# පිරමිඩ් විල්මාර් සමාගම තවත් නැව් දෙකක සීනි ටොන් 33,000 ක් ගෙනේ !
# කොළඹ ගබඩාවල සීනී ටොන් 180,000 ක් 
# මාස තුනට සීනි සදහා ඩොලර් මිලියන 110 ක් ගිල දමලා. 
 
පසුගිය සතිය අවසාන වන විටත් ශ්‍රී ලංකාවේ වෙළඳ පොලේ  සීනි ටොන් ලක්ෂයක් පමණ ගබඩාවල තිබෙන බව අප විසින් හෙළි කරන ලදී.
 
එය අප රටට මාස තුනකට පමණ ප්‍රමාණවත් සීනි තොගයකි.
 
පිරමිඩ් විල්මා සමාගම ( Wilmar Trading ) විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ටොන් 26,000 ක තොගයට අමතරව අනෙකුත්  තොග ව්‍යාපාරිකයන් විසින්ද ආනයනය කරන ලද ටොන් 20,000 කට ආසන්න සීනි ප්‍රමාණයක් හා රුපියල් 50 බැගින් තීරු බදු ගෙව්  සීනි ටොන් 80000 ක ප්‍රමාණයක් ගබඩාවල තිබුනද රුපියල් 85/=  පාලන මිලට සීනි මිලදී ගැනීමට කිසිවෙකුටත් නොහැකිවිය.
 
එපමණ තොග ප්‍රමාණයක් රට තුල තිබුනද පිරමිඩ් විල්මාර් සමාගම ගිය සතියේ නැවතත් ඉන්දියාවේ කාකිනාඩා වරායෙන්  ( kakinada port) එන්ජල්ස් එම්.වී. (Angels MV) නෞකාවෙන් තවත් සීනි ටොන් 22,500ක් ආනයනය කර ඇති අතර දැනට එම තොගය කොළඹ වරායෙන් ගොඩ බාමින් තිබේ.
 
එපමණ තොග ප්‍රමාණයක් රට තුල තිබුනද පිරමිඩ් විල්මාර් සමාගම ගිය සතියේ නැවතත් ඉන්දියාවේ කාකිනාඩා වරායෙන්  ( kakinada port) එන්ජල්ස් එම්.වී. (Angels MV) නෞකාවෙන් තවත් සීනි ටොන් 22,500ක් ආනයනය කර ඇති අතර දැනට එම තොගය කොළඹ වරායෙන් ගොඩ බාමින් තිබේ.
 
මෙම තොගයටද තීරු බදු ගෙවා ඇත්තේ ද මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඔක්තෝම්බර් මස 13 දින ගැසට් නිවේදනය අනුව කිලෝවකට සත 25 ක මුදලකි.
 

FM 1

FM 2

එයින් නොනවතින පිරමිඩ් විල්මාර් සමාගම, ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සදහා තවත් සීනි ටොන් 13,250 ක ප්‍රමාණයක් හෙන්ස් ජිඩැන්ස්ක්. ( Henze Gdansk) නම් නෞකාවට ඉන්දියාවේ කාකිනාඩා වරායේ පටවමින් තිබෙන බව නාවික ප්‍රවාහන කටයුතු පිළිබඳ සමාගම් විසින් හෙළිකර ඇත.
 
මේ නෞකාව ද  තවත් දින හතක් හෝ අටක් ඇතුළත කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.
  
එයින් නොනවතින පිරමිඩ් විල්මාර් සමාගම, ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සදහා තවත් සීනි ටොන් 13,250 ක ප්‍රමාණයක් හෙන්ස් ජිඩැන්ස්ක්. ( Henze Gdansk) නම් නෞකාවට ඉන්දියාවේ කාකිනාඩා වරායේ පටවමින් තිබෙන බව නාවික ප්‍රවාහන කටයුතු පිළිබඳ සමාගම් විසින් හෙළිකර ඇත. මේ නෞකාව ද  තවත් දින හතක් හෝ අටක් ඇතුළත කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.
 
ඔක්තෝම්බර්  29 දින ආනයනය අපනයනය පාලක අධිකාරි ටී. වී. දමයන්ති කරුණාරත්න විසින් සීනි ආනයනය විවෘතව කිරීමට තිබූ අවසරය  (open market imports) තහනම් කර අංක ICCD / 6 / 1/ 10/ 2020 VOL යොමුව සහිත නියෝගය මගින් සිනී ආනයනය බලපත්‍ර ක්‍රමය යටතට (Import Licence ) පත්කර තිබිය දී මේ ආකාරයට රටේ විදේශ විනිමය කාබාසිනියා කරමින්, සීනි ආනයනය කරන්නේ ඇයිද යන්න අප මුල සිටම හෙළිදරව් කළෙමු.
 
mznc.m
 
 
ඉන්දියාවේ අතිරික්ත තොග ලංකාවට ඩම්ප් කරාද සැකයක් !
 
පාරිභෝගිකයාට රුපියල් 85/= ට සීනි ලබාදීම සඳහා සතොසත්, ජනාධිපති කාර්යාලයත්, මුදල් අමාත්‍යංශයත්, පාරිභෝගික කටයුතු අධිකාරියත් ඒකරාශීව පසුගිය ඔක්තෝබර් 13 දින සිට ක්‍රියාත්මක කළ ක්‍රියාන්විතය මේ වන විට එම පාර්ශවයන් විසින්ම අතහැරදමා ඇති බව පෙනීයන බව පාරිභෝගික අයිතිවාසිකම්  පිලිබඳ සංවිධාන  පෙන්වා දෙයි. 
 
මුදල් ඇමතිගේ තීරු බදූ අඩුකිරීමේ ඔක්තෝබර් 13 දිනැති ගැසට් නිවේදනය පමණක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර බහු ජාතික සමාගමක් වන පිරමිඩ් විල්මාර් සමාගම ඇතුලු පිටකොටුවේ තොග වෙළෙදුන්  නොවැම්බර් මස 01 වන දිනෙන් පසු ආනයන බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි සඳහා කිලෝවකට තවමත් ගෙවනු ලබන්නේ කිලෝවකට ශත -/25 තීරු බද්දකි.
 
බහු ජාතික සමාගමක් වන පිරමිඩ් විල්මාර් සමාගම ඇතුලු පිටකොටුවේ තොග වෙළෙදුන්  නොවැම්බර් මස 01 වන දිනෙන් පසු ආනයන බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි සඳහා කිලෝවකට තවමත් ගෙවනු ලබන්නේ කිලෝවකට ශත -/25 තීරු බද්දකි.
 
එසේ වුවද  පාරිභෝගික කටයතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායකගේ නොවැම්බර් 10 දිනැති  උපරිම මිල ගැසට් නිවේදනය තඹයකටවත් මායිම් නොකර වෙළඳුන් තමන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීම මෙම පාලනය යටතේ රජයේ නියෝගවලට සෘජුවම අභියෝග කිරීමක් බවට සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස විවේචනයට ලක්වෙමින් පවතී.
 
 සත 25 වාසිය ලබා ගැනීමේ පරමාර්ථයෙන් පිටකොටුව තොග තොග වෙළඳුන් විසින් ද සීනි ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයක් ඔක්තෝම්බර් 29 වැනි දිනෙන් පසුව මෙරට ආනයනය කර ඇත.
 

Suger zxzසත 25 වාසිය ලබා ගැනීමේ පරමාර්ථයෙන් පිටකොටුව තොග තොග වෙළඳුන් විසින් ද සීනි ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයක් ඔක්තෝම්බර් 29 වැනි දිනෙන් පසුව මෙරට ආනයනය කර ඇත.

 
මෙම සියලුම ආනයනයන් සදහා දින 180 ක කාලයකට ණයවර ලිපි දේශීය බැංකු මාර්ගයෙන් නිකුත් කර ඇත. 
 
 ආනයනය කරන ලද සීනි ටොන් ලක්ෂ දෙකක තොග සඳහා වන විදේශ විනිමය පියවීම ලබන වසරේ අප්‍රේල්, මැයි මාසවලදී  සිදුකල යුතුය.
 
සියලුම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන, ශ්‍රී ලංකාවේ බැංකු සහ රක්ෂණ සමාගම්වල දර්ශකයන් CCC + ශ්‍රේණිය දක්වා පහත දමා ඇති අවස්ථාවක මෙවැනි විසාල  විනිමය ප්‍රමාණයක් ගෙවීම ද අභියෝගයක් වනවා නොඅනුමානය.
 
 කහ කුඩු පැකට්ටුවේ සිට දුප්පතාගේ පාපැදියේ ටයරය දක්වා ම ආනයනය තහනම් කර ඇති අවස්ථාවක, එක් සමාගමකට පමණක් ආනයන බලපත්‍ර ලබා දෙමින් සීනි තීරු බද්ද සත විසි පහකට අඩු කරමින්, සිදු කරනු ලබන මෙම මගඩිය පැහැදිලිවම ගජමිතුරන්ට කෝටි ප්‍රකෝටි ගණනින් වාසි අත්කර දෙමින් කොමිස් ලබාගැනීමේ මෙහෙයුමක් බවට ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලවෙමින් තිබේ. 
 
කහ කුඩු පැකට්ටුවේ සිට දුප්පතාගේ පාපැදියේ ටයරය දක්වා ම ආනයනය තහනම් කර ඇති අවස්ථාවක, එක් සමාගමකට පමණක් ආනයන බලපත්‍ර ලබා දෙමින් සීනි තීරු බද්ද සත විසි පහකට අඩු කරමින් සිදු කරනු ලබන මෙම මගඩිය පැහැදිලිවම ගජමිතුරන්ට කෝටි ප්‍රකෝටි ගණනින් වාසි අත්කර දෙමින් කොමිස් ලබාගැනීමේ මෙහෙයුමක් බවට ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලවෙමින් තිබේ. 
 
ජනතාවගේ පැත්තෙන් නම් ප්‍රශ්නය වන්නේ සත විසිපහේ තීරු බද්දට සීනි ටොන්  1,60,000 ක් පමණ රට තුළට ආනයනය කර ඇතත්, අද වනතුරු පාලන මිල වන රුපියල් අසූ පහකට සීනි කිලෝවක් හෝ ලබාදීමට අඩුම වශයෙන් ලක් සතොස හෝ අසමත්වීමයි.
 
මේවනවිට විවෘත වෙළඳ පොළේ සීනි කිලෝවක මිල රුපියල් 106/= ක් පමණ වන අතර මෙම මිල හා පාලන අතර වෙනස රුපියල් 21/= කි.
 
මෙම මහා පරිමාණ සීනි ආනයනය පිළිබඳව අමාත්‍යවරුන් විසින් පෙන්වා දුන් අවස්ථාවකදී රජයේ ඉහළ ම බලධාරියකු පවසා ඇත්තේ, ආනයන තීරු බද්ද ශත 25කට අඩු කර ඇති බැවින් ඕනෑම අයකුට හැකිනම්, නව ගණනින් සීනි ආනයනය කිරීමට කිසිදු බාධාවක් නොමැති බවයි.
 
සීනි ආනයනය සඳහා පසුගිය මාස තුන තුළ (ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා)  ඉන්දියාවට ඇදී ගිය විදේශ විනිමය ප්‍රමාණය ටොන්  250, 000 ක් සඳහා ටොන් එකකට ඩොලර් 440/= බැගින් ඩොලර් මිලියන 110කි.
 
එනම්, රුපියල් මිලියන 2000 ක් නැතහොත් බිලියන 2කි.
 
තීරු බදු අඩු කිරීම නිසා රජයට මේවනවිට අහිමිවී ඇති අදායම රුපියල් මිලියන 7960කි. එනම් රුපියල් කෝටි 796 කි. 
 
ලක් සතොස ලබා ඇති අලාභය කොටි 600කි. 
 
මේ සියල්ල විමසා බැලීමේදී පෙනීයන්නේ මෙම මහා පරිමාන සීනී ආනයනය තවත් ගජමිතුරු 'ඩීල් එකක්' බවයි.
 
(විශේෂ ලියුම්කරුවකු විසිනි)
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්