The Leader News
BREAKING
Top Ad
පුවත්

ඇමෙරිකානු ජනාධිපතිවරණය : "ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යනවා" - ට්‍රම්ප් කියයි

T

The Leader Desk

November 4, 2020 • 8:41 AM

ඇමෙරිකානු ජනාධිපතිවරණය : "ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යනවා" - ට්‍රම්ප් කියයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිත්‍යානුකුලව ප්‍රකාශ වූ තවත් ඡන්ද විශාල ප්‍රමාණයක් ගණන් කිරීමට තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහය නොලත් ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කළේය.
  •   "මේක අපේ රටට ලැජ්ජාවක්," යැයි ඔහු සඳහන් කළේ මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පවසමිනි.
  •   ඔහු මේ බව සඳහන් කළේ මන්දිරයේ නැගෙනහිර කාමරයේ (East Room) වේදිකාවේ සිට ආධාරකරුවන් අමතමිනි.    ඔහුගේ පවුලේ අයට සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි මිලියන සංඛ්‍යාත ආධාරකරුවන්ට ස්තූති කරමින් ඔහු කතාව ඇරඹීය.
  •   "අපි විශාල උත්සවයකට සූදානම් වෙමින් සිටියා,"යැයි කී ඔහු "අපි හැම දෙයක්ම දිනුවා." යි සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
"අවංකව ම අපි මේ මැතිවරණය ජයගත්තා," යැයි පහත් ස්වරයකින් ඔහු කීය. 
 
මැතිවරණය තුළදී "වංචා" වූ බව ඔහු පැවසුවේ සාක්ෂි ඉදිරිපත් කිරිමකින් තොරවය.
 
"මේක අපේ රටට ලැජ්ජාවක්," යැයි ඔහු සඳහන් කළේ මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පවසමිනි.
 
ඔහු මේ බව සඳහන් කළේ මන්දිරයේ නැගෙනහිර කාමරයේ (East Room) වේදිකාවේ සිට ආධාරකරුවන් අමතමිනි. 
 
ඔහුගේ පවුලේ අයට සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි මිලියන සංඛ්‍යාත ආධාරකරුවන්ට ස්තූති කරමින් ඔහු කතාව ඇරඹීය.
 
"අපි විශාල උත්සවයකට සූදානම් වෙමින් සිටියා,"යැයි කී ඔහු "අපි හැම දෙයක්ම දිනුවා." යි සඳහන් කළේය.
 
ජයග්‍රාහී ස්වරය ගනිමින් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේදී ලැබූ සිය විශාල ජයග්‍රහණය ප්‍රකාශ කළේය.
 
"අපි එය දිනුවා නොවෙයි විශාල ලෙස දිනා ගත්තා," මීට පෙර මැතිවරණ රාත්‍රියේදී ප්‍රතිවාදියා වූ ජෝ බයිඩන් කළාක් මෙන් ට්‍රම්ප් ද පෙන්සිල්වේනියාවේ පෙරමුණ ගෙන සිටින බව කියා සිටියි. 
 
එම ප්‍රාන්තයේ ජයග්‍රහයකයා තීරණය කිරීමට තවමත් කල් වැඩිය.
 
 
ග්‍රිනිච් වේලාවෙන් 06.57 (ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 12.27) වනවිට ප්‍රාන්ත ප්‍රතිඵල තිබූ අන්දම
 
 

 115221176 3rdmap.png

 
(BBC සිංහල සේවය )
 
සබැඳි පුවත් :
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...