The Leader News
BREAKING
Top Ad
පුවත්

සීනි 85 විකුනන්න ගැසට් පිට ගැසට් ගසා 135 ට විකුණන්න දින දෙයි !

T

The Leader Desk

December 3, 2020 • 10:33 AM

සීනි 85 විකුනන්න ගැසට් පිට ගැසට් ගසා 135 ට විකුණන්න දින දෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනට රු.140/= කට වඩා වැඩි මිළට අලෙවි වන දේශීය දුඹුරු සීනි රු.135/=ක් වැනි මුදලකට
  • යන්න උභතෝකෝටික ප්‍රශ්ණයක් බවද එම ව්‍යාපාරිකයින් පවසති.
  • 135/ අලෙවි කිරීමේ ජාවරමක්ද ඇතිවිය හැකි බව ඔවුන් කියා සිටිති.
  •     ''ශත 25 ක තීරු බදු ගෙවා ආනයනය කල සිනී කෝ?'' - - අගමැතිටත් ප්‍රශ්නයක්    සුදු සීනි කිලෝවක් රුපියල් 85/= ට පාරිභෝගිකයින් වෙත ලබාදීමට කටයුතු කරන්නැයි මුදල් අමාත්‍ය අගමැතිට බලපෑම්.
අකුරු ප්‍රමාණය (Font Size):
දෙසැම්බර් මස 02 වැනි දින සිට අළෙවි කිරීමට කටයුතු සලසන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් සතොස සභාපතිවරයා උපදෙස් ලබා දී ඇත. 
 
වෙළෙඳ අමාත්‍යාංශ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව රැස් වූ අවස්ථාවේදී ඇමතිවරයා එවැනි දැනුම්දීමක් කර ඇත්තේ, සීනි විකිණිය හැකි උපරිම මිල රුපියල් 85/= ක බවට රජය විසින් ගැසට් නිවේදන කිහිපයක්ම ප්‍රකාශයට පත්කර තිබිය දීය.
 
තමාගේ නව සංකල්පයක් මත වෙළෙඳ අමාත්‍යාංශයේ පූර්ණ මඟපෙන්වීම හා අධීක්ෂණයෙන් යුතුව ඉදිවන Q-Shop දාම වෙළෙඳසැල් වල ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දක්වා ඇති  අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ද දේශීය දුඹුරු සීනි සහනදායී මිළට සතොස වෙත ලබා දීම නිසා රුපියල් 135/කට  එම  දුඹුරු සීනි අළෙවි කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති නොවන බවද පවසා ඇත. 
 

64

 
 
 
''සුදු සිනී 85 ට දුඹුරු සිනී 135/-ට''
 
ඒ අනුව, රුපියල් 135/= ක මිලකට දුඹුරු සීනි  විකිණීමට වෙළඳ ඇමතිවරයා ලබා දී ඇති උපදෙස, ඔහු යටතේ තිබෙන පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ගේ අංක 71 දරණ 2020 නොවැම්බර් 10 වැනි දිනැති ගැසට් නිවේදනයේ සුදු සීනි සම්බන්ධයෙන් සඳහන් වන උපරිම මිල වන රුපියල් 85/= සීමාව දේශීය සීනිවලට බලපාන්නේ නැද්ද යන කාරණය මතුව ඇත.
 
d5df21aa baef 4519 9835 d7424c490a64
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ගේ ගැසට් නිවේදනය 
 
දේශීය සීනි (තත්වයෙන් බාල පිරිපහදු නොකරන ) එසේ රුපියල් 135/= කට අලෙවි කිරීමට වෙළඳ ඇමතිවරයා උපදෙස් දෙද්දී කිලෝ එකකට රුපියල් 50/= ක බදු ගෙවා ආනයනය කළ සීනි රුපියල් 85/= ට අලෙවි කරන්නැයි බලපෑම් කිරීම අතිශයින්ම අසාධාරණ යයි මෙරටට සීනි ආනයනය කරන බොහෝ ව්‍යාපාරිකයින් මැසිවිලි නගති.
 
මුදල් අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනය අනුව H.S.Code 17.01 - 1701 99.90 දක්වා වූ සියලුම අනයනික සීනිවල තීරු බද්ද (සුදු සීනි, බීට් සීනි, උක් සීනි) බද්ද ශත 25 ට අඩු කර ඇත. එවිට දේශීය දුඹුරු සීනි කියා වෙන් කරන්නේ කෙසේද? යන්න උභතෝකෝටික ප්‍රශ්ණයක් බවද එම ව්‍යාපාරිකයින් පවසති.
 
ඒ අනුව ඉන්දියාවෙන් ගෙන්වන දුඹුරු සීනිද දේශීය සිනී කියා රුපියල්. 135/ අලෙවි කිරීමේ ජාවරමක්ද ඇතිවිය හැකි බව ඔවුන් කියා සිටිති.
 
ඉන්දියාවෙන් ගෙන්වන දුඹුරු සීනිද දේශීය සිනී කියා රුපියල්. 135/ අලෙවි කිරීමේ ජාවාරමක්ද ඇතිවිය හැකිය.
 
 
''ශත 25 ක තීරු බදු ගෙවා ආනයනය කල සිනී කෝ?'' -- අගමැතිටත් ප්‍රශ්නයක් 
 
PM Lanka
සුදු සීනි කිලෝවක් රුපියල් 85/= ට පාරිභෝගිකයින් වෙත ලබාදීමට කටයුතු කරන්නැයි මුදල් අමාත්‍ය අගමැතිට බලපෑම්.
 
කිලෝ එකකට ශත 25 ක තීරු බදු ගෙවා ආනයන කරන ලද සීනි තොග මේවනවිට මහා පරිමාණ සමාගම්වල ගුදම්වල මෙන්ම පිටකොටුවේ වෙළඳපොල තුළ ගොඩගසා ඇති බැවින් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිගේ ගැසට් නිවේදනය අනුව එම සුදු සීනි කිලෝවක් රුපියල් 85/= ට පාරිභෝගිකයින් වෙත ලබාදීමට කටයුතු කරන්නැයි පාරිභෝගික අයිතීන් පිලිබඳ සංවිධාන කිහිපයක් ම අගමැතිවරයා ගෙන් ඉල්ලීම කර ඇතැයි වාර්තාවේ.
 
එහෙත් මේ පිලිබදව පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරන්නේ ඉතාමත් මන්දගාමී ස්වරූපයෙන් බව පාරිභෝගික අයිතීන් පිලිබඳ සංවිධාන තවදුරටත් පෙන්වා දෙයි. 
 
රුපියල් 135/= ක මිලකට දුඹුරු සීනි  විකිණීමට වෙළඳ ඇමතිවරයා දුන් නියෝගය, සීනි සඳහා පනවා ඇති රුපියල් 85/= උපරිම  සීනි මිල යලිත් 135/= දක්වා වැඩිකිරීමේ ගැසට් නිවේදනයක් නිකුත්කිරීමේ සුදානමක් ද විය හැකි බවට ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන සැක මතුකර තිබේ.
 
එවැනි තත්වයක් තුල ශත 25ක  තීරු බද්දක් ගෙවා මෙරටට සීනි ආනයනය කල දේශපාලන හිතවත්කම් ඇති ගජමිතුරු ව්‍යාපාරිකයින්ට රුපියල් බිලියන ගණනක් වාසියක් අත්වන බව පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පෙන්වා දෙති.
 
 
ආණ්ඩුවට මිල පාලනය කරගන්නවත් බැ ! 
 
KaruJaya''බලසම්පන්න විධායක බලයක් ගත්තාට පාලන මිලකට පරිප්පු සීනි ටිකක් විකුණා ගන්න බෑ. රජයක් විසින් ගැසට් කල පාලන මිල මේ ආකාරයට අමු අමුවේ උල්ලංඝනය කළ අවස්ථා ඉතිහාසයේ කිසිඳු විටෙක වාර්තා වී නැහැ ''
- කරු ජයසුරිය 
 
මේ අතර අද පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ හිටපු කතානායක කරු ජයසුරිය කියා සිටියේ, රජයක් විසින් ගැසට් කල පාලන මිල මේ ආකාරයට අමු අමුවේ උල්ලංඝනය කළ අවස්ථා වාර්තා ඉතිහාසයේ කිසිඳු විටෙක වාර්තා වී නොමැති බවයි.
 
 මෙය භයානක ප්‍රවණතාවයක් මෙන්ම රජයටද දැඩි අපහාසයක් බවද ඔහු එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.
 
''අද සහතික මිලට හාල් ලබාගත නොහැක. පොල්, සීනි, පරිප්පු, ලූණු, කහ ලබාගත නොහැක. එසේනම් රට කළඹා ලබාගත් මේ අසිමිත බලතලවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? පුරවැසියන් වශයෙන් අපි මේ සඳහා හේතු සොයාගත යුතුයි.'' කරු ජයසුරිය සඳහන් කළේය.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සීනි 85 විකුනන්න ගැසට් පිට ගැසට් ගසා 135 ට විකුණන්න දින දෙයි ! | The Leader