The Leader News
BREAKING
Top Ad
පුවත්

තලයෙන් කඩුව අතින් ගත් සිංහයාගේ කොඩිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි !

T

The Leader Desk

November 1, 2020 • 7:37 AM

තලයෙන් කඩුව අතින් ගත් සිංහයාගේ කොඩිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිතාමතා විකෘති කරන ලද හෝ අත්වැරැද්දකින් විකෘති ලෙස මුද්‍රණය කරන ලද
  • ජාතික කොඩිය විකෘති කිරීම අපරාධමය වරදක් වන අතර, එය ජනතාව අතරට සංසරණය වීම වැලැක්වියට බලය ලත් සියළු පාර්ශව වහා කටයුතු කළ යුතුව ඇත.
  •   ‘තලයෙන් කඩුව අතින් ගත් සිංහ කොඩිය‘ ශ්‍රි ලංකාවේ අභිමානය ද, ජාතික කොඩියට හිමිවිය යුතු ගෞරවය ද අහිමිකරන්නක් බව ද හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්  නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කළේ යැයි කියන ජාතික කොඩිය වහා අලෙවියෙන් ඉවත් කළ යුතු යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

රටක ජාතික කොඩිය හිතු මතේ මුද්‍රණය කළ නොහැකි අතර, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රමිතීන්ගෙන් යුක්ත විය යුතුය.  

එසේ තිබිය දී, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමත්‍යාංශයත්, සළුසල ආයතනයත් ‘මිටෙන් නොව තලයෙන් කඩුව අතට ගත් සිංහයෙකුගේ රුවක් සහිත‘ ජාතික කොඩියක් මෙරට නිෂ්පාදනය කොට වෙළෙඳපොලට නිකුත් කර ඇත.

ජාතික කොඩිය විකෘති කිරීම අපරාධමය වරදක් වන අතර, එය ජනතාව අතරට සංසරණය වීම වැලැක්වියට බලය ලත් සියළු පාර්ශව වහා කටයුතු කළ යුතුව ඇත.  

‘තලයෙන් කඩුව අතින් ගත් සිංහ කොඩිය‘ ශ්‍රි ලංකාවේ අභිමානය ද, ජාතික කොඩියට හිමිවිය යුතු ගෞරවය ද අහිමිකරන්නක් බව ද හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්  නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ජාතික කොඩිය සහ තලයෙන් කඩුව අතින් ගත් සිංහ කොඩියේ රූප පහත පළවේ.

Sri Lanka Flag

Sri Lanka Flag fake

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...