අවසන් හුස්ම හෙලු ස්ථානයේදී ද එම මොහොතේ පහන් දල්වා  තිබේ.

තිලීපන් අනුස්මරණ සතියට සමගාමීව විදි සංචාරය කළ රථ කිහිපයක්ද 2025 සැප්තැම්බර්  26 සිකුරාදා  පෙරවරුවේ නල්ලුර් පිහිටි තිලීපන් ස්මාරකය අසලට ලඟා වු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

ඔවුන් වැඩි දුරටත් පවසන්නේ යාපනයේ පොක්කනෙයි මාර්ගය තිලිපන් නමින් නම් කිරීමට ද වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශිය සභාව සැප්තැම්බර් 25 වැනිදා යෝජනාවක් සම්මත කරගත් බවයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව....

පසුගිය කාලය පුරා  දකුණේ අරගලකරුවන් ද පෙළීමට යොදාගෙන තිබෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව 38 වසරකට ඉහතදී දිලීපන් සටන් වැදී තිබුණි.

සිංහල හමුදා කඳවුරු දෙමළ පළාත් වලින් ඉවත් කර ගැනීම, දෙමළ ජනතාවගේ පළාත්වල තාවකාලික දෙමළ ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපන වැඩ තාවකාලිකව අත්හිටුවීම, දෙමළ ජනතාවට අයිති ගම් පළාත්වල සිංහලයන් පදිංචි කරවීම කරගෙන යාම නැවැත්වීම, දෙමළ පළාත්වල සිංහල පොලිස් ස්ථාන පිහිටුවීම නතර කිරීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිස් ආරක්ෂක මූලස්ථාන වල සිටින දේශපාලන රැඳවුම්කරුවන් වහා නිදහස් කිරීම ආදී ඉල්ලීම් ඉදිරිපත් කරමින් 1987 සැප්තැම්බර් 15 වනදා තීලිපන් උපවාසයක් ආරම්භ කළේය.


යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයක යෙදී සිටියදී තිලීපන් මිය ගියේ 1987 සැප්තැම්බර් 26 වෙනිදා ය.

නෙඩුන්තිව්, මන්නාරම හා අම්පාරේදී සැප්තැම්බර් 26 වැනි සිකුරාදා තීලීපන් සිහි කරමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) විසින් අනුස්මරණ කිහිපයක්ම සිදු කර තිබේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් සැප්තැම්බර් 15 වැනිදා මුලතිව්හිදීත්, සැප්තැම්බර් 26 වැනිදා කොළඹදීත් රාසයියා පාර්තිපන් අනුස්මරණය කිරීමට කටයුතු කර ඇත.

යාපනය විශ්වවිද්‍යාල සිසුන්, වේලනෙයි දුපතේ අනුස්මරණ කමිටුව, පේදුරුතුඩුව ජනතාව හා මඩකලපුව, මාවඩිවේම්බු ප්‍රදේශයේ ජනතාවද සැප්තැම්බර් 26 වැනිදා රාසයියා පාර්තිපන් අනුස්මරණ සිදු කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් 2025 සැප්තැම්බර් 18 වැනිදා වව්නියාව මහ නගර සභාව ඉදිරිපිට ස්ථිපිත කර ඇති  පොන්ගු තමිල් ස්මාරකය ඉදිරිපිටදී හා ත්‍රිකුණාමලය දෙමළ ජාතික ක්‍රියාකාරීන් සැප්තැම්බර් 19 වැනි දින ත්‍රිකුණාමලයේදීත් තිලීපන් අනුස්මරණය කළ බවයි.

දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් දිවිදුන් තිලීපන්ගේ ජීවිතය අලලා ඔහු වෙනුවෙන් යාපනයේ ඉදිකරන ලදුව යුද හමුදාව විසින් කඩා බිඳ දමන ලද ස්මාරකය අබියසදී පසුගිය සතියක කාලයක් පුරා ප්‍රදර්ශනයක්ද පවත්වා තිබුනි.

 

thilipan north

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...