The Leader News
BREAKING
Top Ad
පුවත්

වැඩිහිටි උපදේශකයින් තානාපති සේවයට : ලලිත් වීරතුංග ඕස්ට්‍රේලියාවට!

T

The Leader Desk

October 9, 2020 • 3:10 AM

වැඩිහිටි උපදේශකයින් තානාපති සේවයට :  ලලිත් වීරතුංග ඕස්ට්‍රේලියාවට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය ‘සෞභාග්‍යයේ උදාව’ වැඩසටහන යටතේ, විදෙස් රාජ්‍යතාන්ත්‍රික තනතුරු සඳහා ජ්‍යෙෂ්ඨ උපදේශකයින් කිහිප දෙනෙකු
  • ඒ අනුව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත්කිරීමට ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
  • ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ලලිත් වීරතුංග මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළේය.
  • විදේශ දූත සේවාවන්හි යෙදී සිටියදී වයස හැට සම්පූර්ණ වූ රාජ්‍යතාන්ත්‍රිකයන් සියලු දෙනා යළි සියරට කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මිට ඉහත දී තීරණය කොට තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

ද තානාපතිවරුන් ලෙස පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත්කිරීමට ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ලලිත් වීරතුංග මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළේය.

විදේශ දූත සේවාවන්හි යෙදී සිටියදී වයස හැට සම්පූර්ණ වූ රාජ්‍යතාන්ත්‍රිකයන් සියලු දෙනා යළි සියරට කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මිට ඉහත දී තීරණය කොට තිබිණ.

කෙසේවුවද එම තීන්දුව මේවනවිට හකුලාගෙන ඇති ජනාධිපතිවරයා සිය පවුලේ වැඩිහිටි ඥාතීන් කිහිප දෙනෙකු ද ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ප්‍රධානින් ලෙස පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු අගවිනිසුරු සරන් එන් සිල්වාගෙන් මීට ඉහත දී කරන ලද ඉල්ලීමක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබූ බව ද වාර්තා වේ.

සබැඳි පුවත්

යළි කැඳවන හැට පිරුණු රාජ්‍යතාන්ත්‍රිකයන් වෙනුවට 'අසූ වියැති තරුණයින්' තානාපති සේවයට 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...