The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

චෙම්මනි සමුහ මිනීවලේ වැඩ කරගෙන යාමට ඉල්ලු මුදල් අනුමත වී නෑ

T

The Leader Desk

October 2, 2025 • 4:38 AM

චෙම්මනි සමුහ මිනීවලේ වැඩ කරගෙන යාමට ඉල්ලු මුදල් අනුමත වී නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2025 ඔක්තෝබර් 01 වැනි බදාදා යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ විභාගයට ගත් අතර අධිකරණ කටයුතු නිමා වීමෙන් පසුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කේ.
  • සුබාකර් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ ඉල්ලා සිටි මුදල් සදහා මේ දක්වා අධිකරණ අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නැති බවයි.
  • නමුත් අයවැය සඳහා අනුමැතිය මෙතෙක් නොලැබුණු නිසා නඩුව ඔක්තෝබර් 13 වැනි දිනට කල් දැම්මා." සති අටක කාලයක් සදහා කැනීම් කටයුතු වෙනුවෙන් සකස් කළ මුදල් ඇස්තමේන්තුව 2025 සැප්තැම්බර් 18 වැනිදා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුනි.
  • චෙම්මනි සමූහ සුසානයේ විමර්ශනවලට බාධා නොකෙරෙන පරිදි අරමුදල් සම්පාදනය කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ආණ්ඩුවට නිර්දේශ කර තිබුනේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඉල්ලීමෙන් දෙසතියක් ගතව යාමත් සමගය.
අකුරු ප්‍රමාණය (Font Size):


යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2025 ඔක්තෝබර් 01 වැනි බදාදා යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ විභාගයට ගත් අතර අධිකරණ කටයුතු නිමා වීමෙන් පසුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කේ. සුබාකර්  පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ ඉල්ලා සිටි මුදල් සදහා මේ දක්වා අධිකරණ අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නැති බවයි.

 

"කැණීම් කටයුතු සඳහා වන අයවැය අමාත්‍යාංශයට යවා අනුමැතිය ඉල්ලා තිබුනා. නමුත් අයවැය සඳහා අනුමැතිය මෙතෙක් නොලැබුණු නිසා නඩුව ඔක්තෝබර් 13 වැනි දිනට කල් දැම්මා."

 

සති අටක කාලයක් සදහා කැනීම් කටයුතු වෙනුවෙන් සකස් කළ මුදල් ඇස්තමේන්තුව 2025 සැප්තැම්බර් 18 වැනිදා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුනි.

එම ඇස්තමේන්තුවෙන් ඉල්ලා සිටි මුදල කොපමණක්දැයි මෙතෙක් මාධ්‍යයට හෙළි කර නැත.

අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත අගෝස්තු 14 වැනිදා ඉදිරිපත් කළ වාර්තාවක් උපුටා දක්වන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වාර්තා කර තිබුනේ  දැනට කැන ඇති ප්‍රදේශයෙන් පිටතත් තව දුරටත් මිනිස් අස්ථි පැවැතිය හැකි බවට සාධක භූගර්භ සෝදිසියකින් හෙළිවී ඇති හෙයින් කැනීම් කටයුතු දිගටම සිදු කරගෙන යෑම සදහා තවත් සති අටක කාලයක්  කැනීම් විශේෂඥයන් විසින් ඉල්ලා තිබු බවයි.

 

චෙම්මනි සමූහ සුසානයේ විමර්ශනවලට බාධා නොකෙරෙන පරිදි අරමුදල් සම්පාදනය කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ආණ්ඩුවට නිර්දේශ කර තිබුනේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඉල්ලීමෙන් දෙසතියක් ගතව යාමත් සමගය.

 

“ප්‍රමාදයකින් තොරව අරමුදල් සතු කරගැනීම තහවුරු කිරීම සඳහා අයවැය ඉල්ලීම්, අරමුදල් වෙන්කිරීම් සහ ගෙවීම් කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත්, චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශනයට සම්බන්ධ අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් සමග සමීපව කටයුතු කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ කේන්ද්‍රීය නිලධාරියෙක් පත් කරන,” ලෙස කොමිසම වාර්තාවක් මගින් දන්වා තිබුණි.  ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන ලද්දේදැයි දැනගන්නට නැත.

මීට ඉහත අනුමත කරගත් මුදල් වලින් දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල්  නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගත් මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි.

 

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.

 

සමූහ මිනීවල පිහිටි සිද්ධුපත්ති සුසාන භුමියේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමට යෑමේදී 2025 වසරේ පෙබරවාරි 13 වැනිදා මිනිස් අස්ථියක් හමුව තිබුනි.

එම අස්ථි කොටස් පරීක්ෂාව සඳහා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් සමග පැමිණි එවක මහේස්ත්‍රාත් ඒ ඒ ආනන්දරාජා විසින් ඒවා මිනිස් සිරුරු කොටස් දැයි විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාරදෙන ලෙස පෙබරවාරි 20 වැනිදා  පොලිසියට නියෝග කළේය.

අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025  මැයි 15 වැනිදායි.

 

ශ්‍රී  ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...