සිතාමතා විකෘති කරන ලද හෝ අත්වැරැද්දකින් විකෘති ලෙස මුද්‍රණය කරන ලද
ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කළේ යැයි කියන ජාතික කොඩිය වහා අලෙවියෙන් ඉවත් කළ යුතු යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රටක ජාතික කොඩිය හිතු මතේ මුද්‍රණය කළ නොහැකි අතර, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රමිතීන්ගෙන් යුක්ත විය යුතුය.
එසේ තිබිය දී, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමත්‍යාංශයත්, සළුසල ආයතනයත් ‘මිටෙන් නොව තලයෙන් කඩුව අතට ගත් සිංහයෙකුගේ රුවක් සහිත‘ ජාතික කොඩියක් මෙරට නිෂ්පාදනය කොට වෙළෙඳපොලට නිකුත් කර ඇත.
ජාතික කොඩිය විකෘති කිරීම අපරාධමය වරදක් වන අතර, එය ජනතාව අතරට සංසරණය වීම වැලැක්වියට බලය ලත් සියළු පාර්ශව වහා කටයුතු කළ යුතුව ඇත.
‘තලයෙන් කඩුව අතින් ගත් සිංහ කොඩිය‘ ශ්‍රි ලංකාවේ අභිමානය ද, ජාතික කොඩියට හිමිවිය යුතු ගෞරවය ද අහිමිකරන්නක් බව ද හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ජාතික කොඩිය සහ තලයෙන් කඩුව අතින් ගත් සිංහ කොඩියේ රූප පහත පළවේ.