The Leader News
BREAKING
එක්ස්ප්‍රස් පර්ල් වන්දි තීන්දුව ක්‍රියාත්මක කිරීමේදී මතුවූ අලුත් අර්බුදය●උතුරු ආයෝජන පිමි: පරන්තන් සහ KKS හමුවේ නිලධාරිවාදී අභියෝගයක්●ඥානසාර හිමි නිදහස් කරගැනීමේ පාගමනක් මහනුවරින් කොළඹට●පාදුක්ක දුම්රිය ස්ථානය ජාතික ඇගයීමට ලක්වෙයි●අසූතුනේ ‘කළු ජූලිය’ හාරාඅවුස්සන්න පාර්ලිමේන්තු කාරක සභාවක්●යටගැසූ ප්‍රභූ නඩු 50ක් කරලියට : පළිගැනීමක්ද? නීතියේ ආධිපත්‍යයද?●ට්‍රම්ප් ඉරාන ප්‍රහාර අත්හිටුවයි: තෙල් වෙළඳපොළට සුළි සුළං තර්ජන●සරසවි අර්බුදය යළි කරළියට: ආචාර්යවරුන්ගෙන් දැඩි තීන්දුවක්●BMICH පොත් ප්‍රදර්ශනය: නව ලිබරල් ධනවාදී ඉල්ලුම සහ සැපයුම●2026 සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ඈන් කාසන් වෙත…●
Top Ad
පුවත්

චීන හාදකම්වලට විරෝධය පෑමට එක්සත් ජනපද ලොක්කෙක් කොළඹ එයි

T

The Leader Desk

October 24, 2020 • 6:45 AM

චීන හාදකම්වලට විරෝධය පෑමට එක්සත් ජනපද ලොක්කෙක් කොළඹ එයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ආර්ථික සබඳතා සම්බන්ධයෙන් “දුෂ්කර මුත්, අවශ්‍යයෙන්ම කළයුතු තෝරාගැනීම්” කිරීමට බලපෑම් කරනු ඇතැයි දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයා හෙළි කර තිබේ.
  • දෙවැනි රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමත් සමග වේගයෙන් වර්ධනය වන චීන-ලංකා ආර්ථික සබඳතා සම්බන්ධයෙන් කළ සඳහනක් බව පෙනීයන එම ප්‍රකාශය සමගම මානව හිමිකම් වලට ගරු කරන මෙන්ද රාජ්‍ය ලේකම් වරයා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනු ඇති බව ප්‍රකාශයට පත්වී ඇත.
  • දිල්ලියේ නිල හමුවකින් අනතුරුව ලබන බදාදා කොළඹට පැමිණෙනු ඇතැයි අපේක්ෂිත රාජ්‍ය ලේකම් ගේ සංචාරයට පෙරාතුව එක්සත් ජනපද ගුවන් හමුදාවේ භටයන් ද රැගත් ග්ලෝබ්මාස්ටර් III යුද ප්‍රවාහක යානාවක් සිකුරාදා රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබා තිබේ.
  • මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ ලෙස ප්‍රකාශ වී ඇත්තේ, චීනයට විරුද්ධව කලාපයේ බලය ඒකරාශී කිරීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙරට ආර්ථික සබඳතා සම්බන්ධයෙන් “දුෂ්කර මුත්, අවශ්‍යයෙන්ම කළයුතු තෝරාගැනීම්” කිරීමට බලපෑම් කරනු ඇතැයි දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයා හෙළි කර තිබේ.

දෙවැනි රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමත් සමග වේගයෙන් වර්ධනය වන චීන-ලංකා ආර්ථික සබඳතා සම්බන්ධයෙන් කළ සඳහනක් බව පෙනීයන එම ප්‍රකාශය සමගම මානව හිමිකම් වලට ගරු කරන මෙන්ද රාජ්‍ය ලේකම් වරයා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනු ඇති බව ප්‍රකාශයට පත්වී ඇත.  

දිල්ලියේ නිල හමුවකින් අනතුරුව ලබන බදාදා කොළඹට පැමිණෙනු ඇතැයි අපේක්ෂිත රාජ්‍ය ලේකම් ගේ සංචාරයට පෙරාතුව එක්සත් ජනපද ගුවන් හමුදාවේ භටයන් ද රැගත් ග්ලෝබ්මාස්ටර් III යුද ප්‍රවාහක යානාවක් සිකුරාදා රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබා තිබේ.

US lanka

“වෙනස්කම් පාන සහ පාරාන්ධ ක්‍රියාකාරකම් වෙනුවට පාරදෘෂ්‍ය හා තිරසාර ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් වෙනුවෙන් අප ඉදිරිපත් කරන යෝජනා නැවත සලකා බලන ලෙස අපි ශ්‍රී ලංකාව උනන්දු කරවන්නෙමු,” යි දකුණු හා මධ්‍යම ආසියානු කලාපය බාර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ඩීන් තොම්සන් මෙම 22 බ්‍රහස්පතින්දා වොෂින්ටනයේ දී මාධ්‍ය වේදීන් අමතා ප්‍රකාශ කර තිබේ.

“අපි ශ්‍රී ලංකාවට තදින්ම කියා සිටින්නේ දිගු කාලීන සෞභාග්‍යය සඳහා අත්කරගතයුතු ආර්ථික ස්වාධීනත්වය සුරක්ෂිත කර ගැනීම සඳහා දුෂ්කර එහෙත් අත්‍යාවශ්‍ය තීන්දු ගන්නා ලෙසයි.”

“අපි ශ්‍රී ලංකාවට තදින්ම කියා සිටින්නේ දිගු කාලීන සෞභාග්‍යය සඳහා අත්කරගතයුතු ආර්ථික ස්වාධීනත්වය සුරක්ෂිත කර ගැනීම සඳහා දුෂ්කර එහෙත් අත්‍යාවශ්‍ය තීන්දු ගන්නා ලෙසයි.” -දකුණු හා මධ්‍යම ආසියානු කලාපය බාර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ඩීන් තොම්සන්

අමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රීලංකාවට පැමිණෙන්නේ නිරෝධායන නීති ද පසෙක ලමින් මුල් පෙලේ චීන දූත මණ්ඩලයක් ශ්‍රී ලංකාවට පැමිණ ඩොලර් කෝටි නමයක ආධාරයක් දීමෙන් දෙසතියක් ගතවීමත් සමගය.

“ශ්‍රී ලංකාව සමග අපේ සබඳතාවය විවිධ යුග ඔස්සේ දිගුකාලයක් ගමන් කර තිබෙන අතර දැන් එළැඹ ඇත්තේ තමන් ගමන් කරන්නේ කොයි දිසාවටදැයි තෝරාගත යුතු තැනටයි,” යැයි ශ්‍රී ලංකාව චීනය සමඟ වැඩෙන සම්බන්ධතාවය පිළිබඳව එහි දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, සහකාර ලේකම් ඩීන් තොම්සන් පවසා ඇත.

“ශ්‍රී ලංකාවේ දිගු කාලීන ස්ථාවරභාවය හා සෞභාග්‍යය ප්‍රවර්ධනය කරමින් එරට විවිධාකාර ප්‍රජාවන්ගේ අභිමානය හා සමානතාව සහතික කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය, මානව හිමිකම්, සංහිඳියාව, ආගමික නිදහස, සහ යුක්තිය නගා සිටුවන මෙන් අපි නොනවත්වාම ශ්‍රී ලංකාවට බලකර සිටින්නෙමු”

cb8bc9f6f4c74ff0a2595f9c6fcdabc9 18පොම්පියෝ ගේ සංචාරයේ ප්‍රධාන අරමුණ ලෙස ප්‍රකාශ වී ඇත්තේ, චීනයට විරුද්ධව කලාපයේ බලය ඒකරාශී කිරීමයි.

පොම්පියෝ ගේ මෙවර ආසියානු සංචාරයේ දී හෙතෙමේ ඉංදියාවේ, මාලදිවයිනේ හා ඉංදුනීසියාවේද රාජ්‍ය නායකයන් හමුවීමට නියමිත ය.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ ලෙස ප්‍රකාශ වී ඇත්තේ, චීනයට විරුද්ධව කලාපයේ බලය ඒකරාශී කිරීමයි.

එමෙන්ම මේ චාරිකාව සිදුවන්නේ දෙවැනි ජනාධිපති ධුර කාලය සඳහා  තව සතියක් ඇතුලත, එනම් නොවැම්බර් 3 දා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණ දී සිටිය දී ය.

 හෙතෙමේ තම මැතිවරණ ව්‍යාපාරයේ හරි මැද තබා ප්‍රදර්ශණය කරන්නේ චීනය පිලිබද තම දරදඩු පිලිවෙතයි.

 

චීන ප්‍රතිචාරය

Shaoචීනයට එරෙහිව පරුෂ වාග්ප්‍රහාරයන් පවත්වාගෙන යන පොම්පියෝ ඇතුළු එක්සත් ජනපද රාජ්‍ය නිලධාරීන් ලොව පුරා ගලා යන චීන ආයෝජන “රාජ්‍යතාන්ත්‍රික ණය උගුලක්” ලෙස හෙලා දකිමින් එය දැරිය නොහැකි ණය කන්දරාවක අන්ත දුගී ජාතීන්ගේ කර මත පැටවීමක් බවට චෝදනා කරයි.

ආසියානු කලාපයේ එක්සත් ජනපද නිලධාරියාගේ ප්‍රකාශය “සීතල යුද්ධ මනෝභාවය”ක් පෙන්නුම් කරන බවට චීන විදෙස් අමාත්‍යාංශය විසින් බැහැර කරනු ලැබ තිබේ.

රටවල් අතර සාමාන්‍ය සම්බන්ධතා වලට බාධා කිරීමට බලහත්කාරය යොදා ගැනීම පල දෙන ව්‍යායාමයක් නොවන බව චීන විදේශ ආමාත්‍යාංශ ප්‍රකාශක ෂාඕ ලීජියැන් බෙයිජිං නුවරදී මාධ්‍යවේදීන්ට කියා තිබේ.

චීන සබඳතා පිළිබඳ දැඩි තීරණ ගැනීමට එක්සත් ජනපදය විසින් රජයෙන් ඉල්ලා සිටින්නට යන බව ප්‍රකාශයට පත්වීමෙන් පසුව, සිකුරාදා වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැඳුම්කර විශාල ලෙස පහත වැටුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

පස් අවුරුද්දකට පසු කොළඹට පැමිණෙන පළමු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් පොම්පියෝ ගේ සංචාරයේ අරමුණු සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව මෙතෙක් කිසිත් ප්‍රකාශයට පත් කර නැත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...