The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
පුවත්

ජනාධිපති ඩබල් ගේමක ද? : 'කොරෝනාවෙන් මියගිය අය වැළලීම වැරදියි' -කමිටු සාමාජිකා මහාචාර්ය මෙත්තිකා විදානගේ

T

The Leader Desk

November 11, 2020 • 8:20 AM

ජනාධිපති ඩබල් ගේමක ද? : 'කොරෝනාවෙන් මියගිය අය වැළලීම වැරදියි' -කමිටු සාමාජිකා මහාචාර්ය මෙත්තිකා විදානගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කියා අප තීරණය කල යුතු බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විදානගේ කියා සිටියි.
  • කොවිඩ් 19 ආසාදිත දේහයන් භූමදානය කිරීම පිලිබදව සොයා බලන ඇගයුම් කමිටුවේ සාමාජිකාවක් වන ඇය පවසන්නේ, කොවිඩ් 19 ආසාදිත දේහයන් භූමදානය කිරීම වැරදි කටයුත්තක් බවයි.
  • දේශපාලන,සාමාජීය හෝ ආගමික හේතූන් මත එවැනි තීරණයකට පැමිනීම වැරදි කටයුත්තක් බව ද ඇය කියා සිටියි.
  • එයට අනුව දේහයන් භූමදානය කිරීම වැරදි කටයුත්තක් බව සමස්ත කමිටුවම ප්‍රකාශ කර අවසන්.
අකුරු ප්‍රමාණය (Font Size):
කියා අප තීරණය කල යුතු බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විදානගේ කියා සිටියි.
 
කොවිඩ් 19 ආසාදිත දේහයන් භූමදානය කිරීම පිලිබදව සොයා බලන ඇගයුම් කමිටුවේ සාමාජිකාවක් වන ඇය පවසන්නේ, කොවිඩ් 19 ආසාදිත දේහයන් භූමදානය කිරීම වැරදි කටයුත්තක් බවයි.
 
dfkndදේශපාලන,සාමාජීය හෝ ආගමික හේතූන් මත එවැනි තීරණයකට පැමිනීම වැරදි කටයුත්තක් බව ද ඇය කියා සිටියි.
 
මහාචාර්ය මෙත්තිකා විදානගේ එබව අවධාරණය කර ඇත්තේ, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග පැවති සම්මුඛ සාකච්ජාවකදීය.
 
''තාක්ෂණ ඇගයුම් කමිටුවේ වාර්තාවා දී තිබෙනවා. එයට අනුව දේහයන් භූමදානය කිරීම වැරදි කටයුත්තක් බව සමස්ත කමිටුවම ප්‍රකාශ කර අවසන්.
 
ශ්‍රීලංකාවේ ජල මූලාශ්‍රයන් බහුලව තියනවා. එසේ  භූමදාන කලහොත් වෛරසය අපේ ගංගා, ඇලදොල, ලිං වලට එක්වීම වැලැක්විය නොහැකියි.
 
මිය ගිය පුද්ගලයෙකුගේ 1kg ක අපවිත්‍ර ජලය ලීටරයක් තියනවා, ඒ නිසා තමයි ලගම ආදාහනාගාරයක ඉහල උෂ්ණත්වයකදී කිසිම පුද්ගලයෙකු සහබාගී නොකර දේහයන් ආදාහනය කරන්නේ.
 
ඒ නිසයි අපි කොරෝනා දේහයන් භූමදානය නොකරන ලෙස කියන්නේ'' යයි ද ඇය එම සාකච්ජාවේ දී කියා සිටියාය.
 
 

 
කොවිඩ් 19 ආසාදිත දේහයන් භූමදානය කිරීම පිලිබදව සොයා බලන ඇගයුම් කමිටුවේ සාමාජිකා මහාචාර්ය මෙත්තිකා විදානගේ ඉහත කාරණය අවධාරණය කර ඇත්තේ කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට සුදුසු භූමියක් සොයන්නැයි ජනපතිගෙන් උපදෙස් දී ඇතැයි 'ඩේලි මිරර්'  පුවත්පත වාර්තා කර තිබෙන මොහොතකය.
 
DM
 
කොරෝනා ආසාදනයෙන්  මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා රටේ වියළි කලාපයේ පිහිටි භූමියක් ගැන සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
පෙරේදා පැවති කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කළ බව ද එම පුවත් වාර්තාවේ දැක්වෙයි.
 
මේ වන විට ලොව සෙසු රටවල් කොරෝනා ආසාදිත මරණ සම්බන්ධයෙන් සිදුකරන අවමංගල කටයුතු ගැන එහිදී සාකච්ඡා කර ඇත.
 
ඒ අනුව කොරෝනා ආසාදිතයෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සඳහා සුදුසු ඉඩම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු කරනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සහ මුස්ලිම් ආගමික නායකයන් අතර සාකච්ඡා සිදුවී ඇති බවත් එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.
 
මේ වන විට රටවල් 189ක කොරෝනා වැළඳීමෙන් මියැදෙන පුද්ගලයන් ගේ සිරුරු භූමදානයට අවසර දී ඇත.
 
 
''ජාතිවාදී ජනතාවාදය කෙටි කාලීන ය: ට්‍රම්ප්ගෙන් අසා දැනගන්න.'' - මංගල 
 
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන ඉස්ලාම් බැතිමතුන්ගේ සිරුරු භුමදානය කිරීමට ජාත්‍යන්තර ප්‍රමිති නොතකා රජය විසින් පනවා තිබූ තහංචිය ඉවත් කොට ඇති බවට කෙරෙන ප්‍රචාර සම්බන්ධයෙන් ප්‍රතිචාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
 
'ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට ආසන්නව
මුස්ලිම් විරෝධී උමතුවක් ඇති කල
‘තනි සිංහල’ රෙජීමය,
කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ භූමදානය කිරීමේදී
සෞඛ්‍ය අවදානමක් නොමැති බව ප්‍රමාද වී හෝ දැන් පිළිගෙන ඇත.
 
ජාතිවාදී ජනතාවාදය කෙටි කාලීන ය:
ට්‍රම්ප්ගෙන් අසා දැනගන්න.''
 
 Screen Shot 2020 11 11 at 3.03.50 PM
 
සබැඳි පුවත් :
 
 
 

වසංගතයෙන් මියයන මුස්ලිම්වරුන් භුමදානයට අවසර දුන් කතා බොරු

කොරෝනා වලින් මියගෙන මුස්ලිම්වරුන්ගේ දේහයන් මන්නාරම දී භූමදාන කිරීමට අනුමැතිය  

 
 
 

මුස්ලිම් විරෝධී වලදැමීම් හා වෛර කතා නවතන පියවර ගන්නා මෙන් එක්සත් ජාතීහු ඉල්ලති 

ජාතිවාදය අවුස්සන බවට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් චෝදනා 

කොරෝනා මරණ : මුස්ලිම් දේහයන් වලදානවද ගිනිතියනවද?  :''විශේෂඥ කමිටුවක් පත් කරන්න'' - වෛද්‍ය සංගමය රජයට කියයි 

කොරෝනා සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආදාහන: "මගේ පවුලට වෙච්ච දේ මේ ලෝකේ කිසිම කෙනෙකුට වෙන්න එපා" 

කෝවිඩ් ඇතැයි සැක කළ පලියටත් මුස්ලිම් මල සිරුරක් පුච්චලා! 

මුස්ලිම් දේහයන් ආදාහනය ගැන ACJU සභාපති නොකියපු කතාවක් !

''මුස්ලිම් දේහයන් භූමදානය කිරීමට අගමැතිගෙන් විශේෂඥ කමිටුවක්'' !  - THE LEADER පුවතට එරෙහිව 'පොහොට්ටුවෙන්' CIDයට පැමිණිල්ලක්! 

''කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා'' -ෆයිසර් මුස්තාෆා බැගෑපත් වේ (VIDEO) 

මුස්ලිම් දේහයන් භූමදානය කිරීමට අගමැතිගෙන් විශේෂඥ කමිටුවක්! - වළවල් කොන්ක්‍රීට් කිරීමට යෝජනාවක්! 

කොරෝනා මරණයක් ආදාහනයද? භූමදානයද? : ඔබ ඇසිය යුතුම කතාවක්... (VIDEO) 

ජාතිවාදී ගැටුමකට යන්න එපා ! - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එකිනෙකට පරස්පර මාර්ගෝපදේශ දෙකක්: කොවිඩ් අසාදිත මරණ අවසන් කටයුතු සඳහා නිර්දේශ මෙන්න 

''කොරෝනා ආසාදනයෙන් මියයන කතෝලිකයින් පුච්චන්න එපා'' - ඖෂල හේරත් ගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක් !  

ලංකාවේ කොරෝනා දේහයන් පිච්චීම ගැන BBC වැඩසටහනක් 15 දා !

''මියයන කොරෝනා රෝගීන් සාජා හි භූමදාන නොකළ යුතුයි'' - සුල්තාන්ගේ ප්‍රකාශය ගැන උලමා සංවිධානයේ ස්ථාවරය වහා රටට කියන්න ! 

කොරෝනා රෝගීන්ගේ මෘතදේහ භූමදානය නොකිරීම :එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් කරුණු විමසයි 

කොරෝනා මෘතදේහ ආදාහනය පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් වේ. නැවත සමාලෝචනයෙන් පසු අවසාන තීරණය ඉදිරි දින දෙක තුළදී!  

ලංකාවේ කොරෝනා දෙවන මරණය : 'ආදාහනය ගැන කතා කළේ ජාතිවාදී අදහසකින් නොවේ' - හකීම් කියයි 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනාධිපති ඩබල් ගේමක ද? : 'කොරෝනාවෙන් මියගිය අය වැළලීම වැරදියි' -කමිටු සාමාජිකා මහාචාර්ය මෙත්තිකා විදානගේ | The Leader