The Leader News
BREAKING
Top Ad
පුවත්

උසාවියට කී ඒවා හැර වෙන සංශෝධන බෑ - අලි සබ්රි කියයි: විමල්ලා පසුබසින ලකුණු!

T

The Leader Desk

October 16, 2020 • 4:01 AM

උසාවියට කී ඒවා හැර වෙන සංශෝධන බෑ - අලි සබ්රි කියයි: විමල්ලා පසුබසින ලකුණු!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසිවන සංශෝධනයට ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කළ යෝජනා
  • අනිද්දා පුවත්පතේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් සම්පාදිත එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.
  •  ඔක්තෝම්බර් 12 සවස් වරුවේ පවත්වා ඇති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 20 වැනි සංශෝධනයේ ඇතැම් වගන්තිවලට ජනමත විචාරණයක් අවශ්‍ය බව දන්වා ඇති බවත්, ඒවා කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන බවත් ය.
  •  කෙසේ වෙතත් විසිවන සංශෝධනයට තම පක්ෂ වලින් ඉදිරිපත්පත් කළ සංශෝධන වලට අනුමැතිය නොලැබුනත්,  එම සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දෙන බවත්, තමන්ට ආණ්ඩුවෙන් ඉවත් වීමේ උවමනාවක් නොමැති නිසා අකමැත්තෙන් වුවද එයට සහයෝගය දෙන බවත් ඔවුහු පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

එම සංශෝධනට එකතු නොකරන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී සහ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අධිකරණ අමාත්‍ය අලි සබ්රි කියා ඇතැයි 'අනිද්දා' ජාතික පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර තිබේ.

අනිද්දා පුවත්පතේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් සම්පාදිත එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

නීතිපතිවරයාගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සංශෝධන කිහිපය පමණක් 20 වන සංශෝධනයට එකතු කරන බවත්, වෙනත් කිසිදු සංශෝධනයක් එකතු නොකරන බවත් ඔක්තෝම්බර් 12 වැනි දා උදේ වරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුවරුන්ගේ රැස්වීමේ දී අධිකරණ අමාත්‍ය අමාත්‍යවරයා කියා ඇත.

 ඔක්තෝම්බර් 12 සවස් වරුවේ පවත්වා ඇති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 20 වැනි සංශෝධනයේ ඇතැම් වගන්තිවලට ජනමත විචාරණයක් අවශ්‍ය බව දන්වා ඇති බවත්, ඒවා කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන බවත් ය.

පවතින ආකාරයට විසිවෙනි සංශෝධනය සම්මත කිරීමට ඡන්දය ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝම්බර් 12 වැනි දා පැවති සාකච්ඡාවේදී දැඩිව අවධාරනය කළ බව 'අනිද්දා' සමඟ අදහස් දැක්වූ පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතව සිටින ප්‍රබල පක්ෂ නායකයෙකු, අමාත්‍යවරයෙකු ඇතුළු වූ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම පැවසූහ.

 කෙසේ වෙතත් විසිවන සංශෝධනයට තම පක්ෂ වලින් ඉදිරිපත්පත් කළ සංශෝධන වලට අනුමැතිය නොලැබුනත්,  එම සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දෙන බවත්, තමන්ට ආණ්ඩුවෙන් ඉවත් වීමේ උවමනාවක් නොමැති නිසා අකමැත්තෙන් වුවද එයට සහයෝගය දෙන බවත් ඔවුහු පැවසූහ.

 ''කෙසේ වෙතත් විසිවන සංශෝධනයට තම පක්ෂ වලින් ඉදිරිපත්පත් කළ සංශෝධන වලට අනුමැතිය නොලැබුනත්,  එම සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දෙන බවත්, තමන්ට ආණ්ඩුවෙන් ඉවත් වීමේ උවමනාවක් නොමැති නිසා අකමැත්තෙන් වුවද එයට සහයෝගය දෙන බවත් ඔවුහු පැවසූහ.''

 විසිවන සංශෝධනයෙන් යෝජනා කර ඇති ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වීමට අවසර ලබාදීම, විගණන සේවා කොමිසම අහෝසි කිරීම ඇතුළු කරුණු ගණනාවක් වෙනස් කරන ලෙස ආණ්ඩුවේ සාමාජික පක්ෂවල සාමාජිකයන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.

අමාත්‍ය විමල් වීරවංශ ඉදිරිපත් කළ යෝජනාවල රජයේ නිලධාරීන්ගේ තනතුරු වලට ද ද්විත්ව පුරවැසියන්ට පත් කළ නොහැකි ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස සඳහන් කර තිබිණි.

වාසුදේව නානායක්කාර සහ විජේදාස රාජපක්ෂ මහත්වරුන් ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවටට කියන තනතුරක් ලෙස පවත්වාගෙන යන්නැයි ඉල්ලා තිබුණි.

20 වන සංශෝධනය පිලිබඳ පාර්ලිමේන්තු විවාදය පවත්වන ආකාරය තීන්දු කිරීම සඳහා සාකච්ඡාවක් අද (ඔක්තෝබර් 16 වැනිදා ) පැවැත්වීමට නියමිතය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...