20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය තම කාර්යාලයට ලැබී ඇතැයි කථනායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

ඒ අනුව එළැඹෙන විසිවෙන දා එම තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කැබිනට් අනුමැතිය හිමිවූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය සැප්තැම්බර් 22 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39 ක් විවිධ පාර්ශව විසින් ගොනු කළේය.

ඊට අදාළ පෙත්සම් විභාගය පසුගිය 5 වන දින අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට ලබාදෙන බව ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව අදාළ තීන්දුව මේ වන විට තමන් වෙත ලැබී ඇති අතර මීලඟ පාර්ලිමේන්තු සභාවාරය වන ඔක්තෝබර් 20 වන දින පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන 'අද දෙරණ'ට 
පවසා ඇත. 
නොනිල ලියවිල්ලක් අන්තර්ජාලයේ !

මේ අතර විස්සට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බව සඳහන් ලියකියවිල්ලක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. 

එහෙත් එය නිල ලියවිල්ලක් ලෙසට මෙතෙක් බලධාරීන් කිසිවකු හෝ පිළිගෙන නොමැත. 

කෙසේවුවද එහි සඳහන් ආකාරයට, යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 3, 6, 7, 14, 15, 16, 17(4), 20(3), 27, 28, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39 සහ 40 යන වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බවත්, ඒ සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව අනුව පැවැත්විය යුතු ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්‍ සඳහන්ය.

එහෙත් යෝජිත සංශෝධනයේ 3, 5, 14, 22 වගන්ති දැන් පවතින ස්වරූපයට අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3 වන ව්‍යවස්ථාව සමග නොගැලපෙන බවත්, එබැවින් 83 වන ව්‍යවස්ථාවට අනුව පැවැත්වෙන ජනමත විචාරණයක් අවශ්‍ය බවද ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇතැයි පැවසේ.

එහෙත්, 3 වන සහ 14 වන වගන්ති වල ඇති එකී නොගැලපීම කාරක සභා අවස්ථාවේ සිදු කිරීමට යෝජිත සංශෝධන මගින් ඉවත් වන බවත්, එහි ප්‍රතිපලය ලෙස ඒ අනුව ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වී තිබේ.

එසේම යෝජිත සංශෝධනයේ 5 වන වගන්තියේ ඇති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සමග නොගැලපීම ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනයේ විස්තර කර දක්වා ඇති ආකාරයට සංශෝධනය කළහොත්, එහි ප්‍රතිපලය ලෙස එම වගන්තිය සඳහා ද ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වී ඇති බවද වාර්තා වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලියවිල්ල මෙන්න 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්