The Leader News
BREAKING
Top Ad
පුවත්

ගජ මිතුරන්ට කෝටි ගණන් ලාභ ලබාදීමෙන් පසු රජය සීනි ගෙන්වන්න තීරණය කරයි

T

The Leader Desk

November 30, 2020 • 6:09 AM

ගජ මිතුරන්ට කෝටි ගණන් ලාභ ලබාදීමෙන් පසු රජය සීනි ගෙන්වන්න තීරණය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සීනි ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
  •   සීනි මිළ අඩු කිරීම සම්බන්ධ තීරණයේදී රජය ක්‍රියා කර ඇත්තේ කිසිදු විනිවිදභාවයකින් නොවන බවත් තම හිතවත් ව්‍යාපාරික ගජ මිතුරන් පිනවීම සඳහා බවත් ආර්ථික විශේෂඥයන්ගේ අදහස වී තිබේ.
  • 85/=කට වැඩියෙන් සීනි විකිණීම තහනම්!
  • - රන්ජිත් මද්දුම බණ්ඩාරගෙන් සීනි වංචාව ගැන හෙළිදරව්වක් (වීඩියෝ) ගැසට් පිට ගැසට් ගැහුවත් මිළ අඩු නොවූ සීනිවල තිත්ත ඇත්ත!
අකුරු ප්‍රමාණය (Font Size):
සීනි ආනයනය කිරීමේදී රජය මගින් තීරු බදු සහනයක් ලබාදී සීනි රුපියල් 80ට අලෙවි කරන ලෙස නියම කරමින් ගැසට් පිට ගැසට් ගැහුවද සීනි ආනයනකරුවන් තොග වශයෙන් සීනි අලෙවි කිරීමේ දී කිලෝග්‍රෑමයක් රුපියල් 110කට ලබා දීම නිසා පිටකොටුව ප්‍රදේශයේ තොග වෙළෙන්දන් සීනි මිලදී ගැනීම අත්හිටුවා ඇත. 
 
මේ නිසා සීනි හිඟයක් ඇති වීමේ අවදානමක්ද මතුව තිබේ.
 
එසේම සාමන්‍ය වෙළෙඳපොළේ සීනි කිලෝවක මිල රුපියල් 150 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි කෙරෙමින් පවතියි. WhatsApp Image 2020 11 30 at 12.33.01 PM
 
මේ නිසා එයට විසදුමක් ලෙස රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව මගින් ඉදිරියේ දී සීනි ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය සාකච්ඡා කර තිබේ.
 
රජය පසුගිය ඔක්තෝම්බර් 14වනදා සිට සීනි සඳහා පනවා තිබූ ආනයනික බදු ඉවත් ශත 25 දක්වා අඩු කිරීමේ වාසිය ජනතාවට නොලැබුණු නමුත් එහි වාසිය ලැබී තිබුණේ සමාගම් කිහිපයකට පමණි. 
 
 රජය පසුගිය ඔක්තෝම්බර් 14වනදා සිට සීනි සඳහා පනවා තිබූ ආනයනික බදු ඉවත් ශත 25 දක්වා අඩු කිරීමේ වාසිය ජනතාවට නොලැබුණු නමුත් එහි වාසිය ලැබී තිබුණේ සමාගම් කිහිපයකට පමණි. 
 
තීරු බදු සහනය ලබාදීම හරහා රජයට අහිමි වූ තීරු බද්ද අවම වශයෙන් කෝටි 700 කට ආසන්න මුදලක් බව මාධ්‍ය වාර්තා කර තිබේ.
 
සීනි මිළ අඩු කිරීම සම්බන්ධ තීරණයේදී රජය ක්‍රියා කර ඇත්තේ කිසිදු විනිවිදභාවයකින් නොවන බවත් තම හිතවත් ව්‍යාපාරික ගජ මිතුරන් පිනවීම සඳහා බවත් ආර්ථික විශේෂඥයන්ගේ අදහස වී තිබේ.
 
(lankaviews.com - Sithara Sajeewani)
 
සබැඳි පුවත් :

රු. 85/=කට වැඩියෙන් සීනි විකිණීම තහනම්! - රන්ජිත් මද්දුම බණ්ඩාරගෙන් සීනි වංචාව ගැන හෙළිදරව්වක් (වීඩියෝ)

 
 
 
 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...