The Leader News
BREAKING
Top Ad
පුවත්

ඇමෙරිකානු ජනාධිපතිවරණය : ප්‍රාන්ත 50 න් 40ක ප්‍රතිඵල එයි - ට්‍රම්ප් ගේ ට්විටර් පණිවිඩයක් ගැන ට්විටර් සමාගමෙන් අවවාදයක්

T

The Leader Desk

November 4, 2020 • 7:29 AM

ඇමෙරිකානු ජනාධිපතිවරණය : ප්‍රාන්ත 50 න් 40ක ප්‍රතිඵල එයි - ට්‍රම්ප් ගේ ට්විටර් පණිවිඩයක් ගැන ට්විටර් සමාගමෙන් අවවාදයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පළ කරන ලද ට්විටර් පණිවිඩයකට
  • ඡන්දය අවසන් වීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කළ බැහැ." ට්‍රම්ප් තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර ඡන්දය "සොරකම් කිරීම" පිළිබඳව බොහෝ විට සනාථ නොකළ ප්‍රකාශ සිදුකර ඇත.
  • තමන් ඉතා ඉක්මණින් ප්‍රකාශයක් කරන බව ඔහු තවදුරටත් පැවසීය.
  • මෙයින් අදහස්වන්නේ එසේ වුවහොත් කංසා නීතිගත කළ 12 වන ප්‍රාන්තය බවට නිව් ජර්සි පත්වන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

"මැතිවරණයක් සම්බන්ධයෙන් හෝ වෙනත් ප්‍රජා ක්‍රියාදාමයක් පිළිබඳ නොමග යවන සුළු" යනුවෙන් අවවාදයක් එකතු කිරීමට ට්විටර් සමාගම කටයුතු කර තිබේ.

සිය ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් ඩෙලවෙයාර් ප්‍රාන්තයේ වේදිකාවක් මත ඡන්ද ගණන් කිරීම අවසන් වන තෙක් ඉවසීමෙන් සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටීමෙන් මදකට පසු ට්විටර් පණිවිඩය නිකුත් කළේය.

"අපි විශාලයි, නමුත් ඔවුන් උත්සාහ කරන්නේ මැතිවරණය සොරකම් කරන්නයි," ට්‍රම්ප් ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසීය.

"අපි ඔවුන්ට කිසි විටෙකත් එය කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඡන්දය අවසන් වීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කළ බැහැ."

ට්‍රම්ප් තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර ඡන්දය "සොරකම් කිරීම" පිළිබඳව බොහෝ විට සනාථ නොකළ ප්‍රකාශ සිදුකර ඇත.

තමන් ඉතා ඉක්මණින් ප්‍රකාශයක් කරන බව ඔහු තවදුරටත් පැවසීය.

Twite

 
තවත් ප්‍රාන්ත දෙකක් විනෝදය සදහා කංසා භාවිතය නීතිගත කරයි:
 
 115219653 34ed90cc a07b 4a41 9bc4 04b00be01232
ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES

 

නිව් ජර්සි ප්‍රාන්තයේ ඡන්දදායකයින් විනෝදය සදහා කංසා භාවිතය නීතිගත කිරීම සඳහා මෙම මැතිවරණයේදී විශාල වශයෙන් සහයෝගය දැක්වූ බව ඒපී සේවයේ ප්‍රතිඵල වලට අනුව පෙන්නුම් කෙරේ.

මෙයින් අදහස්වන්නේ එසේ වුවහොත් කංසා නීතිගත කළ 12 වන ප්‍රාන්තය බවට නිව් ජර්සි පත්වන බවය. ඊට 67% ක ඡන්ද ප්‍රතිශතයක් සහ ප්‍රාන්තයේ 21 ක් වූ සියලුම ප්‍රාදේශීය බල ප්‍රදේශවල සහාය හිමි විණි.

නිව් ජර්සි හි ප්‍රතිඵලය ප්‍රකාෂ වීමෙන් මිනිත්තු කිහිපයකට පසුව, වැඩිහිටියන්ගේ භාවිතය සඳහා කංසා නීතිගත කිරීමේ පියවරක් ඇරිසෝනා ප්‍රාන්තය විසින්ද සම්මත කරනු ලබනු ඇතැයි පුරෝකථනය කෙරිණි.

කංසා නීතිගත කළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් තවත් ප්‍රාන්ත දෙකක ඡන්දදායකයින් විසින් මැතිවරණ රාත්‍රියේ තීරණය කරනු ඇත. 

ඒ අනුව මොන්ටානා සහ දකුණු ඩැකෝටා තවමත් ඔවුන්ගේ ප්‍රතිඵල වාර්තා කළ යුතුව ඇත.

(BBC සිංහල සේවය)
 
සබැඳි පුවත්

ඇමෙරිකානු මැතිවරණය : ප්‍රාන්ත 31ක ප්‍රතිඵල නිකුත්වී අවසන් (Update)

 
 
 
 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...