සමස්ත ලංකා මහජන කෙංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් හෝ ඔහුගේ ගෝලයින් ආණ්ඩුව ඇතුළට ගත්තොත් ආණ්ඩුවේ ජනවරම අහෝසි වෙනවා පමණක් නොව, ආණ්ඩුවේ අවසානය ද ආරම්භ වන බව

ආණ්ඩුවට පක්ෂපාති 'ජාතික සංවිධාන' ජාලයේ ප්‍රධානියකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර අවධාරණය කර සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, ජනාධිපතිගේ හා අගමැතිගේ වැඩිමල් සොයුරු අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය 01දා  වවුනියාවේ පැවති රාජ්‍ය උත්සවයකට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහභාගී කරවා ගනිමින් ඔහුට ඉහලම පිළිගැනීමක් ලබාදීමත්, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස 5කට වැඩි කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා ගෙන සිටි රිෂාද් බදියුදීන්ගේ සොයුරා හිටී හැටියේ නිදහස් කර තිබීමත් සමග රිෂාද් බදියුදීන් ආණ්ඩුවට එක්වන බවට සමාජයේ පැතිරෙන කථාබහ පිළිබඳව Lanka Lead News කළ විමසීමකදීය. 

වෛද්‍ය වසන්ත බණ්ඩාර එහිදී තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.

''ඉස්ලාම් අන්තවාදය රාජ්‍ය බලය තුළ නියෝජනය වෙමින් ප්‍රචලිත කිරීම සඳහා තෝරාගත් ප්‍රධාන පුද්ගලයා තමයි රිෂාද් බදියුදීන්. ඒ ලැයිස්තුවේම තමයි හකීම්ලා සහ හිස්බුල්ලා ඉන්නෙත්. 

ආණ්ඩු බලය නැති වූ පමණින් ඔවුන්ගේ භූමිකාව අවසන් වෙන්නේ නැහැ. නමුත් නැවත ආණ්ඩුව තුළ භුමීකාව අතට ගන්න පුළුවන් නම් ඔවුන් කැමතියි. ඒකට තමයි දැන් උත්සහා කරන්නේ. 

ආණ්ඩුවේ යම් පිරිසක් සිටිනවා රිෂාඩ්ලාගේ ඡන්ද වලින් ඊළඟ ජනාධිපතිවරණය දිනන්න බලාගෙන. 

මහජන විරෝධය පැනනැගුණු පමණින් ඉස්ලාම් අන්තවාදයේ මාර්ග සිතියම වෙනස් වන්නේ නැහැ. 

රිෂාඩ්ලාට ප්‍රභල විරෝධයක් මතු වුනොත් ඔහුට වෙනත් භූමිකාවක් පවරන අතර ඔහුගේ ගෝලයින් ස්වාධීන වීමේ නාමයෙන් ආණ්ඩුව ඇතුළට රිංගවලා ඇමතිකමක් ගන්න අන්තවාදී බලවේග උත්සහා කරනවා. 

නමුත් එකක් කියන්න ඕනි. ආණ්ඩුව ඇතුළට රිෂාඩ් ගත්තත්, ගෝලයින් ගන්නත් ආණ්ඩුවේ ජනවරම අහෝසි වෙනවා. 

රුවන්වැලිසෑයේදී ජනාධිපතිතුමා කිව්ව එතුමා දිනවපු ජනතාවගේ හදවත් වෙනස් වෙනවා. ඒක ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බවට කිසිඳු සැකයක් නැහැ. ”

මේ අතර විමල් විරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණපවසන්නේ, ආණ්ඩුව සිය දේශපාලන ස්ථාවරය නොසලකා ක්‍රියා කළහොත් , ජාතික නිදහස් පෙරමුණ දේශපාලන වගකීමට යටත් නොවන බවයි.  
  

"අද නෑ කිව්වොත් හෙට ඔප්පු කරනවා"?

රිෂාඩ් බදියුදීන් ත්‍රස්ත කටයුතුවලට අනුබල දුන් බව සාක්ෂි සහිතව ඔප්පු කරන්න සූදානම් යයි විමල් විරවංශ එදා පැවසුවේ මෙසේය.



රිෂාද් බදියුදීන් ආණ්ඩුවට එක්කර ගැනීමට යන්නේ ''රිෂාඩ්ලාගේ ඡන්ද වලින් ඊළඟ ජනාධිපතිවරණය දිනන්න බලාගෙන ඉන්න කෙනෙක්'' යයි වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේ වහෙන්ඔරෝ  පවසන්නේ, 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

විමල් විරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ 'ජාතිකවාදීන්' හා ඔවුන්ගේ 'ජාතික සංවිධාන' මෙසේ බැසිල් රාජපක්ෂට එරෙහිව ජනමතයක් ගොඩනගමින් සිටින්නේ, විසිවන සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුවට මේවනවිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොමැති තත්වයක් තුල විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහය ලබා ගැනීමට බැසිල් රාජපක්ෂ රහස් මෙහෙයුමක් ආරම්භ කර ඇති මොහොතකය.

ආණ්ඩුවේ ප්‍රබලයකු පසුගියදා රිෂාද් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කෙංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වෙන වෙනම රහසේ හමුවෙමින් ඔවුනට රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදී ආණ්ඩුවට එක්කර ගැනීමට සාකච්ජා පවත්වා තිබිණ.

එසේම එම ආණඩුවේ ප්‍රබලයා තවත් මුස්ලිම් හා දෙමල දේශපාලන පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග ද වෙනවෙනම සාකච්ජා පවත්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

'විපක්‍ෂ පිරිසක් ගන්න මෙහෙයුමක මම නම් නෑ.'.- බැසිල්

කෙසේවුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසන්නේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක් කර ගැනීමේ මෙහෙයුමක තමන් යෙදී නැති බවයි.

9bbbaa998321fcceff74f7a4799a69b2 XL

කෙසේවුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසන්නේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක් කර ගැනීමේ මෙහෙයුමක තමන් යෙදී නැති බවයි.

සති අන්ත ලංකාදීප පුවත්පතේ පළවූ වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ තමන් මේ වන විට යෙදී සිටින්නේ ජාතික ආර්ථික පුනර්ජීවන වැඩ පිළිවෙල ගොඩනැගීම උදෙසා බවත් ඒ සඳහා උපරිම මහන්සියෙන් කටයුතු කරන බවත් ය.

එමෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය සඳහා තමන් වෙහෙසෙමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් 20 වන සංශෝධනය ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේ සම්මත වනු ඇති බවත් ඒ සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් දැනටමත් ඇතැයි තමන් සිතන බවද ඔහු කියා සිටියේය.

දැනටමත් පාර්ලිමේන්තුවේ 149ක මන්ත්‍රී ප්‍රමානයක් ආණ්ඩු පක්ෂයට ඇති බවත් විසිවෙනි සංශෝධනය අදාළ ඡන්ද විමසීමේ දී ඉතා පහසුවෙන් තුනෙන් දෙකේ බලයක් ලැබෙනු ඇති බවත් ඔහු තව දුරටත් අවධාරණය කලේය.
 
 

සබැඳි පුවත් :

රිෂාඩ්ගේ සොයුරා නිදහස් කළ ආකාරය ගැන කාදිනල් හිමිට සැකයක් ! (VIDEO)

බැසිල්ගේ තවත් උත්සහයකට 'බාල්දියක්' ! - ''අපි හදපු ආණ්ඩුවට රිෂාඩ්ව ගන්න ඉඩදෙන්නේ නැහැ ''– විමල් කියයි 

රිෂාඩ් ආණ්ඩුවට ගන්නේ නැහැ - ඇමති චමල් ගෙන් ෆේස් බුක් පණිවිඩයක්

රිෂාඩ්, ආණ්ඩුවට සෙට් වෙයි ද? - විස්ස ගැන සලකාබලන බව කියයි (Photos)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්