නිත්‍යානුකුලව ප්‍රකාශ වූ තවත් ඡන්ද විශාල ප්‍රමාණයක් ගණන් කිරීමට තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහය නොලත් ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කළේය.
"අවංකව ම අපි මේ මැතිවරණය ජයගත්තා," යැයි පහත් ස්වරයකින් ඔහු කීය.
මැතිවරණය තුළදී "වංචා" වූ බව ඔහු පැවසුවේ සාක්ෂි ඉදිරිපත් කිරිමකින් තොරවය.
"මේක අපේ රටට ලැජ්ජාවක්," යැයි ඔහු සඳහන් කළේ මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පවසමිනි.
ඔහු මේ බව සඳහන් කළේ මන්දිරයේ නැගෙනහිර කාමරයේ (East Room) වේදිකාවේ සිට ආධාරකරුවන් අමතමිනි.
ඔහුගේ පවුලේ අයට සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි මිලියන සංඛ්‍යාත ආධාරකරුවන්ට ස්තූති කරමින් ඔහු කතාව ඇරඹීය.
"අපි විශාල උත්සවයකට සූදානම් වෙමින් සිටියා,"යැයි කී ඔහු "අපි හැම දෙයක්ම දිනුවා." යි සඳහන් කළේය.
ජයග්‍රාහී ස්වරය ගනිමින් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේදී ලැබූ සිය විශාල ජයග්‍රහණය ප්‍රකාශ කළේය.
"අපි එය දිනුවා නොවෙයි විශාල ලෙස දිනා ගත්තා," මීට පෙර මැතිවරණ රාත්‍රියේදී ප්‍රතිවාදියා වූ ජෝ බයිඩන් කළාක් මෙන් ට්‍රම්ප් ද පෙන්සිල්වේනියාවේ පෙරමුණ ගෙන සිටින බව කියා සිටියි.
එම ප්‍රාන්තයේ ජයග්‍රහයකයා තීරණය කිරීමට තවමත් කල් වැඩිය.
ග්‍රිනිච් වේලාවෙන් 06.57 (ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 12.27) වනවිට ප්‍රාන්ත ප්‍රතිඵල තිබූ අන්දම
(BBC සිංහල සේවය )
සබැඳි පුවත් :