The Leader News
BREAKING
Top Ad
පුවත්

අගමැතිගේ බලතල කප්පාදු කරන විස්සක් එපා! - නාහිමිවරුන් පිරිසක් ජනපතිට ලියති

T

The Leader Desk

October 17, 2020 • 3:26 AM

අගමැතිගේ බලතල කප්පාදු කරන විස්සක් එපා! -  නාහිමිවරුන් පිරිසක් ජනපතිට ලියති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට තුල ආන්දෝලනයට ලක්ව තිබෙන 20 වැනි සංශෝධනය ඉදිරිපත් කර තිබෙන
  • අදාල ලිපිය යොමු කර ඇත්තේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද, පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉදුරාගාරයේ ධම්මරතන, පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන සහ පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති යන නායක ස්වාමීන් වහන්සේලා විසිනි.
  • ප්‍රජාතාන්ත්‍රවාදී යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක වන ශක්තිමත් රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ ව්‍යවස්ථාවක් ජනතාවගේ සැබෑ බලාපොරොත්තුව බවත්, එහෙත් 20 බිහිවන්නේ අත්තනෝමතික් විධායකයක් බවත් උන්වහන්සේ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් පෙන්වා දී ඇත.
  • ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ අගමැතිගේ බලය හා ස්වරත්වය හීන කරවන 20 මගින් අමාත්‍යවරුන්ව හා අමාත්‍ය බලතල තම අභිමතිය අනුව ඕනෑම වෙලාවක වෙනස් කිරිමට ජනාධිපතිටබලය ලැබීම උන්වහන්සේලාගේ කනස්සල්ලට හේතුවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ආකාරයෙන් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් නැවත සිතා බලන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා හා නව ආණ්ඩුව බලයට ගෙනඒමට පෙරමුණ ගත් ප්‍රකට භික්ෂුන් වහන්සේලා කිහිප නමක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යොමු කර ඇත.

අදාල ලිපිය යොමු කර ඇත්තේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද, පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉදුරාගාරයේ ධම්මරතන, පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන සහ පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති යන නායක ස්වාමීන් වහන්සේලා විසිනි.

ප්‍රජාතාන්ත්‍රවාදී යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක වන ශක්තිමත් රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ ව්‍යවස්ථාවක් ජනතාවගේ සැබෑ බලාපොරොත්තුව බවත්, එහෙත් 20 බිහිවන්නේ අත්තනෝමතික් විධායකයක් බවත් උන්වහන්සේ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් පෙන්වා දී ඇත.

ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ අගමැතිගේ බලය හා ස්වරත්වය හීන කරවන 20 මගින් අමාත්‍යවරුන්ව හා අමාත්‍ය බලතල තම අභිමතිය අනුව ඕනෑම වෙලාවක වෙනස් කිරිමට ජනාධිපතිටබලය ලැබීම උන්වහන්සේලාගේ කනස්සල්ලට හේතුවී ඇත.

''ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ අගමැතිගේ බලය හා ස්වරත්වය හීන කරවන 20 මගින් අමාත්‍යවරුන්ව හා අමාත්‍ය බලතල තම අභිමතිය අනුව ඕනෑම වෙලාවක වෙනස් කිරිමට ජනාධිපතිටබලය ලැබීම උන්වහන්සේලාගේ කනස්සල්ලට හේතුවී ඇත.''

 

යෝජනා 07ක් සංශෝධනය කරන ලෙස ඉල්ලති :

20 වැනි සංශෝධනය සම්මත කිරීමට කටයුතු කරන්නේ නම් අවම වශයෙන් ආන්දොලනයට තුඩු දී ඇති යෝජනා 07ක් සංශෝධනය කරන ලෙස එම භික්ෂූන් වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

එම කරුණු 07 මෙසේය.

1 - හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම සඳහා ප්‍රතිපාදන හඳුන්වා දීම.

2- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන උපලේඛණයේ සඳහන් දේශය තුල වෙනම රාජ්‍යයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබා දිය යුතු  ව්‍යවස්ථාවේ 53 වගන්තියෙන් ඉවත් කිරීම.

3 -පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස පත් වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ බාධකය ඉවත් කිරීම.

4 -විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය හා රජය විසින් සියයට 50ක් කොටස් දරන සමාගම් ඉවත් කිරීම.

5 -ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරිමේ අභිමතානුසාරි බලයක් ජනාධිපති වෙත ලබා දීම.

6-  කැබිනට් ඇමතිවරුන් ගණන 30කට සීමා කිරීමේ වගන්ති ඉවත් කිරීම.

7- මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන උල්ලංඝණය කරන තැනැත්තන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව ඉවත් කිරීමට ඉදිරිපත් කර ඇති යොජනාව ද සංශෝදනය කරන ලෙස එම භික්ෂූ වහන්සේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ දක්වා ඇත.

 

රටත් ජාතියත් පාවා දීමේ කුමන්ත්‍රණයක් !

''20 සකසා තිබෙන්නේ ජනාධිපතිගේ ජයග්‍රහණය පසුපස සිටි ජාතික බලවේග හා ජනතා අපේක්ෂාවන් සම්පූර්ණයෙන් ම නොසලකා හරිමිනි.''

20 සකසා තිබෙන්නේ ජනාධිපතිගේ ජයග්‍රහණය පසුපස සිටි ජාතික බලවේග හා ජනතා අපේක්ෂාවන් සම්පූර්ණයෙන් ම නොසලකා හරිමින්  බව සිය ලිපිය මගින් අවධාරණය කර ඇති උන්වහන්සේලා, ව්‍යවස්ථා කෙටුම්පක් සකස් කිරීම සම්බන්ධ අවම දැනුමක් වත් නොමැත්තෙකු ගේ කතෘත්වයක් පෙන්වන මෙම කෙටුම්පත දැනටමත් ජනතාවගේ අප්‍රසාදයට ලක් ව තිබෙන බව කියා සිටිති.

''එය දේශපාලන මෙන් ම සමාජමය අර්බූදයක ඇරඹුමකි. ඔබතුමාත්, ආණ්ඩුවත් කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුදු කිරීමේ කුට අරමුණින් යුතුව රටත් ජාතියත් පාවා දීමට ක්‍රියා කරන කුමන්ත්‍රණකරුවන් ගේ අදිසි හස්තයක් මෙම ක්‍රියාදාමය පිටුපස තිබේ දැයි ද සැක මතු වේ.'' යයි උන්වහන්සේලා වැඩිදුරටත් කියා සිටිති.

විමසීම් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි 0773 877898 – 0112 691865

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...