The Leader News
BREAKING
Top Ad
පුවත්

බැසිල්ට එරෙහි විමල්ගේ 'ගේම' ප්‍රසිද්ධියේ කරලියට : තීරණාත්මක ලිපියක් !- අගමැති විස්ස හකුලා ගැනීමේ සුදානමක !!

T

The Leader Desk

October 4, 2020 • 5:21 AM

බැසිල්ට එරෙහි විමල්ගේ 'ගේම' ප්‍රසිද්ධියේ කරලියට : තීරණාත්මක ලිපියක් !- අගමැති විස්ස හකුලා ගැනීමේ සුදානමක !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසිවෙනි සංශෝධන පනත් කෙටුම්පතට අදාළව තම පක්ෂය විසින් ඉදිරිපත් කළ කිසිදු සංශෝධන යෝජනාවක් කාරක සභා අවස්ථාවට ඇතුළත් කරන බවට නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දුන් යෝජනාවලියේ
  • විජයසිරි විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවමින් මේ බව සඳහන් කර තිබේ.
  • එම ලිපියට අනුව එම පක්ෂය පෙන්වා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ජාවලදී තම පක්ෂය මූලික කරුණු 3ක් පෙන්වා දුන් බවත්, එම කරුණු 3 නීතිපතිවරයා විසින් අධිකරණයට ලබා දුන් වාර්තාවේ හෝ කමිටු අවස්ථාවේ සිදු කිරීමට නියමිත සංශෝධනවලට හෝ ඇතුළත්ව නොමැති බවකි.
  • මෙය ජනතාව දුන් ජනවරමට බලවත් අගතියක් බවද එම පක්ෂය අවධාරණය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නැතැයි ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම්, එස්. විජයසිරි විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවමින් මේ බව සඳහන් කර තිබේ.

එම ලිපියට අනුව එම පක්ෂය පෙන්වා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ජාවලදී තම පක්ෂය මූලික කරුණු 3ක් පෙන්වා දුන් බවත්, එම කරුණු 3 නීතිපතිවරයා විසින් අධිකරණයට ලබා දුන් වාර්තාවේ හෝ කමිටු අවස්ථාවේ සිදු කිරීමට නියමිත සංශෝධනවලට හෝ ඇතුළත්ව නොමැති බවකි.

මෙය ජනතාව දුන් ජනවරමට බලවත් අගතියක් බවද එම පක්ෂය අවධාරණය කර තිබේ.

ආණ්ඩුවට පක්ෂපාති බලවේගවලින් එල්ලවෙමින් පවතින බලපෑම් හමුවේ විසිවන සංශෝධන යෝජනා තාවකාලිව හකුලා ගැනීම කෙරෙහි අගමැතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

දේශපාලන වගකීම බාර නොගන්නා බවට දැනුම්දීමක් !

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී ඇතුළත් කළ යුතු සංශෝධන පිළිබඳව, විමල් විරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණ අගමැතිවරයා වෙත යොමු කර ඇති තීරණාත්මක ලිපියේ මෙසේ සඳහන් වේ.

''යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළු කොට ඇති යම් ප්‍රතිපාදන පිළිබඳව අප පක්ෂයේ නායකත්වය සහ සෙසු පක්ෂ නායකයන් මෙන්ම පොදු මහජනතාව විසින් ඉදිරිපත් කළ විරෝධතා පිළිබඳව සංවේදී වීම පිළිබඳව පළමුවෙන්ම අප පක්ෂයේ ප්‍රණාමය ඔබතුමාට පිළිගැන්විය යුතුය. 

ඒ අනුව ඔබතුමා විසින් පත් කරන ලද කමිටුවට අප පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා පිළිබඳව යම් එකඟතාවකට පැමිණීමට උත්සාහ කිරීම ද අපගේ ඇගයීමට ලක් වේ.

නමුත් නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සහ පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කිරීමට නියමිත බවට සඳහන් කළ යෝජනාවලිය තුළ අප පක්ෂයේ නායකයා විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අඩංගු නොවන බව කනගාටුවෙන් සඳහන් කළ යුතුය.

අප පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා විසින් ඔබතුමා වෙත ඉදිරිපත් කළ සහ නීතිපතිවරයාගේ යෝජනා තුළ අඩංගු නොවූ සංශෝධන අතුරින් ප්‍රධාන ත්‍රිත්වයක් ඉතා තීරණාත්මකව වැදගත් වේ. 

''අප පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා විසින් ඔබතුමා වෙත ඉදිරිපත් කළ සහ නීතිපතිවරයාගේ යෝජනා තුළ අඩංගු නොවූ සංශෝධන අතුරින් ප්‍රධාන ත්‍රිත්වයක් ඉතා තීරණාත්මකව වැදගත් වේ. ''

ඒවා පිළිබඳව ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගී ඇති අතර එම විරෝධයන් නොසලකා කටයුතු කිරීම මගින් අපගේ ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බව ඔබතුමා ද පිළිගන්නවා ඇත.

ඉතිහාසයට මෙන්ම ජනවරමට සාධාරණය ඉටු කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වන අපගේ දැඩි විරෝධයට ලක්ව ඇති සහ නැවත සංශෝධනය කළ යුතු හෙවත් නිවැරදි කළ යුතු ප්‍රතිපාදන ත්‍රිත්වය මෙසේ නැවත අවධාරණය කරමු.

1. සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කොට ඇති රජයට බහුතර කොටස් හිමි සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනයෙන් නිදහස් කිරීම.

2. මහජනයාගේ දැනගැනීම පිණිස ගැසට් කිරීමෙන් තොරව හදිසි පනත් සම්මත කිරීම.

3. ද්විත්ව පුරවැසි බාධකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔබ්බට තානාපතිවරුන් සහ රජයේ ප්‍රධාන උසස් නිලතලවලට ද පැනවීම වෙනුවට එම බාධකය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම.

ජනවරම ආරක්ෂා කිරීම සඳහා:

ඒ අනුව ජාතික නිදහස් පෙරමුණ ලෙස අප ඔබතුමාට ඉතා ගෞරවයෙන් අවධාරණය කරනු ලබන්නේ අප ආණ්ඩුවක් ලෙස එම වැරදි නිවැරදි කළ යුතු බව ය. එය ජනවරම ආරක්ෂා කිරීම සඳහා අප විසින් ගනු ලබන දේශපාලන ස්ථාවරයකි.

ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම අප විසින් බාර නොගන්නා බව ඉතා ගෞරවයෙන් සඳහන් කරමි. 


''ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම අප විසින් බාර නොගන්නා බව ඉතා ගෞරවයෙන් සඳහන් කරමි. ''

එහෙත් ආණ්ඩුවට සහ රටට එරෙහිව පවතින සතුරු වටලෑම පිළිබඳව ගැඹුරු අවබෝධයකින් යුතුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ආණ්ඩුව ආරක්ෂා කිරීමේ දේශපාලන ස්ථාවරයක් අප විසින් ගනු ලබන බව පූර්වගාමීව මෙසේ දැනුම් දෙමු.''




Wimal Latter 04

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...