leader s

රිමාන්ඩ් බාරයේ රඳවාගෙන සිටින රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ  ශානි අබේසේකරට ඇප ලබාදෙන ලෙස
ඉල්ලා ගොනුකර තිබු පෙත්සම අද (26) ගම්පහ මහාධිකරණයේදී විභාගයට ගත් අතර, ඊට අදාල තීන්දුව දෙසැම්බර් මස 07 ද ප්‍රකාශයට පත්කරන බව මහාධිකරණ විනිසුරුවරයා විසින් දැනුම් දී ඇතැයි වාර්තාවේ. 
 
මේ අතර සිරගත කොට සිටියදී කොරෝනාබාධිත වූ බවට වාර්තා වී ඇති හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ.
 
මහර රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින ශානි අබේසේකරට කෝවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇතිනම් ඔහු වහාම රෝහල් ගත කර ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර දැනුම් දෙන ලෙස මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස් වරයාට නොවැම්බර් 25 දා ලියා ඇති ලිපියකින් නිර්දේශ කර සිටී.
 
''මහර රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින ශානි අබේසේකරට කෝවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇතිනම් ඔහු වහාම රෝහල් ගත කර ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර දැනුම් දෙන ලෙස මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස් වරයාට නොවැම්බර් 25 දා ලියා ඇති ලිපියකින් නිර්දේශ කර සිටී.''
 
එම ලිපිය බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියට යවා ඇත්තේ හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුවය.
 
"මේ පැමිණිලි ලැබී ඇත්තේ  දැනට මහර බන්ධනාගාරයේ  රිමාන්ඩ් ගත කර සිටින අබේසේකර මහතා කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ප්‍රවෘත්ති වාර්තා පලවීමත් සමගය," යි රමණී මුත්තෙට්ටුවේගම කොමසාරිස්වරිය සිය ලිපියෙන් පවසයි.
 
"මෙය අබේසේකර මහතාගේ ජීවිතයට තර්ජනයක් එල්ල කරනු ඇති බවට බරපතල අවධානයක් යොමුවී තිබේ. අප මේ ලිපිය ලියන්නේ මේ පැමිණිල්ල කෙරේ ක්ෂණික අවධානය යොමු කොට ඔබේ බාරයේ ඉන්නා ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට දැඩි පියවර ගන්නා ලෙස උදක්ම ඉල්ලා සිටීමටයි. අබේසේකර මහතාට වයිරසය ආසාදනය වී ඇතිනම්, වයිරස් ආසාදිත පුද්ගලයන්ට ප්‍රතිකාර කරන ළඟම ඇති රෝහලට වහාම ඇතුල් කරන ලෙස නිර්දේශ කරමු."
 
ශානි අබේසේකරගේ ජීවිතය රැකදීම වෙනුවෙන් ගන්නා පියවර නොවැම්බර් 30 දාට පෙර දැනුම් දෙන ලෙස රමණි මුත්තෙට්ටුවේගම කොමසාරිස්වරිය බන්ධනාගාර කොමසාරිස්  තුෂාර උපුල්දෙණියගෙන් ඉල්ලා තිබේ.
 
ශානි අබේසේකරගේ ජීවිතය රැකදීම වෙනුවෙන් ගන්නා පියවර නොවැම්බර් 30 දාට පෙර දැනුම් දෙන ලෙස රමණි මුත්තෙට්ටුවේගම කොමසාරිස්වරිය බන්ධනාගාර කොමසාරිස්  තුෂාර උපුල්දෙණියගෙන් ඉල්ලා තිබේ.
 
කෝවිඩ් 19 වයිරස් ආසාදනය වී ඇති බව වාර්තා වෙන පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට සැකකෙරෙන්නකුගේ බිරිඳ වන ෆාතිමා කාදර් සාදියාගේ ජීවිතාරක්ෂාව සලසන ලෙසටද මානව හිමිකම් කොමිසම මීට ඉහතදී බන්ධනාගාර ප්‍රධානියා ගෙන් ඉල්ලා යවා තිබුනි.
 
HRC Letter
මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස් වරයාට යොමුකර ඇති ලිපිය 
 
 
සබැඳි පුවත් :
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්