The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
පුවත්

ශානි අත්අඩංගුවට ගැනීම : පොලිසියේ නීතිගරුක නිලධාරින්ට දල්වන රතු එලියක් ! - සජබ

T

The Leader Desk

July 31, 2020 • 4:57 PM

ශානි අත්අඩංගුවට ගැනීම : පොලිසියේ නීතිගරුක නිලධාරින්ට දල්වන රතු එලියක්  ! - සජබ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පියවරක් බවත් 'සමගි ජන බලවේගය' පවසයි. සමගි ජනබලවේගයේ මහ ලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් එබව සඳහන් කර තිබේ.
  • එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. ''ශානි අබේසේකර මහතා අත් අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණයක විභාග වූ නඩුවකට අවශ්‍ය වූ සාක්ෂි ගොතන ලදැයි චෝදනාවක් එල්ල කරමිනි .කෙසේ වුවද මෙම නඩුවේ දී ඉදිරිපත් කළ සාක්ෂි පිළිගෙන අධිකරණය විසින් විත්තිකරු වරදකරු බවට පත් කර ඇත .
  • පසුගිය කාලසීමාව තුළ රජයට සම්බන්ධ බලවත් පුද්ගලයින් පිළිබඳ වූ විවිධ විමර්ශන කටයුතු නිර්භීතව සිදු කිරීම නිසා වර්තමාන පාලකයින්ගේ උදහසට ශානි අබේසේකර මහතා පත්ව සිටි බව ප්‍රසිද්ධ රහසකි .
  • ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවමින් පොලිසියට ලබාදුන් ස්වාධීනත්වය අද වන විට බරපතළ තර්ජනයකට මුහුණ පා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පියවරක් බවත් 'සමගි ජන බලවේගය' පවසයි. 

සමගි ජනබලවේගයේ මහ ලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් එබව සඳහන් කර තිබේ. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. 

''ශානි අබේසේකර මහතා අත් අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණයක විභාග වූ නඩුවකට අවශ්‍ය වූ සාක්ෂි ගොතන ලදැයි චෝදනාවක් එල්ල කරමිනි .කෙසේ වුවද මෙම නඩුවේ දී ඉදිරිපත් කළ සාක්ෂි පිළිගෙන අධිකරණය විසින් විත්තිකරු වරදකරු බවට පත් කර ඇත .

පසුගිය කාලසීමාව තුළ රජයට සම්බන්ධ බලවත් පුද්ගලයින් පිළිබඳ වූ විවිධ විමර්ශන කටයුතු නිර්භීතව සිදු කිරීම නිසා වර්තමාන පාලකයින්ගේ උදහසට ශානි අබේසේකර මහතා පත්ව සිටි බව ප්‍රසිද්ධ රහසකි .

''පසුගිය කාලසීමාව තුළ රජයට සම්බන්ධ බලවත් පුද්ගලයින් පිළිබඳ වූ විවිධ විමර්ශන කටයුතු නිර්භීතව සිදු කිරීම නිසා වර්තමාන පාලකයින්ගේ උදහසට ශානි අබේසේකර මහතා පත්ව සිටි බව ප්‍රසිද්ධ රහසකි.''

රජය බලයට පත්වූ වහාම ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පෞද්ගලික සහකාරයකු ලෙස පත් කිරීම තුළින්ම ඒ බව පැහැදිලි ය, අවසානයේදී වැඩ තහනමට ලක්වු ඒ මහතා සැලසුම් සහගත ලෙස අත්අඩංගුවට ගත් බව පැහැදිලි ය .

මෙය සමස්ත පොලිස්  සේවයේම අවධානයට යොමු විය යුත්තකි, සෘජුව සහ නිවැරදිව වැඩ කරන නිලධාරීන්ට අත්පත් වන මෙම ඉරණම නීතිගරුක නිලධාරින්ට දල්වන රතු එලියකි .

ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවමින් පොලිසියට ලබාදුන් ස්වාධීනත්වය අද වන විට බරපතළ තර්ජනයකට මුහුණ පා ඇත.

මැතිවරණ සමයකදී මෙවැනි තීරණ තීන්දු ගන්නා ආණ්ඩුවක් බලය ලබාගත හොත් කුමක් සිදු කරයිද ?ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ස්වාධිපත්‍ය නීති හා සාමයපිළිබඳව දල්වන අනතුරුදායක සංඥාව වටහා ගැනීම ඉතා වැදගත් වේ.  

මෙයට එරෙහිව පෙළගැසෙන මෙන් රටේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදීන් ට සහ නීතිය සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන සියළු බලවේග වලට ආයාචනා කරමු.

(නිවේදනය උපුටා ගැනීම අවසන් )

කවුද මේ ශානි අබේසේකර ?

shani abeyශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීයකු ලෙස ශානි අබේසේකර හැඳින්විය හැකිය. 

#  රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, 
#  කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, 
#  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය,
# මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ 
# රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණයෙනි.

එම සිදුවීම් වලට අමතරව,

#  රෝයල් පාර්ක් ඝාතනය, 
#  අඟුලාන ද්විත්ව මිනීමැරුම, 
#  උඩතලවින්න ඝාතනය හා
#  මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළිකරගත් විමර්ශනවල කටයුතු වල නියැළුණු නිලධාරියෙක් ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකිය.


වත්මන් රජය බලයට පත්ව ස්ථාන මාරුවක් ක්‍රියාත්මක වන අවස්ථාව වනවිට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මරණ ප්‍රහාර සම්බන්ධයෙන් ද ඔහුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබූ අතර, ඒ පිළිබඳව සොයා බැලූ විශේෂ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ ද ඔහු සාක්ෂි දුන්නේය.

රාජපක්ෂ පාලනයේ අපරාධ විමර්ශන :
පසුගිය යහපාලන රජය පත්වීමත් සමග මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ 2005-2015 පාලන කාලය තුළ සිදුවූ අපරාධ විමර්ශන සිදුවීම් නැවත විමර්ශනය ආරම්හවූ අතර ශානි අබේසේකර එම විමර්ශන බොහොමයක් භාරව කටයුතු කළ අයෙකි. 

රාජපක්ෂවරු සහ ඔවුන්ගේ සමීපතයන් අත්අඩංගුවට ගැනීමට දේශපාලන බලපෑම් මත කටයුතු කළ බවට ඔහුට  ඒ අවස්ථාවේදීත් චෝදනා එල්ලවූ අතර ඔහු ඒවා ප්‍රතික්ෂේප කරමින් තමන් කරන්නේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පමණක් බව අවස්ථා ගණනාවකදී සඳහන් කර තිබුණි. 

Sirisena 31හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විශේෂයෙන් ශානි අබේසේකරව විවේචනය කරමින් අදහස් පළ කළේ විමර්ශනවලට අදාළව හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමිනි. 

විශේෂයෙන්ම එම අපරාධ හමුදා බුද්ධි අංශ යොදාගෙන සිදුකර තිබෙන නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමකින් තොරව විමර්ශන සිදුකිරීමට නොහැකි බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව එවකට ජනාධිපතිවරයාට ලබාදුන් පිළිතුරය.

නව ජනාධිපතිවරයාගෙන් දැඩි ප්‍රතිචාර :

Gotabaya Rajapaksa Pic PMD
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 24 දා  භික්ෂුන් වහන්සේ පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ශානි අබේසේකරගේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළේය. 

"අර දැන් අපේ විමර්ශන කරපු මිනිහා අන්න අද පැනලා ගිහිල්ලා. නිශාන්ත සිල්වා. ජිනීවා ගිහිල්ලා පැනලා," ජනාධිපතිවරයා කියා සිටියේය. 

ඔවුන් පසුගිය වසර 5 තුළ රාජ්‍ය නොවන සංවිධාන වලට අවශ්‍ය ආකාරයට කටයුතු කළ බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී එම නිලධාරීන් දෙදෙනාට චෝදනා කළේය. 

"ශානි අබේස්කර එයාට හිතාගෙන ඒකට හරියන්න විමර්ශනය කරනවා ඒවා ගැන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රශ්න අහන්නේ නැහැ. යුද්ධය කරපු අයවයි නිලධාරීන්වයි නාවික හමුදාපතිවරයා හිරේ දාන්නයි, බුද්ධි අංශය හිරේ දාන්නයි. මාව හිරේ දාන්නයි. එච්චර විතරක් නෙවෙයි ඒගොල්ලෝ කොහොමද මගේ නම කියන්නේ කියලා බල කරපු නිලධාරීන්. රාජ්‍ය නොවන සංවිධාන ඒවා ප්‍රශ්න කරන්නේ නැහැ. සාධාරණය කියන්නේ ඒක නෙවෙයිනේ, නීතියේ ආධිපත්‍ය කියන්නේ ඒක නෙවෙයිනේ," ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය. 

මේ අතර ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන ඔහු සිදු කළ සියළු විමර්ශන නැවත විමර්ශනයට ලක් කළ යුතු බව බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

'' පක්ෂ පාට නොබලා වැඩකරපු අවංක නිලධාරියෙක්'' -රන්ජන් 

ශානි අබේසේකරට සිදුකෙරෙන දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් BBC සිංහල සේවය වෙත අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එක අවස්ථාවක දී මෙසේ පවසා තිබිණ.Ranjan Ramanayake text31

"ශානි අබේසේකර කියන්නේ පක්ෂ පාට නොබලා වැඩකරපු අවංක නිලධාරියෙක්. මහබැංකු බැඳුම්කර විමර්ශනයේදී අර්ජුන ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වපු එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරුන් ඔහු හෙළිකළා. මුදලට මිලදී ගත නොහැකි ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ රහස් පොලිස් නිලධාරියා ශානි අබේසේකර කියන එක මගේ මතය. ඔහුට කරන මේදේ යුක්තිය හොයන්න රාජපක්ෂ කඳවුරේ තියෙන අකමැත්ත නැවත වරක් පිළිබිඹු කරන්නක්" .

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

සබැඳි පුවත් :
සාක්ෂි ළඟ තබාගැනීමේ චෝදනාවක් - හිටපු CID ලොක්කා අත්අඩංගුවට

************************************************************

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...