ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමේ පරමාර්ථයෙන් රජය විසින් සීනි ඇතුලු භාණ්ඩ 4ක විශේෂ භාණ්ඩ සඳහා වූ
බද්ද කිලෝවක් සඳහා රුපියල් 50/=  සිට ශත 25 දක්වා අඩු කර ඊයේ මාධ්‍යම රාත්‍රී වන විට දින 30 ක් ගෙවී අවසන්ය. 
 
මෙම නිවේදනය මුලින්ම ජනතාව අතරට පත් වූයේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදන අංක 363 මඟිනි.
 
 363 Latter MR
 
අදාළ තීරු බදු කපා හැරීමේ තීරණයට අදාළව අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස අදාළ නියමය එදිනම නිකුත් කරන ලද ගැසට් නිවේදනය මඟින්, තීරු බදු අඩු කිරීම ඔක්තෝබර් මස 14 දින සිට මාස තුනක කාලයක් සඳහා වලංගු බව සටහන් කර ඇත.
 
එනම් මෙම නියෝගය ජනවාරි මස 13 දින දක්වා වලංගුය. 
 
 
නියමය සහ ගැසට් නිවේදනය
 

Niwedan 2.14.11

 
කෙසේ වුවද ඔක්තෝබර් 13 දින ගන්නා තීරණය අනුව මේ කිසිදු භාණ්ඩයක මිළ විවෘත වෙළෙඳපොළේ අඩු නොවීම  පසුගිය මාසය තුළම රටපුරා කතා බහට ලක්විය.
 
අවසානයේදී රජයට ගැසට් පිට ගැසට් ගැසීමට සිදු වූ අතර වෙළෙඳපොළ තුළ දැඩි කැළඹීමක් සහ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය විය.
 
අපි මීට පෙර පෙන්වා දුන් පරිදි වෙළෙඳපොළ තුළ පමණක් නොව රජයේ අමාත්‍යංශ, සතොස, පාරිභෝගික කටයුතු අධිකාරිය යන සියලුම රාජ්‍ය ආයතනවලටත් මෙම අවධිමත් මිළ අඩු කිරීම නිවැරදි කිරීම සඳහා කාලය ගත කිරීමට සිදුවීම කණගාටුවට කරුණකි.
 
අවසානයට කිව හැක්කේ නැටූ තොවිළයකුත් නැත බෙරේ පලුවකුත් නැත යන පැරණි කියමන සිහි ගැන්වෙන බව
පමනී.
 
 
මෙම සමස්ත සිද්ධිය ආණ්ඩුවට පක්ෂපාත වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබුණේ,  ''කඩතොළු දෙකක් හදා ගත් ඉඳුරුවේ ආචාරියාගේ කථාවට නැවත පණ දුන් ආණ්ඩුව'' යන ශීර්ෂය යටතේය.
 
 Screen Shot 2020 11 14 at 3.06.15 PM
 
 
සමස්ථ වංචනික ක්‍රියාදාමය දේශපාලඥයන් මෙන්ම මෙම විෂය පිළිබඳ උනන්දුවක් දක්වන සැමදෙනාම දැන් හොඳින් දන්නා කරුණකි.
 
සෑම ක්‍රියාවකට පසු ඒ පිළිබඳව පසු විපරමක් කිරීම අත්‍යවශ්‍ය වන අතර එය මඟහැර යනවා නම් ඉදිරියටත් එවැනිම අවිධිමත් ක්‍රියාවන් (Blunders) අප සමාජයතුළ සිදු විය හැකිය. 
 
වගකිව යුතු සහ වගකීමෙන් කරුණු වාර්තා කරන මාධ්‍යයක් ලෙස විශේෂයෙන්ම අපගේ පාඨකයින්ගේ අවධානය පිණිස පහත කරුණු අවධාරණය කර සිටිමු.
 
 
පසු විපරමක් ...
 
1- ජීවන වියදම් උප කමිටුව මඟින් ක්‍රියාත්මක කළ යුතු වානිජ්‍ය භාණ්ඩ 26 ක මිළ ගැලපීම්  කුඩා කණ්ඩායම් වශයෙන් එක්වී තීරණය කිරීම රජය මින් ඉදිරියට නවතාලිය යුතුව ඇත.
 
ජීවන වියදම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ ජනාධිපති බැවින් ඕනෑම අවස්ථාවක එම කමිටුව කැඳවා මිළ ගණන් සංශෝධණය කළ හැකිය. අප දන්නා පරිදි එහි ක්‍රමවේදයක් (Sop) ඇත.
 
තවද හුදු ජනප්‍රියතාවය සඳහා මූල්‍යමය තීරණ ගැනීමේදී මුදල් අමාත්‍යංශයේ අයවැය අංශයේ නිලධාරීන්ව සහභාගි කර ගැනීමේන් රජයේ ආදායම් වියදම් සමතුලිතවම පවත්වාගෙන යාමට ඉඩ ප්‍රස්ථාව සැලසෙනවා ඇත. 
 
 
2- ජාතික වශයෙන් වැදගත් තීරණ ගැනීමේදී අමාත්‍යංශය පාර්ශවකරුවන් මඟහැර තමන්ට හිතවත් අය සමඟ තීරණ ගැනීම තුළ නිලධාරීන් කළකිරීමට පත් වෙනවා පමණක් නොව ඔවුන් බොහෝ දුරට නිහඬ සිටීමේ පිලිවෙතක් 
අනුගමනය කිරීම පරිපාලනයට බාධාවක් වනවා ඇත. 
 
උදාහරණයක් ලෙස අප රටට මෙම මහත් ව්‍යසනයක් වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ හෙළි වන කරුණු ඉදිරියේදී තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී අත්පොතක් ලෙස පරිහරණය කළ හැකිය.
 
මෙවැනි අතරමැදි තීරුබදු අඩු කරන අවස්ථාවවලදී වෙළෙඳ ඇමතිවරයා ඇතුලු වෙළෙඳ අමාත්‍යංශයත් මුදල් අමාත්‍යංශයත් පාරිභෝගික කටයුතු අධිකාරියත් වෙළඳ සංගමයත් සහභාගි කර ගත්තා නම් රජය රුපියල් කෝටි 700 කට ආසන්න මුදලක් අහිමි කර ගන්නේ නැත.
 
 
රජයේ නිලධාරීන්ගේ වගකීම :
 
# දේශපාලනික වශයෙන් කුමන තීන්දුවක් ගත්තත් රාජ්‍ය නිලධාරීන් අදාළ නීතිරීති, චක්‍රලේඛණ සහ පණත් මඟින් තමන්ට පැවරී ඇති කාර්යය නිවැරදිව කිරීම. 
 
# මෙම සීනි මිළ අඩු කිරීමේ ව්‍යායාමයේදී ආනයන අපනයන පාලක විසින් සීනි ආනයනය තහනම් කර තමන්ට පැවරී ඇති බලතල අනුව නිවේදනයක් නිකුත් කර ඇත. 
 
එය තහවුරු කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු වුවත් මේ වනතුරු එවැනි ගැසට් නිවේදනයක් නිකුත් වූ බවක් නොපෙනේ.
 
 
# පාරිභෝගික අධිකාරියේ සභාපති විසින් තමන්ට පැවරී ඇති බලතල අනුව සීනි මිළ පාලනය කිරීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
 
 දැන් ඔහු විසින් කළ යුත්තේ එම මිළට වඩා වැඩියෙන් සීනි අලෙවි කරන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමය. 
 
සීනි සඟවා ඇති ගබඩාවලින් අදාළ සීනි තොග තම භාරයට ගෙන සාධාරණ මිළකට ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතුය.
 
(පාරිභෝගික අධිකාරියේ සභාපතිගේ ගැසට් නිවේදනවල නීත්‍යානුකූලභාවය පිළිබඳ ඉදිරියේදී විසුමක් ඉදිරිපත් කරමු.)
 
# දැනට ආනයන සහ අපනයන පාලකගේ නියෝගය නොතකා ආනයනය කර ඇති සීනි තොගවලට අදාළ ආනයන ලියකියවිලි බැංකු ඇපකර ආදිය යම්කිසි බැංකුවකින් නිකුත් කර ඇත්නම් ඔවුන් සඳහාද ක්‍රියාකිරිමට ශ්‍රී ලංකා මහ බැංකුව බැඳී සිටී.
 
# ශ්‍රී ලංකා රේගුවද අදාළ චක්‍රලේඛ, උපදෙස්, නියෝග අනුව කටයුතු කර ඉදිරියේදී එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය ආකායට කටයුතු කිරීමට ඉඩ නොදිය යුතුය යන්න ජනතාවගේ අභිලාෂයයි.
 
අවසාන වශයෙන් රජය වෙනුවෙන් සාධාරණ මිළකට භාණ්ඩ බෙදා හරින සතොස පිළිබඳ ජනතාවගේ කලකිරීම පසුගිය යහ පාලන රජයේ කාලයේත් වර්තමානයේත් වෙනසක් නැත.
 
දුප්පත් මිනිහා යන්නේ සතොසටය.
 
එහි සහල් නැත්නම්, සීනි නැත්නම්, ලොකු ලූණු නැත්නම්, පිටි නැත්නම්, තවත් කුමක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙමුද?
 
ඔළුගෙඩි වෙනස් කරාට සතොස ක්‍රියාකාරීත්වය වෙනස් වී නොමැත.
 
 ''ලොක්කගේ පුතාට ඉස්සෙල්ලම ජොබ් එකක් දුන්නේ මමයි'' කියමින් අමාත්‍යංශ නිලධාරීන් බිය ගන්නවන සභාපතිවරුන් ගෙන් මහ ලොකු දෙයක් අපේක්ෂා කිරීම ද එක අතකට විහිළුවකි. 
 
Nuzad chamalලංකා සතොස සභාපති නුෂාඩ් පෙරේරා, අමාත්‍ය චමල් රාජපක්ෂ ගෙන් පත්වීමේ  බාර ගනිමින්...
 
ශ්‍රී ලංකාවේ මේවන විට මහත් අර්බුදයක් වී ඇති, වී මිළදී ගැනීම, ගබඩා කිරීම, ඇඹරීම සහ බෙදාහැරීම වැනි කටයුත්තත් ඉතා ඵලදායි ආකාරයට කළ හැකි ආයතනයකි සතොස.
 
අවශ්‍යම නම් ටී. බී. ඉලංගරත්න නැමැති දේශපාඥයා පිළිබඳව නැවත කියවන ලෙස සතොසේ නිලධාරීන්ට තව දුරටත් මතක් කරමු.
 
(විශේෂ වාර්තාකරුවකු විසිනි)
 
 
 
මහා සීනි හොරෙක් ගැන හරීන් හෙළි කරයි:
 

 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
 
 
පිළිතුරුදීමේ අයිතිය :
theleader.lk හි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්