The Leader News
BREAKING
Top Ad
පුවත්

බැසිල්ගේ තවත් උත්සහයකට 'බාල්දියක්' ! - ''අපි හදපු ආණ්ඩුවට රිෂාඩ්ව ගන්න ඉඩදෙන්නේ නැහැ ''– විමල් කියයි

T

The Leader Desk

October 3, 2020 • 7:34 AM

බැසිල්ගේ තවත් උත්සහයකට 'බාල්දියක්' ! - ''අපි හදපු ආණ්ඩුවට රිෂාඩ්ව ගන්න ඉඩදෙන්නේ නැහැ ''– විමල් කියයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික බලවේග විසින් ගොඩනැඟූ වත්මන් ආණ්ඩුවට රිෂාඩ් බදුර්දීන් වැනි පුද්ගලයින් එක්කර ගැනීමට කිසිඳු ලෙසකින් ඉඩ නොදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ අවධාරණය කර සිටියි.
  • උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේ, වවුනියාවේ පැවති ආණ්ඩුවේ ප්‍රාදේශීය සංවර්ධන කටයුත්තකට රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සහභාගී කරවා ගෙන තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීය.
  • රාජ්‍ය උත්සවවලට ඕනෑම විපක්ෂ මන්ත්‍රී වරයෙකුට පැමිණීමේ අයිතිය ඇති බවත් එහිදී සිදුවන සාකච්ඡාවන් සාමාන්‍ය සිදුවීම් බවත් ඔහු එහිදී පැවසීය.
  • වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති උත්සවයකට බදියුදීන් මන්ත්‍රීවරයා පැමිණ සිටීම ආණ්ඩුවට එක්වීමේ පෙරහුරුවක් ලෙස දැකීම නිවැරැදි නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ආණ්ඩුවට එක් කර ගැනීමට තරම් මෝඩයෙකු ආණ්ඩුවේ ඇතැයි තමන් නොසිතන බව ද ඇමැති විමල් වීරවංශ සඳහන් කරයි.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේ, වවුනියාවේ පැවති ආණ්ඩුවේ ප්‍රාදේශීය සංවර්ධන කටයුත්තකට රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සහභාගී කරවා ගෙන තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීය.

රාජ්‍ය උත්සවවලට ඕනෑම විපක්ෂ මන්ත්‍රී වරයෙකුට පැමිණීමේ අයිතිය ඇති බවත් එහිදී සිදුවන සාකච්ඡාවන් සාමාන්‍ය සිදුවීම් බවත් ඔහු එහිදී පැවසීය.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති උත්සවයකට බදියුදීන් මන්ත්‍රීවරයා පැමිණ සිටීම ආණ්ඩුවට එක්වීමේ පෙරහුරුවක් ලෙස දැකීම නිවැරැදි නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

‘අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා.. එකතුවෙන්න ආවොත් එලවනවා’ යැයි ද ඇමැතිවරයා දැඩි ස්වරයෙන් යුතුව කියා සිටියේය.

ඔහු එවැනි ආවේගශීලි ප්‍රකාශයක් සිදුකළේ, 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ සමීපතම දේශපාලන හිතවකු බවට සැලකෙන සමස්ත ලංකා මහජන කෙංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එක්කර ගනිමින් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනෙකු උත්සහකරමින් සිටින බවට රාවයක් දේශපාලන ක්ෂේත්‍රය පුරා පැතිරයමින් තිබියදීය. 

විසිවන සංශෝධන යෝජනාවලියේ ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව සලසා තිබීම සම්බන්ධයෙන් විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවට සහය පලකරන 'ජාතික සංවිධාන' බලවත් විරෝධයක් මතුකරමින් සිටිති.

Screen Shot 2020 10 03 at 12.36.43 PM
රිෂාඩ් ආණ්ඩුවට ගන්නේ නැති බවට චමල් සහතික වෙයි

එසේ විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවට සහයදක්වන 'ජාතික සංවිධානවල' දැඩි බලපෑම් හමුවේ නිවේදනයක් නිකුත්කර ඇති ජනපති, අගමැති සහෝදර, අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ, ආණ්ඩුවේ ප්‍රාදේශීය සංවර්ධන කටයුත්තකට පළාතේ මන්ත්‍රීවරයා ලෙස සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුද්දීන් සහභාගිවීම එම පක්ෂයේ සහාය රජයට ලබා ගැනීමක් සඳහා ගන්නා ලද පියවරක් සේ නොසැලකිය යුතු බව කියා සිටියි.

වව්නියාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අලුතින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයට රජයේ මැති ඇමතිවරුන් සමග මල් මාලා පැළඳ එක්ව සිටි රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පහත දැක්වෙන නිවේදනය නිකුත් කර ඇත.

 “මා රාජ්‍ය අමාත්‍ය ධූරය දරන අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ පරිපාලනයට අදාළ රාජ්‍ය හා මහජන ගැටළු පිළිබඳව උතුරු හා නැගෙනහිර පළාත් වල ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම මහජන නියෝජිතයන් ද සමග වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (01) දින පැවති සාකච්ඡාව අතරතුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අලුතින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කිරීම ද සිදුවුණි.

ඊට එක් වූ හිටපු අමාත්‍ය සහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වන රිෂාඩ් බදූර්දීන්ගේ සහභාගිත්වය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ යම් කතාබහක් නිර්මාණය වී ඇත.

විපක්ෂය නියෝජනය කරන ප්‍රදේශයේ මන්ත්‍රිවරයා ලෙස එම අවස්ථාවට සහභාගී වුවද එය ආණ්ඩු පක්ෂය සමග එකතු වීමකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි සංශෝධනයන් සඳහා එම පක්ෂයේ සහාය ලබා ගැනීමකට හෝ පියවරක් නොවන බව අප රජය කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ලබා දුන් මහජනතාව වෙත දැනුම් දෙනු කැමැත්තෙමි.” යයි චමල් රාජපක්ෂගේ නිවේදනයේ සඳහන් වේ.

Screen Shot 2020 10 02 at 9.21.17 PM

ඊයේ (02) දිනයේ විපක්ෂ නායක කාර්යාලයේ දී සමගි ජන බලවේගය මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් තාරක නානයක්කාර සඳහන් කර සිටියේ ඒකාලේ පෙන්නන්න බැරුව හිටපු හිටපු රිෂාඩ් බදූර්දීන් සමඟ අද අතින් අල්ලාගෙන සතුටු සාමීචි කතා කරන්නේ 20 වන සංශෝධනයට ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන් ගෙන් 2/3 ගන්න බැරි නිසා බවයි.

එමෙන්ම රාජපක්ෂ ආණ්ඩුව ''කන්න ඕනෙ වුණාම කබරගොයාත් තලගොයා කරගන්නයි මේ හදන්නේ.." යනුවෙන්  ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.


සබැඳි පුවත් :
රිෂාඩ් ආණ්ඩුවට ගන්නේ නැහැ - ඇමති චමල් ගෙන් ෆේස් බුක් පණිවිඩයක්

රිෂාඩ්, ආණ්ඩුවට සෙට් වෙයි ද? - විස්ස ගැන සලකාබලන බව කියයි (Photos)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බැසිල්ගේ තවත් උත්සහයකට 'බාල්දියක්' ! - ''අපි හදපු ආණ්ඩුවට රිෂාඩ්ව ගන්න ඉඩදෙන්නේ නැහැ ''– විමල් කියයි | The Leader