The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
පුවත්

කොවිඩ් ආසාදිත ශානී අබේසේකර ගල්ලෑල්ලේ ! - ඇප අයදුම්පත අද විභාගයට

T

The Leader Desk

November 26, 2020 • 3:39 AM

 කොවිඩ් ආසාදිත ශානී අබේසේකර ගල්ලෑල්ලේ ! - ඇප අයදුම්පත අද විභාගයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් බන්ධනාගාර ප්‍රධානින් දැනුම් දී ඇත්තේ, ශානි අබේසේකර රිමාන්ඩ් බාරයේ සිටින අයකු බැවින් ඔහු අසල නිරතුරුවම බන්ධනාගාර නිලධාරීන් රැඳවිය යුතු බවත්, එසේ ආසාදිත නොවූ නිලධාරීන් මේ මොහොතේ රෝහල තුල රඳවා ගැනීමට රෝහල් බලධාරීන් එකඟතාවය පළකර නොමැති බවත් ය.
  • ඇප අයදුම්පත සලකා බැලීම අද ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීයකු ලෙස ශානි අබේසේකර හැඳින්විය හැකිය.
  • ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණයක විභාග වූ නඩුවකට අවශ්‍ය වූ සාක්ෂි ගොතන ලදැයි චෝදනාවක් එල්ල කරමිනි.
  • කෙසේ වුවද මෙම නඩුවේ දී ඉදිරිපත් කළ සාක්ෂි පිළිගෙන අධිකරණය විසින් විත්තිකරු වරදකරු බවට පත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
මහර බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක රඳවා සිටි ඔහුට කොවිඩ් 19 ආසාදිත බවට වාර්තාවීමත් සමග වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබු අතර ඔහුගේ ජිවිත ආරක්ෂාව සඳහා IDH රෝහලට යොමුකරන ලෙස විපක්ෂයේ ප්‍රධානින් ඊයේ පෙරවරුවේ රජයේ බලධාරීන් ගෙන් ඉල්ලා සිටිබව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැවසිය.
 
එහෙත් බන්ධනාගාර ප්‍රධානින් දැනුම් දී ඇත්තේ, ශානි අබේසේකර රිමාන්ඩ් බාරයේ සිටින අයකු බැවින් ඔහු අසල නිරතුරුවම බන්ධනාගාර නිලධාරීන් රැඳවිය යුතු බවත්, එසේ ආසාදිත නොවූ නිලධාරීන් මේ මොහොතේ රෝහල තුල රඳවා ගැනීමට රෝහල් බලධාරීන් එකඟතාවය පළකර නොමැති බවත් ය.
 
ඇප අයදුම්පත සලකා බැලීම අද 
 
 ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීයකු ලෙස ශානි අබේසේකර හැඳින්විය හැකිය.
 
ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණයක විභාග වූ නඩුවකට අවශ්‍ය වූ සාක්ෂි ගොතන ලදැයි චෝදනාවක් එල්ල කරමිනි.
 
කෙසේ වුවද මෙම නඩුවේ දී ඉදිරිපත් කළ සාක්ෂි පිළිගෙන අධිකරණය විසින් විත්තිකරු වරදකරු බවට පත් කර ඇත.
 
පසුගිය කාලසීමාව තුළ රජයට සම්බන්ධ බලවත් පුද්ගලයින් පිළිබඳ වූ විවිධ විමර්ශන කටයුතු නිර්භීතව සිදු කිරීම නිසා වර්තමාන පාලකයින්ගේ උදහසට ශානි අබේසේකරපත්ව සිටි බව ප්‍රසිද්ධ රහසකි.
 
 
පසුගිය කාලසීමාව තුළ රජයට සම්බන්ධ බලවත් පුද්ගලයින් පිළිබඳ වූ විවිධ විමර්ශන කටයුතු නිර්භීතව සිදු කිරීම නිසා වර්තමාන පාලකයින්ගේ උදහසට ශානි අබේසේකරපත්ව සිටි බව ප්‍රසිද්ධ රහසකි.
 
එවැනි දේශපාලන වටපිටාවක් යටතේ රිමාන්ඩ් බාරයේ රඳවාගෙන සිටින ශානි අබේසේකරට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම අද (26) ගම්පහ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.
 
ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර ශානි අබේසේකර වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිත බවද වාර්තාවේ.
 

Screen Shot 2020 11 26 at 8.47.51 AM                දෙමළ සන්ධානයේ මන්ත්‍රී වරයකුව සිටි ජොශප් පරරාජසිංහම් ඝාතන නඩුවේ සැකකරුවකු වූ රාජපක්ෂවාදී පිල්ලෙයාන්ට පසුගියදා ඇප ලැබිණ.

 
ශානි අබේසේකරට ඇප ලබා දීමට විරුද්ධව දැනට මාස ගණනාවක් රඳවා තබාගෙන සිටින නමුත්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී වරයකුව සිටි ජොශප් පරරාජසිංහම් ඝාතන නඩුවේ සැකකරුවකු වූ රාජපක්ෂවාදී පිල්ලෙයාන්ට ඇප ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා කැමැත්ත පළ කරන ලද බව srilankabrief.org 
ankabrief.org වාර්තාවේ තවදුරටත් මෙසේද සඳහන් වේ.
 
Sharni A in Handcups
බිරිද කළ ඉල්ලීමට තවම ප්‍රතිචාරයක් නැහැ!
 
වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් ශානි අබේසේකරට විරුද්ධව ප්‍රකාශ ගණනාවක්ම කර තිබේ. 
 
තවද ඔහු විසින් කරන ලද පොලිස් පරීක්ෂන මත සිරගතවූ සැහෙන පිරිසක් ද මෙරට සිරගෙවල්වල සිටිති.
 
මෙම තත්වය යටතේ ශානි අබේසේකරට බන්ධනාගාරය තුල හා පිටත ජීවිත තර්ජන ඇති බැවින් ජීවිත ආරක්ෂාව සහතික කරන ලෙස ඔහුගේ බිරිඳ වන කමණී ශ්‍රියන්තා අබේසේකර විසින් අගවිනිසුරුවරයාට හා නීතිපතිවරයට පසුගිය දා ලිපියක් යොමුකරන  ලදී. 
 
එනමුත් මේ දක්වා එම ලිපියට ප්‍රතිචාරයක් ලැබී නැත.
 
ඇය විසින් යවන ලද ලිපිය පහත පළවේ:
 
ගරු අගවිනිසුරු තුමා, 
ගරු නීතිපති තුමා සහ 
අනෙකුත් රජයේ නිලධාරී මහත්වරුනී,
 
මගේ ස්වාමිපුරුෂයා වන ශානි අබේසේකරට එල්ල වී ඇති මරණීය තර්ජන හා තුවාල සිදුකිරීම පිළිබදව ඇති අවධානම සම්බන්ධවයි.
 
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා දැනට මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ අත් අඩංගුවේ පසුවෙයි. 
 
2020 ජුලි 31 වන දින ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර තිබූ අතර ඔහුට ඒ වන විටත් මරණ තර්ජන පවා එල්ල වී තිබූණි. 
 
එම පැමිණිලි පොලිසිය විසින් විමර්ශනය කරමින් ද පැවතිනී. 
 
ඔහු SC FR 221/2020 මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංකයේ පෙත්සම්කරු වේ. 
 
නඩු අංක S.C. TAB 1A-1F / 17 සමඟ අභියාචනයක් යටතේ ඔහු මහාධිකරණ නඩු විභාගයේදී HC 7193/14 හි රජයේ සාක්ෂිකරුවෙකි.
 
මාගේ ස්වාමිපුරුෂයා වන ශානි අබේසේකර සම්බන්ධයෙන් එල්ලකොට ඇති චෝදනා විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාසයට (සීසීඩී) අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වන, සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සොයිසා සහ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත විසින් මාගේ ස්වාමිපුරුෂයාට විරුද්ධව සාවද්‍ය සාක්ෂි ලබා දෙන ලෙස සාක්ෂිකරුවෙකුට බලපෑම් කළ බවට ද ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් වුණී.
 
  
තව ද එම නිලධාරීන් දෙදෙනාගේ අත්අඩංගුවේ සිටිය දි ඝාතනයට ලක්වු සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මධුෂ් පොලිස් අන්තඩංගුවේ සිටිය දී එසේ ඝාතනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇත.
 
2020 ඔක්තෝබර් 22 වන දින අන්තර්ජාල වෙබ් අඩවියක පළ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී, මගේ සැමියා පිළිබඳව විමර්ශනය භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්, මගේ ස්වාමිපුරුෂයා පාතාල කටයුතුවලට සම්බන්ධ බවට පදනම් විරහිතව අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන ලදී.
 

 

තවද රිමාන්ඩ් බන්ධනාගාරය තුළ මගේ ස්වාමිපුරුෂයාව ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට පෙරේදා දින පවත්වන පුවත්පත් සාකච්ඡාවක දී ද සදහන් කරන ලදී.
 
මගේ ස්වාමිපුරුෂයා ගෞරවාන්විත පොලිස් නිලධාරියෙක් වන අතර ඔහු මිනීමරුවන් සහ පාතාල සාමාජිකයින් 35 දෙනෙකු පිළිබඳව සාර්ථක විමර්ශන කර ඔවුන්ව නීතිය හමුවට පමුණුවා ඇත.
 
2012 දී රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලයන් දොළොස් දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳ විමර්ශනයේ අධීක්ෂණ නිලධාරී ලෙස මගේ ස්වාමිපුරුෂයා කටයුතු කල අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගරු නීතිපතිතුමා විසින් බන්ධනාගාර නිලධාරියෙකුට සහ පොලිස් නිලධාරියෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගද ගන්නා ලදි. 
 
එසේ හෙයින් මාගේ ස්වාමිපුරුෂයා බන්ධනාගාර නිලධාරීන් සහ දැනට විමර්ශන වලට භාජනය වී ඇති පොලිස් නිලධාරීන් යටතේ රඳවා සිටිම ඔහුගේ ජිවිත ආරක්ෂාවට තර්ජනයක් ලෙස මම සිතමී.
 
එසේ හෙයින් මේ අකාරයෙන් ඔහුව අනාරක්ෂිත ලෙස සිරගත කර තිබීම් ඔහු විසින් කරන ලද පරික්ෂණ වල ප්‍රතිඵල කඩාකප්පල් කීරීමක් වන අතර, එමගින් ඇතැම් බලවත් පුද්ගලයින්ට ඔහුගේ ජිවිතයට හානීයක් කිරිමට අවකාශ ද ඇතී වේ.
 
ඒ අනුව ඉහත දක්වන ලද කරුණු සලකා බැලීමේදී මාගේ ස්වාමිපුරුෂයාට බරපතල ජීවිත තර්ජන ඇති බව මම විශ්වාස කරමි. 
 
ඔහු වසර 30 ක් පුරා තම ජීවිතයද පරදුවට තබමින් මෙරට පුරවැසියන්ට යුක්තිය ඉටුකිරීම සදහා පවුලේ සාමාජිකයන් පිලිබදවද නොතකා සිය වෘත්තීයමය රාජකාරි මහත් වගකීමක් සහිතව ඉටුකල අයෙකි. 
 
ඔහු වසර 30 ක් පුරා තම ජීවිතයද පරදුවට තබමින් මෙරට පුරවැසියන්ට යුක්තිය ඉටුකිරීම සදහා පවුලේ සාමාජිකයන් පිලිබදවද නොතකා සිය වෘත්තීයමය රාජකාරි මහත් වගකීමක් සහිතව ඉටුකල අයෙකි. 
 
එසේහෙයින් මාගේ ස්වාමිපුරුෂයාගේ ජීවිතය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන අතර ඔහුගේ ජීවිතයට හානියක් වීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර රජය විසින් ගතයුතු බව මම සිතමි. 
 
එසේහෙයින් මාගේ ස්වාමිපුරුෂයාව බන්ධනාගාරය තුල හෝ ඉන් පිටතදී ඝාතනය වීම වැළැක්වීම සදහා ඔබතුමන්ලා විසින් ගතයුතු සහ ගතහැකි සියලු රාජකාරීමය පියවරගෙන ඔහුගේ ජීවිත අරාක්ෂාව රැකදෙන ලෙස මම ඉතා ගෞරව පූර්වකව හා නිහතමානී ලෙස අයැද සිටිමි.
 
කමනි ශ්‍රියාන්තා අබේසේකර,
(ශානි අබේසේකරගේ බිරිඳ)
 
සබැඳි පුවත් :
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...