The Leader News
BREAKING
එක්ස්ප්‍රස් පර්ල් වන්දි තීන්දුව ක්‍රියාත්මක කිරීමේදී මතුවූ අලුත් අර්බුදය●උතුරු ආයෝජන පිමි: පරන්තන් සහ KKS හමුවේ නිලධාරිවාදී අභියෝගයක්●ඥානසාර හිමි නිදහස් කරගැනීමේ පාගමනක් මහනුවරින් කොළඹට●පාදුක්ක දුම්රිය ස්ථානය ජාතික ඇගයීමට ලක්වෙයි●අසූතුනේ ‘කළු ජූලිය’ හාරාඅවුස්සන්න පාර්ලිමේන්තු කාරක සභාවක්●යටගැසූ ප්‍රභූ නඩු 50ක් කරලියට : පළිගැනීමක්ද? නීතියේ ආධිපත්‍යයද?●ට්‍රම්ප් ඉරාන ප්‍රහාර අත්හිටුවයි: තෙල් වෙළඳපොළට සුළි සුළං තර්ජන●සරසවි අර්බුදය යළි කරළියට: ආචාර්යවරුන්ගෙන් දැඩි තීන්දුවක්●BMICH පොත් ප්‍රදර්ශනය: නව ලිබරල් ධනවාදී ඉල්ලුම සහ සැපයුම●2026 සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ඈන් කාසන් වෙත…●
Top Ad
පුවත්

ආණ්ඩුවේ ඉන්දු, චීන සාකච්ඡා වලට පසු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොළඹ එයි

T

The Leader Desk

October 22, 2020 • 10:49 AM

 ආණ්ඩුවේ ඉන්දු, චීන සාකච්ඡා වලට පසු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොළඹ එයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දු ශාන්තිකර කලාපයේ ඇමරිකානු පැවැත්ම සහතික කරගැනීම කේන්ද්‍රීය අරමුණ කොටගත් ආසියානු සංචාරයකදී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවටද පැමිණෙන බව දැනුම් දී තිබේ.
  • මෙම ඉහල මට්ටමේ නිල සංචාරය ප්‍රකාශයට පත් කෙරුනේ නරේන්ද්‍ර මෝඩි සහ මහින්ද රාජපක්ෂ ඉන්දු ලංකා අගමැති දෙපල අන්තර්ජාල සමුළුවක් පැවැත්වීමෙන් අනතුරුව චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සභික හා විදේශ කටයුතු කොමිසමේ ප්‍රධානී යැං ජියෙෂි ශ්‍රී ලංකාවේ හදිසි නිල සංචාරයක යෙදීමත් සමගමය.
  • “ශක්තිමත්, ස්වෛරී” ශ්‍රී ලංකාවක් රාජ්‍ය ලේකම් සංචාරයේ ප්‍රමුඛ අරමුණ වී ඇත්තේ කලාපීය ආරක්ෂක සැලසුම් වල එක්සත් ජනපද භූමිකාව තහවුරු කිරීම බව රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇති නිවේදනයකින් පෙනීයයි.
  • ශ්‍රී ලංකාව “ශක්තිමත්, ස්වෛරී” රාජ්‍යයක් ලෙස එහිදී අවධාරණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දු ශාන්තිකර කලාපයේ ඇමරිකානු පැවැත්ම සහතික කරගැනීම කේන්ද්‍රීය අරමුණ කොටගත් ආසියානු සංචාරයකදී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවටද පැමිණෙන බව දැනුම් දී තිබේ.  

“අපේ මිතුරන් සහ සහකරුවන් සමග පලදායී සාකච්ඡා පැවැත්වීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව බලා කෙරෙන සංචාරයත්, ආචාර්ය මාර්ක් ටී එස්පර් හා එක්ව අපේ ඉන්දීය සම පදවි ධාරීන් සමග කෙරෙන අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවත් ගැන මහත් අපේක්ෂාවෙන් යුතුව සිටිමි,” යි රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නිකුත් කළ නිල ට්විටර් පණිවිඩයක දැක්වේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයකු අවසන් වතාවට ශ්‍රී ලංකාවට පැමිණියේ 2015 දී සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පත්වීමත් සමග 2015 අගෝස්තුවේය.

මෙම ඉහල මට්ටමේ නිල සංචාරය ප්‍රකාශයට පත් කෙරුනේ නරේන්ද්‍ර මෝඩි සහ මහින්ද රාජපක්ෂ ඉන්දු ලංකා අගමැති දෙපල අන්තර්ජාල සමුළුවක් පැවැත්වීමෙන් අනතුරුව චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සභික හා විදේශ කටයුතු කොමිසමේ ප්‍රධානී යැං ජියෙෂි ශ්‍රී ලංකාවේ හදිසි නිල සංචාරයක යෙදීමත් සමගමය.

මෙම ඉහල මට්ටමේ නිල සංචාරය ප්‍රකාශයට පත් කෙරුනේ නරේන්ද්‍ර මෝඩි සහ මහින්ද රාජපක්ෂ ඉන්දු ලංකා අගමැති දෙපල අන්තර්ජාල සමුළුවක් පැවැත්වීමෙන් අනතුරුව චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සභික හා විදේශ කටයුතු කොමිසමේ ප්‍රධානී යැං ජියෙෂි ශ්‍රී ලංකාවේ හදිසි නිල සංචාරයක යෙදීමත් සමගමය.


මාර්ක් ටී එස්පර් යනු එක්සත් ජනපද ආරක්ෂක ලේකම් වරයාය. ඔහු ඉන්දු-ශාන්තිකර සාගර කලාපය එක්සත් ජනපදය වෙනුවෙන් නිදහසේ විවෘත කිරීම ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා පසුගිය අගෝස්තුවේදී දුරකතනයෙන් සාකච්ඡා කර තිබුණි.

“ශක්තිමත්, ස්වෛරී” ශ්‍රී ලංකාවක්

රාජ්‍ය ලේකම් සංචාරයේ ප්‍රමුඛ අරමුණ වී ඇත්තේ කලාපීය ආරක්ෂක සැලසුම් වල එක්සත් ජනපද භූමිකාව තහවුරු කිරීම බව රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇති නිවේදනයකින් පෙනීයයි.

ශ්‍රී ලංකාව “ශක්තිමත්, ස්වෛරී” රාජ්‍යයක් ලෙස එහිදී අවධාරණය කර ඇත.
රාජ්‍ය ලේකම් සංචාරයේ ප්‍රමුඛ අරමුණ වී ඇත්තේ කලාපීය ආරක්ෂක සැලසුම් වල එක්සත් ජනපද භූමිකාව තහවුරු කිරීම බව රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇති නිවේදනයකින් පෙනීයයි.


“ශක්තිමත්, ස්වෛරී ශ්‍රී ලංකාවක් සමග හවුල්කාරිත්වයක් සඳහා එක්සත් ජනපදයේ ඇති කැපවීම අවධාරණය කිරීමටත්, නිදහස් සහ විවෘත ඉන්දු-ශාන්තිකර කලාපයක් සඳහා වන අපේ පොදු ඉලක්කය ප්‍රවර්ධනය කිරීම සඳහාත් පොම්පියෝ ලේකම්වරයා කොළඹට යනු ඇත,” යි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මෝර්ගන් ඔර්ටේගුස් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එක්සත් ජනපද නිවේදනයේ සඳහන් වන පරිදි රාජ්‍ය ලේකම්ගේ ඉන්දීය සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ තුන්වැනි වරටත් පවත්වන වාර්ෂික ඉන්දු ඇමරිකා අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවට සහභාගී වීමයි.

“විස්තීර්ණ එක්සත් ජනපද-ඉන්දීය ගෝලීය උපායික හවුල්කාරිත්වය පෙරට ගෙන යාම සහ ඉන්දු ශාන්තිකර කලාපයේත් ලෝකයේත් ස්ථාවර භාවය හා සෞභාග්‍යය නගා සිටුවීමත්” ද්විපාර්ශවීය සාකච්ඡා වල පදනම වනු ඇත.

මාලදිවයිනේ සහ ඉන්දුනීසියාවේදී විවෘත ඉන්දු-ශාන්තිකර කලාපයක්, කලාපීය සාගරික ආරක්ෂාව සහ නිදහස්, විවෘත ඉන්දු-ශාන්තිකර කලාපයක් පිලිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජනපදය කියා සිටී.

ඉන්දීය අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවට බෞද්ධ කටයුතු සඳහා ඩොලර් මිලියන 1.5 ක ප්‍රදානයක් ලැබුණු අතර, චීන නියෝජිත පිරිස නික්ම ගියේ ඩොලර් මිලියන 900ක ආධාරයක් පොරොන්දු වෙමිනි.


MCC ගිවිසුම ගැන සාකච්ඡාවට:

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480 ක මුල්‍යාධාරයක් සහතික කෙරෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් කිරීම සහ ඇමරිකානු සෙබළුන්ට හා ආරක්ෂක නිලධාරීන්ට රට තුල නිදහසේ ඔබ මොබ යාමට ඉඩ සලසන හමුදා තත්ව ගිවිසුම (SOFA) ද එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ කොළඹ ගමනේදී සාකච්ඡාවට ගැනෙනු ඇති බවට විශ්වාස කෙරේ. 
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480 ක මුල්‍යාධාරයක් සහතික කෙරෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් කිරීම සහ ඇමරිකානු සෙබළුන්ට හා ආරක්ෂක නිලධාරීන්ට රට තුල නිදහසේ ඔබ මොබ යාමට ඉඩ සලසන හමුදා තත්ව ගිවිසුම (SOFA) ද එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ කොළඹ ගමනේදී සාකච්ඡාවට ගැනෙනු ඇති බවට විශ්වාස කෙරේ.

රාජ්‍ය ලේකම් පොම්පියෝගේ ආසියානු සංචාරයේ දින වකවානු හෙළි කර නැත.

චීන දූත මණ්ඩලයට සේම එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන්ටත් නිරෝධායන නීති වලංගු නොවනු ඇතැයි අපේක්ෂිතය.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුවේ ඉන්දු, චීන සාකච්ඡා වලට පසු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොළඹ එයි | The Leader