The Leader News
BREAKING
ඥානසාර හිමි අද අධිකරණයට නෑ: සත්‍යග්‍රහය අත්නොහරින ස්ථාවරයක●ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජාතික ගී පැටලැවිල්ල: නගෝයා පුරපතිගෙන් සමාව●මක්කම ගිය බංග්ලාදේශ තරුණ විවාහක යුවළගේ හිස් ගසා දැම්මේ ඇයි?●යෂ්ටියෙන් නැගිටින 79 හැවිරිදි ග්ලෙන් ක්ලෝස්ගේ සිනමා පිපාසය●අජන්ත සෙනෙවිරත්නගේ 'පරපුරක ජීවක' ප්‍රශස්තම බෞද්ධ නවකතාව වෙයි●ඩොලර් අර්බුදයෙන් මලාවිය අඩපණ වෙයි: තෙල් පෝලිම් නිවහන කරගත් රියදුරන්ගේ කතාව●බටහිර ඉවුරේ ඔලිව් අස්වැන්න ලෙයින් තෙත්වෙයි●සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත්වීමට ආ පෙත්සම් 13ම ඉවතට●සෞදියේ කිං ෆාඩ් ගුවන් තොටුපළට ප්‍රහාරයක්: ශ්‍රී ලංකාව ගුවන් ගමන් අත්හිටුවීම දීර්ඝයි●සතොස බිලියන 24ක පාඩුව: රජයේ ‘ෆ්‍රැන්චයිස්’ බෙහෙත ප්‍රමාණවත්ද?●
Top Ad
පුවත්

ශානි අබේසේකර කොටුකරන්න සාක්ෂි දෙන්නයි අත්අඩංගුවට ගත් SI ට බලපෑම් කරලා!

T

The Leader Desk

August 4, 2020 • 6:23 PM

ශානි අබේසේකර කොටුකරන්න සාක්ෂි දෙන්නයි අත්අඩංගුවට ගත් SI ට බලපෑම් කරලා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉහල නිලධාරීයකු තමන්ට බලපෑම් කළ බව අත්අඩංගුවට ගෙන සිටි හිටපු රහස් පොලිස් නිලධාරීයකු වන උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
  • සැකකරු එබව සඳහන් කර ඇත්තේ, ඔහුව අද (අගෝස්තු 04) ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
  • මෙම චෝදනාවට අදාළව මීට පෙර අත්අඩංගුවට ශානි අබේසේකර ද 7 වනදා දක්වා රක්ෂිත බන්ධානාගතකර සිටී.
  • සැකකරුට මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබා දීමට නීතිඥවරයා කළ ඉල්ලීම අනුව මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉහල නිලධාරීයකු තමන්ට බලපෑම් කළ බව අත්අඩංගුවට ගෙන සිටි හිටපු රහස් පොලිස් නිලධාරීයකු වන උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

සැකකරු එබව සඳහන් කර ඇත්තේ, ඔහුව අද (අගෝස්තු 04) ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී උපපොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් කොළඹ අපරාධ කෝට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණ. අනතුරුව සැකකාර පොලිස් නිලධාරියා අද ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවට ඉදිරිපත් කළේ ය.

2014 වසරේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පවතින නඩු කටයුත්තකට අදාළව, ගිනි අවි හඳුන්වා දී අධිකරණ කටයුත්තක් සඳහා ව්‍යාජ සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස්ට චෝදනා එල්ලකර තිබේ.

මෙම චෝදනාවට අදාළව මීට පෙර අත්අඩංගුවට ශානි අබේසේකර ද 7 වනදා දක්වා රක්ෂිත බන්ධානාගතකර සිටී.

Daily Mirror Shani

උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල අද අධිකරණය හමුවේ සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවූ තම සේවාදායකයාගෙන් ප්‍රකාශ ලබා ගන්නා අවස්ථාවේ එහි සහකාර පොලිස් අධිකාරි “නෙවිල් “නමැති නිලධාරියෙකු ඔහුට බලපෑම් කර ඇති බවයි.

සැකකරුට මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබා දීමට නීතිඥවරයා කළ ඉල්ලීම අනුව මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නේ , අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර, පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා, එවක පොලිස් සැරයන්වරයෙකුව සිටි සුගත් මෝහන මෙන්ඩිස් ඇතුළු තවත් නිළධාරින් පිරිසක් ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේ නිවසක දර මඩුවක අවි තොගයක් සඟවා, පසුව එම අවි තොගය අත්අඩංගුවට ගෙන වාස් ගුණවර්ධනට අයත් බවට කරුණු වාර්තා කර අධිකරණය නොමග හරිමින් අසත්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවයි.

වාස් ගුණවර්ධනට දැනට දඬුවම් නියමකර ඇති මොහොමඩ් සියාම් නමැති ව්‍යාපාරිකයාගේ ඝාතනයට අදාළ ගිනි අවියත් පොලිසිය භාරයට ගනු ලැබු අවි අතර පවතින්නේ දැයි, මහේස්ත්‍රාත්වරයා එහිදී විමසී ය.

කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දුන්නේ එම ඝාතනයට යොදා ගත් ගිනි අවිය එම අවි තොගයේ නොමැති බවයි.
එය මෙතෙක් පොලීසිය භාරයට ගෙන නැතැයි ද ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේ ය.

දෙපාර්ශවයේ කරුණ සලකා බැලු විනිසුරුවරයා, සැකකාර උප පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 7 වනදා දක්වා රක්ෂිතබන්ධනාගාරගත කළේ ය.


සබැඳි පුවත් :

ශානි මහර බන්ධනාගාර රෝහලේ : ''ශානී වගේ පොලිස්කාරයෙක්ට වඩා වටින්නේ චොකා මල්ලී වැනි අපරාදකරුවෙක්''! – කේ. සංජීව

ශානි අත්අඩංගුවට ගැනීම : පොලිසියේ නීතිගරුක නිලධාරින්ට දල්වන රතු එලියක්  ! - සජබ

සාක්ෂි ළඟ තබාගැනීමේ චෝදනාවක් - හිටපු CID ලොක්කා අත්අඩංගුවට

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශානි අබේසේකර කොටුකරන්න සාක්ෂි දෙන්නයි අත්අඩංගුවට ගත් SI ට බලපෑම් කරලා! | The Leader