මයික් පොම්පියෝ, පසුගිය වසරේ දිවයිනට පැමිණීමට නියමිතව තිබුණු නමුත් පසුව එම සංචාරය කල් තබන ලදී.
2015 වසරේ දී ජෝන් කෙරී පැමිණීමෙන් පසුව, ලංකාවට පැමිණෙන එක්සත් ජනපද යේ ඉහළම රාජ්‍ය නිළධාරියා වන්නේ මයික් පොම්පියෝ ය.
ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස මුල පැවැත්වීමට නියමිතව තිබිය දී මයික් පොම්පියෝ මෙසේ කඩිමුඩියේ ශ්‍රී ලංකාවට පැමිණීම විදෙස් රාජ්‍යතන්ත්‍රීකයින්ගේ පවා විමතියට හේතුවී ඇත.
තානාපති ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මෙසේ කඩිමුඩියේ පැමිණෙන්නේ, ශ්‍රී ලංකාවේ චීන සම්බන්ධතා තුල ඉන්දු -පැසිපික් කලාපයේ මෙන්ම ඇමරිකාවේ ආරක්ෂාවට ද බලවත් තර්ජනයක් ඇතිබව ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දීම සඳහාය.
''තානාපති ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මෙසේ කඩිමුඩියේ පැමිණෙන්නේ, ශ්‍රී ලංකාවේ චීන සම්බන්ධතා තුල ඉන්දු -පැසිපික් කලාපයේ මෙන්ම ඇමරිකාවේ ආරක්ෂාවට ද බලවත් තර්ජනයක් ඇතිබව ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දීම සඳහාය.''
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂ යං ජියෙෂි (Yang Jiechi) ප්‍රමුඛ සත් පුද්ගල දූත පිරිස පෙරේදා (09) ශ්‍රී ලංකාවට පැමිණීම ඇමරිකාවේ හා ඉන්දියාවේ විශේෂ අවධානයට යොමුව තිබේ.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගේ මෙම සංචාරයේ දී, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් ලංකාවට ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් 450 ක ප්‍රධානය පිළිබදව ද ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බව පෙරේදා (09) දිවයිනට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහතික වි තිබිණ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතින බවයි.
චීන දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේ දී පවසා ඇත්තේ දෙරට අතර මිත්‍රත්වය පවත්වා ගැනීමත්, වර්ධනය කර ගැනීමත් චීන ජනාධිපති ෂී ජිං පින් ගේ ප්‍රමුඛතාවක් බවයි.
ශ්‍රී ලංකා -චීන ගනුදෙනු ගැන ඇමරිකාව කනස්සල්ලෙන් : රාජ්‍ය ලේකම් පොම්පියෝ දිවයිනට
T
The Leader Desk
October 11, 2020 • 6:58 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මයික් පොම්පියෝ, පසුගිය වසරේ දිවයිනට පැමිණීමට නියමිතව තිබුණු නමුත් පසුව එම සංචාරය කල් තබන ලදී.
- එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගේ මෙම සංචාරයේ දී, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් ලංකාවට ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් 450 ක ප්‍රධානය පිළිබදව ද ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
- චීන දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේ දී පවසා ඇත්තේ දෙරට අතර මිත්‍රත්වය පවත්වා ගැනීමත්, වර්ධනය කර ගැනීමත් චීන ජනාධිපති ෂී ජිං පින් ගේ ප්‍රමුඛතාවක් බවයි.
- එමෙන්ම චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බව ද චීන දූත පිරිසේ ප්‍රධානියා සහතික වී තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):
එමෙන්ම චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බව ද චීන දූත පිරිසේ ප්‍රධානියා සහතික වී තිබිණ.
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


