The Leader News
BREAKING
Top Ad
පුවත්

අයවැයෙන් කළු සල්ලි සුදුකිරීම : 'ලංකාව යළි 'අළු ලේඛනය'ට වැටීමේ අවධානමක්' - මංගල

T

The Leader Desk

November 18, 2020 • 1:23 PM

   අයවැයෙන් කළු සල්ලි සුදුකිරීම : 'ලංකාව යළි 'අළු ලේඛනය'ට වැටීමේ අවධානමක්' - මංගල 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2021 අයවැය මඟින් මුදල් විශුද්ධිකරණය නිල වශයෙන් පිළිගෙන තිබෙන බවත්, විදේශයන්හි සඟවා ඇති අරමුදල් කිසිදු ගැටලුවකින් තොරව දේශීය ආයෝජනයන් සදහා ආරාධනා කිරීම තුළින් එම කාරණය පැහැදිලිවන
  • මෙම අයවැයෙන් සලසා ඇති ඕනෑම ආයෝජනයක් සඳහා එසේ මුදල් යොදවන ව්‍යාපාරිකයන්ට පිළිගත් දිවුරුම් ප්‍රකාශයක් සහිතව සියයට 1ක බදු ගෙවීමකට යටත්ව බදු සමාවක් ලබාදීමට නීති ප්‍රතිපාදන යෙදීමටද බලාපොරොත්තු වෙනවා." යයි සඳහන් කළේය. 
අකුරු ප්‍රමාණය (Font Size):
බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියි.
 
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් 'අළු ලේඛනය' ලෙස හඳුන්වනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව 2019 ඔක්තෝම්බර් මස ඉවත් කරන ලද්දේ මුදල් අමාත්‍යාංශය විසින් මහත් පරිශ්‍රමයක් දරමින් සිදු කරන ලද වසර ගණනාවක උත්සාහයක ප්‍රතිඑලයක් ලෙස බව පවසන මංගල සමරවීර, ''දැන් අප නැවතත් එම 'අළු ලේඛනයට' ඇතුළත් විය යුතුද ?'' කියා විමසා සිටියි. 

WhatsApp Image 2020 11 18 at 3.45.18 PM

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඊයේ (18) බදු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අගමැතිවරයා, "බදු හෝ විනිමය පාලන නීති වලින් මිදීම සඳහා දේශීයව හෝ විදේශීයව සඟවා තබාගෙන ඇති මුදල් රටේ අභිවෘද්ධියට යොදන ලෙස එම ව්‍යාපාරිකයින්ගෙන්ද මම ඉල්ලා සිටිනවා. මෙම අයවැයෙන් සලසා ඇති ඕනෑම ආයෝජනයක් සඳහා එසේ මුදල් යොදවන ව්‍යාපාරිකයන්ට පිළිගත් දිවුරුම් ප්‍රකාශයක් සහිතව සියයට 1ක බදු ගෙවීමකට යටත්ව බදු සමාවක් ලබාදීමට නීති ප්‍රතිපාදන යෙදීමටද බලාපොරොත්තු වෙනවා." යයි සඳහන් කළේය. 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...