The Leader News
BREAKING
දීර්ඝකාලීන තනිකම මොළයේ මතක කලාප හැකිළීමට හේතුවෙයි●නොවැම්බර් 30 බදු අවසන් දිනය: කලබලයට පෙර ඔබේ මූල්‍ය ශක්තිය මැනගන්න●බදු ගහන්නේ කාටද: පොඩි මිනිහාටද? කෝටිපතියන්ටද?●කලාප 18ක කාර්මීකරණ සිහිනය සහ ආයෝජක විශ්වාසයේ අභියෝගය●භාණ්ඩාගාරයේ රුපියල් පිරුණත් තෙල් බිලෙන් ඩොලර් සංචිතයට තර්ජනයක්●චීන වෙළෙඳපොළ දොරටු ඇරෙයි: ලංකාවේ ව්‍යාපාරික සූදානම ප්‍රමාණවත්ද?●ග්‍රීන් ලයිෆ් ගිණුම් අත්හිටුවීමෙන් කෘෂි ව්‍යාපෘති රැසක් අර්බුදයක●සිරගෙදර දින පනහ, මැතිවරණ පොරොන්දු සහ නාමල්ගේ දේශපාලන කියවීම●වසර 30 ට පසු කාවන්තිස්ස සජිත්ට යළි දුන් දේ●මහනාහිමිවරුන්ගේ මැදිහත්වීමෙන් ඥානසාර හිමි මුදාගැනීමේ සත්‍යග්‍රහය නවතී●
Top Ad
පුවත්

රට පුරා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර පැතිරීම ගැන අනතුරු ඇඟවීම්

T

The Leader Desk

October 5, 2020 • 6:15 PM

  රට පුරා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර පැතිරීම ගැන අනතුරු ඇඟවීම් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞඛ්‍ය බලධාරීන් මෙන්ම වෘත්තිය සමිති නායකයන් ද බිය පළකර සිටිති.
  • එම පිරිසෙන් පළමුව හඳුනා ගත් කොරෝනා රෝගියාට වෛරසය වැළඳුනු ආකාරය තවමත් හෙළිදරව් නොවීම නිසා මෙය සමාජගත වීමේ අවදානම වඩාත් ඉහළ වන බව දොස්තර සමරවීර තව දුරටත් අවධාරණය කරයි.
  • ''පළමුව හඳුනා ගත් කොරෝනා රෝගියාට වෛරසය වැළඳුනු ආකාරය තවමත් හෙළිදරව් නොවීම නිසා මෙය සමාජගත වීමේ අවදානම වඩාත් ඉහළ වන බව දොස්තර සමරවීර තව දුරටත් අවධාරණය කරයි.'' “අප තවම මේ රෝගයේ ව්‍යාප්තිය ගැන දන්නේ නැහැ.
  • ඔවුන් සමග නේවාසිකාගාරවල නැවතී සිටි සෙසු පිරිස් එම ස්ථාන තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව ඔහු වැඩි දුරටත් මාධ්‍යවේදීන් සමග පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සෞඛ්‍ය බලධාරීන් මෙන්ම වෘත්තිය සමිති නායකයන් ද බිය පළකර සිටිති.

රටේ ප්‍රදේශ කිහිපයකින්ම මේ වනවිට රෝගීන් 101 දෙනකු හමුවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 
 

යාවත් කාලීන කිරීම නව කොරෝනා ආසාදිතයින්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් (Brandix)  ඇඟලුම් කම්හලෙන් "කොරෝනා පොකුරක්" වාර්තා වීමත් සමග ආයතනය තුළ මේ වන විට හඳුනා ගෙන තිබෙන ආසාදිතයන් අතුරින් වැඩි පිරිසක් නිවෙස් වල සිට දිනපතා සේවා ස්ථානයට පැමිණෙන්නන් ලෙසින් වැඩි වශයෙන් සමාජයට මුහු වූ පිරිසක් බැවින් මෙහි අවදානම වඩාත් විශාල වන බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අනතුරු අඟවන්නේ.

එම පිරිසෙන් පළමුව හඳුනා ගත් කොරෝනා රෝගියාට වෛරසය වැළඳුනු ආකාරය තවමත් හෙළිදරව් නොවීම නිසා මෙය සමාජගත වීමේ අවදානම වඩාත් ඉහළ වන බව දොස්තර සමරවීර තව දුරටත් අවධාරණය කරයි.


''පළමුව හඳුනා ගත් කොරෝනා රෝගියාට වෛරසය වැළඳුනු ආකාරය තවමත් හෙළිදරව් නොවීම නිසා මෙය සමාජගත වීමේ අවදානම වඩාත් ඉහළ වන බව දොස්තර සමරවීර තව දුරටත් අවධාරණය කරයි.''

“අප තවම මේ රෝගයේ ව්‍යාප්තිය ගැන දන්නේ නැහැ. අප තවම ඉන්නේ හඳුනා ගැනීමේ මුල් අවධියේ. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ගමන් බිමන් සීමා කරන්න.”
 
පරිපාලිකාවක් වශයෙන් සේවය කරන රෝගියාගේ දියණියටත් වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව පාසල් දරුවන්ද නිවෙස්වල නිරෝධායනය කරා යවා තිබේ. 

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ, පිට පළාත් වලින් පැමිණ නේවාසිකව සිට බ්‍රැන්ඩික්ස්  ආයතනයේ සේවය කළ තිදෙනකුත්  වෛරස් ආසාදිතයන් අතර වන බවයි.

ඔවුන් සමග නේවාසිකාගාරවල නැවතී සිටි සෙසු පිරිස් එම ස්ථාන තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව ඔහු වැඩි දුරටත් මාධ්‍යවේදීන් සමග පවසා තිබේ.
 
නේවාසිකාගාර වල නවාතැන් ගෙන සිටින ඇඟලුම් කම්හල් සේවිකාවන් එකම ආයතනයක පමණක් සේවය කරන්නියන් නොවීම නිසා වසංගතය පැතිරීමේ අවදානම තවත් ඉහල යාමේ අවදානම පිළිබඳව වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති. 
''නේවාසිකාගාර වල නවාතැන් ගෙන සිටින ඇඟලුම් කම්හල් සේවිකාවන් එකම ආයතනයක පමණක් සේවය කරන්නියන් නොවීම නිසා වසංගතය පැතිරීමේ අවදානම තවත් ඉහල යාමේ අවදානම පිළිබඳව වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති. ''
නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාර්කස් මාධ්‍යවේදීන් සමග කියා ඇත්තේ පිට පළාත් වලින් පැමිණ විවිධ කර්මාන්ත ශාලාවන්ට අයත් සේවකයන් එකම නේවාසිකගාර වල  සිටින හෙයින් වෛරසය වෙනත් කර්මාන්ත ශාලා තුළට පැතිර යාමේ අවදානමක් පවතින බවයි.
 
බ්‍රැන්ඩික්ස් පරීක්ෂණ අවසන් නෑ:

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්  ආයතනයේ සේවයේ නියුතු පහළ තනතුරුවල සේවකයන් එම ආයතනයට අදාල පිට පළාත් වල පිහිටා තිබෙන ශාඛා සමග සම්බන්ධතා පවත්වා නැතත් එහි කළමණාකාරීත්වය එවැනි සම්බන්ධතා පවත්වා ඇති බැවින් ඔවුන් ද මේ වන විට PCR පරීක්ෂණ සදහා යොමු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

සභාපති උපුල් රෝහණ වැඩි දුරටත් පවසන්නේ මේ දක්වා සිදු කර තිබෙන පරීක්ෂණ මගින් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවක් වාර්තා වී නොමැති බවයි. 

එම ආයතනයේ සේවක සංඛ්‍යාව 1480 ක් වන අතර සියලුම සේවකයන්‌ගේ PCR පරීක්ෂණ මේ දක්වා  සිදු කර අවසන් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන්  කොවිඩ් ආසාදිතයන්  වාර්තාවීමත් සමග එම  දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනයට, මැඩපැවැත්වීමට සහ ප්‍රතිකාර සේවාවක් ශක්තිමත් කිරීමට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් ඔක්තෝබර් 5 සඳුදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පවත්වා තිබුනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් සහ ඔවුන් ලඟින් ඇසුරු කළ ආශ්‍රිතයන් මෙන්ම පාසල් දරුවන් ඇතුලුව 2000 කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කටයුතු අද දින සිදු කරන ලද අතර ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටි කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩල PCR පරීක්ෂාවට ලක් කිරීමට එහිදී තිරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ  යාපනයේ කාන්තාවන් දෙදෙනකු හා ඔවුන්ගේ පවුල් වල පිරිස් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව වේලනෙයි ප්‍රදේශයෙන්  එක් ආසාදිතයකු හඳුනාගෙන ඇති බව යාපනය දිස්ත්‍රීක්කයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ටී.සත්‍යමූර්ති පළාත් බද මාධ්‍යවේදීන් හා කියා තිබේ.


''දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ  යාපනයේ කාන්තාවන් දෙදෙනකු හා ඔවුන්ගේ පවුල් වල පිරිස් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව වේලනෙයි ප්‍රදේශයෙන්  එක් ආසාදිතයකු හඳුනාගෙන ඇති බව යාපනය දිස්ත්‍රීක්කයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ටී.සත්‍යමූර්ති පළාත් බද මාධ්‍යවේදීන් හා කියා තිබේ.''

එමෙන්ම අදාල පවුල් දෙකේ පිරිස් සමීපව ආශ්‍රය කළ  පුද්ගලයන් 100 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය උපදෙස් මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් ලබා දී තිබේ.
 
මීට අමතරව බ්‍රැන්ඩික්ස් කාර්ය මණ්ඩල සාමාජිකයන් නිවාඩු ලබා නිවෙස් බලා ගොස් සිටි කුරුණෑගල කටුපොතින් එක් අයකුද, මොණරාගල මැදගමින් එක් අයකුද රෝගීන් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
 
අලුත් කොරෝනා පොකුර මතුවූ ආයතනයේ සේවය කරමින් සිට පිටතට ගොස් සිටින අයට වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර විශේෂ ආයාචනයක්ද කර සිටී.
 
“මෙම බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සම්බන්ධ එහි සේවය කළ කෙනෙකු හෝ ආගිය කෙනෙකු කොහේ හෝ සිටිනවා නම් අප ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා කොහේවත් සංචාරය නොකොට නිවෙසට වී සිටින ලෙස හා තමාගේ බ්‍රැන්ඩික්ස් ආයතනය හා තිබුණු සම්බන්ධතාවය කුමක්ද කියා සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙස.” 
 
1990 ට වහාම අමතන්න ! 

 114706037 coronagetty2                  නිරෝධායනය සඳහා රැගෙන යමින්.
 
වසංගතය පැතිරීම වැලක්වීමට ජනතාව දරන දායකත්වය ඉතා තීරණාත්මක බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂවරයා දැඩි ලෙස අවධාරණය කර සිටී.

කිසියම් පුද්ගලයෙක් වෙත උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් පැය 24 පුරාම ක්‍රියාත්මක “සුවසැරිය” 1999 සෞඛ්‍ය උපදෙස් සේවාව හා සම්බන්ධවී වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බව ට  සෞඛ්‍ය අමාත්‍යවරිය ජනතාවට  දැනුම් දී තිබේ.

එයට  අමතරව 1990 “සුවසැරිය” නොමිලේ ගිලන් රථ සේවාව ද පැය 24 පුරාම ක්‍රියාත්මක බව රජය දැනුම් දී තිබේ.

 රට පුරා ඇඳිරි නීතියක් ගැන පල වන වාර්තා සාවද්‍යයි !

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, හෙට (06) රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින සාවද්‍ය ප්‍රචාරයන්වලට නොරැවටෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. 

ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමු කරන විශේෂ නිවේදන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පල කර ජනතාව දැනුවත් කිරීම කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. 114706038 corona

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...