The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●
Top Ad
පුවත්

MCC ගිවිසුමෙන් ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය වන්නේ නැහැ - නීතිපති ගෙන් සහතිකයක්

T

The Leader Desk

August 13, 2020 • 10:48 AM

MCC ගිවිසුමෙන් ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය වන්නේ නැහැ - නීතිපති ගෙන් සහතිකයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසින් ලිඛිතව තහවුරු කොට තිබේ.
  • එමෙන්ම MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කොට ඇති ශ්‍රී ලාංකීය නියෝජිතායතනය ලාභ නොලබන සමාගමක් ලෙස ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්න්තුවේ අනුමැතිය ලබා ගැනීම සුදුසු බව ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙරට MCC කාර්‍යාලයට දැනුම් දී තිබේ.
  • ගුණරුවන් වාර්තාව අධ්‍යයනය කොට ඒ පිළිබඳ සිය නිරීක්ෂණ ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් මහ මැතිවරණයට පෙර කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ ය.
  • ගුණරුවන් වාර්තාවේ ඇතුළත් දුස්තොරතුරු 6ක් මෙන්න : ‘ගුණරුවන් කමිටුව’ අවසන් වාර්තාව ජනපතිට පිළිගැන් වූ අවස්ථාව 1) ''එම්.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් ලිඛිතව තහවුරු කොට තිබේ.

මෙම ගිවිසුමේ අඩංගු කරුණු පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිල මතය ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්  2018.10.10 දාතමින් යුතු ලිපියක ලිඛිතව තහවුරු කොට ඇත්තේ MCC ගිවිසුම අත්සන් කිරීම හෝ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් නීතිය ප්‍රකාරව කිසිදු බාධාවක් නැති බවයි.

එමෙන්ම MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කොට ඇති ශ්‍රී ලාංකීය නියෝජිතායතනය ලාභ නොලබන සමාගමක් ලෙස ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්න්තුවේ අනුමැතිය ලබා ගැනීම සුදුසු බව ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙරට MCC කාර්‍යාලයට දැනුම් දී තිබේ.

MCC ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය දැක්වෙන ලිපිය

නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම මතය දන්වා තිබියදී වත්මන් රජය විසින් පත්කරන ලද මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ සභාපතිත්වයෙන් යුතු "විශේෂඳ කමිටුව" ප්‍රකාශ කොට ඇත්තේ මෙම ගිවිසුම නිසා ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝනය විය හැකි බවයි.

ගුණරුවන් වාර්තාව අධ්‍යයනය කොට ඒ පිළිබඳ සිය නිරීක්ෂණ ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ඉකුත් මහ මැතිවරණයට පෙර කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ ය.

 

ගුණරුවන් වාර්තාවේ ඇතුළත් දුස්තොරතුරු 6ක් මෙන්න :

Gunaruwan 2020.06.28‘ගුණරුවන් කමිටුව’ අවසන් වාර්තාව ජනපතිට පිළිගැන් වූ අවස්ථාව

 

1) ''එම්. සී. සී. වැඩසටහන යටතේ ඩොලර් මිලියන 10ක මුදලක් පසුගිය රජයට ලබා දී ඇති අතර එම මුදල්වලට සිදු වූ දෙයක් නොමැත.''

- මෙවැනි කිසිම මුදලක් MCC වැඩසටහන යටතේ පසුගිය රජයට හෝ මේ රජයට ගෙවා නැත. එම්. සී. සී ගිවිසුමට අදාළ මූලික කටයුතු සඳහා ඩොලර් මිලියන 10ක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් මුලින් එකඟතාවක් තිබුණත් 2018 ඔක්තොම්බර් මාසයේ උද්ගත වූ දේශපාලන ව්‍යාකූලත්වය සහ ඉන් අනතුරුව රටේ පැවති තත්ත්වය මත ඒ කිසිවක් සිදු වූයේ නැත. මේ අනුව ගුණරුවන් කමිටු වාර්තාවේ අඩංගු ඉහත කරුණ මුළුමනින් ම දුස්තොරතුරකි.

2) ''MCC ගිවිසුම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ස්වෛරීභාවයට පටහැනි වේ''

- MCC ගිවිසුම සම්බන්ධයෙන් සිදු කෙරුණු සියලුම සාකච්ඡා සඳහා පාර්ශ්වකරුවෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගි විය. එමෙන් ම මේ වන විට කෙටුම්පත් කොට ඇති MCC ගිවිසුම මෙරට මූලික නීතියට අනුකූල බවට නීතිපතිවරයා විසින් MCC කාර්යාලයට ලිඛිතව දැනුම් දී තිබේ.

 
3) ''MCC ආධාර යටතේ ශ්‍රී ලංකාවේ යෝජිත ඉඩම් වැඩසටහන බඳු ඉඩම් වැඩසටහන් ක්‍රියාත්මක වූ පීරු, උගැන්ඩාව සහ සියෙරා ලියොනය වැනි රටවල බලවත් ව්‍යාකූලතා මතු විය''
 - මෙය මුළුමනින් ම පදනම් විරහිත සහ අසත්‍ය තොරතුරකි. පීරු, උගැන්ඩාව සහ සියෙරා ලියොනය යන රටවල MCC ආධාර යටතේ ඉඩම් සම්බන්ධ කිසිදු ව්‍යාපෘතියක් දියත් කොට නැත.

 

4) ''MCC ගිවිසුම යටතේ ඇමෙරිකානු නිලධාරීන් විශාල පිරිසකට සහ "ඇමෙරිකානු හමුදා සාමාජිකයන්ට" තානාපති මුක්තිය හිමිවීම''

මෙම ගිවිසුම යටතේ එබඳු මුක්තියක් හිමිවන්නේ MCC කාර්ය මණ්ඩලයේ සේවය කරන ඉහළම ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට පමණකි. වෙනත් කිසිවකුට එබඳු මුක්තියක් හිමිවන්නේ නැත. එහෙත් මෙම කරුණ වැරදියට හුවා දක්වමින් මෙරටට ඇතුළු වන බව කියන "ඇමෙරිකානු හමුදාවන්ට පවා" මේ යටතේ තානාපති මුක්තිය ලැබෙන බවට අතිශයින් සාවද්‍ය වාර්තා මෙම දුස්තොරතුරු මත පදනම්ව ගොඩ නැගී ඇත. 

5) ''විදේශ සමාගම් සහ බාහිර පාර්ශ්ව අතට ශ්‍රී ලංකාවේ ඉඩම් පිළිබඳ තොරතුරු නතු වීමේ අවදානමක් තිබේ ද?''

මෙය ද සාවද්‍ය තොරතුරු මත පදනම්ව සමාජය නොමඟ යැවීමකි. ශ්‍රී ලංකාවේ ඉඩම් පිළිබඳ නීති ඉතා ශක්තිමත් වන අතර විදේශිකයන්ට සිතැඟි පරිදි මෙරට ඉඩම් මිල දී ගත නොහැක. මේ සියලු කටයුතු සිදු වන්නේ MCC කාර්යාලය හරහා නොව ශ්‍රී ලංකා රජයේ යෝජනාවකට අනුව ස්ථාපිත කෙරෙන දේශීය නියෝජිතායතනය හරහා ය. 

එමෙන් ම ඉඩම් අමාත්‍යංශය, මිනුම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ICTA) මේ සියලු කටයුතු සෘජුව මෙහෙයවයි. ශ්‍රී ලංකාවේ ඉඩම් සම්බන්ධ ව්‍යාපෘතිවල සියලු තොරතුරුවල සියලු හිමිකාරිත්වය දරන්නේ ඉඩම් අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ රාජ්‍ය ආයතන වන අතර විදෙස් පාර්ශ්වයන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු ලෙසක මැදිහත්වීමට අවස්ථාවක් නොමැත.

6) ''බුද්ධිමය දේපළ සම්බන්ධ වගන්ති නිසා මෙරට ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැන නගී.

මෙම බුද්ධිමය දේපල සම්බන්ධ වගන්තිවල අරමුණ MCC කාර්යාලයේ මැදිහත් වීමෙන් එක් රටක් වෙනුවෙන් නිර්මාණය කෙරෙන සංවේදී හෝ රහස්‍ය නොවන පොදු ආකෘති වෙනත් රටවල්වල කෙරෙන ව්‍යාපෘතිවල දී ත් යොදාගැනීමයි.

එය සෑම රටකම ආධාර ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් සහ කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණින් හඳුන්වා දෙන ලද්දකි. එහෙත් ව්‍යාපෘතිය දියත් කිරීමේ දී ඉස්මතු වන වැදගත් කරුණු කිසිදු හේතුවක් මත බාහිර පාර්ශ්ව සමග බෙදා හදා ගන්නේ නැත.

 

සබැඳි පුවත් :

ඇමරිකානු MCC ගිවිසුම : විදේශ ලේකම්වරයා අගමැතිට අවවාදාත්මක ලිපියක් යවලා !

ජාත්‍යන්තර එකඟතා කඩකරන්න බැහැ - MCC ගැන අසද්දී ඇමති බන්ධුල කියයි 

මහින්ද MCC එකට එකඟ වුනා, සාකච්ඡා කළේ කබ්රාල්' - 'විකිලික්ස්' කේබලයෙන් එලියට ආ රහසක්! 

ගුණරුවන් කමිටුව’ කියන්නේ පට්ට බොරු : 'MCC ආධාරය මුලින්ම ඉල්ලුවේ මහින්දගේ ආණ්ඩුවයි' -ඇමරිකාව කියයි

මංගල, MCC ගිවිසුමේ ඇත්ත නැත්ත හෙළිකරයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...