The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

'මළ සිරුරු බලෙන් පිච්චීම නතර කර නව වසර අරඹමු' - වික්‍රමබාහු

T

The Leader Desk

January 1, 2021 • 2:38 AM

'මළ සිරුරු බලෙන් පිච්චීම නතර කර නව වසර අරඹමු' - වික්‍රමබාහු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුස්ලිම් ජනයාගේ සිතට සතුටක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කරන ලෙස ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.
  • කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු ආදාහනය කිරීම වහාම නතර කරන ලෙස ගෙනයන සටනට එක් වන ලෙස ඔහු වැඩි දුරටත් රටේ මුස්ලිම් නායකත්වයෙන් ඉල්ලා සිටියේය.
  • උද්ඝෝෂණය සදහා එක්ව සිටි මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සඳහන් කළේ බුදුන්ගේ ධර්මය පිළි ගන්නා බව පවසන වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් බුදුදහමට පටහැනිව කටයුතු කරන බවයි.
  • සිංහල බෞද්ධයන්ගේ මනාපය පරිදි මල සිරරු ආදාහනය කිරීමට අවසර දෙන ආණ්ඩුව මුස්ලිම් ජනතාවගේ ඉල්ලීම පරිදි භුමදානයට ඉඩ නොදී රට තුල නීති දෙකක් ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ වාමාංශික නායකයා එහිදී සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
මුස්ලිම් ජනයාගේ සිතට සතුටක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කරන ලෙස ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.
 
 "අලුත් අවුරුද්දකට මුහුණ දෙන්න යන්නේ. හෙට දවස ඇතුලතදී අපේ මුස්ලිම් ජනතාවගේ හිතවල් ඇතුලට  සන්තෝෂයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා."
 
 එසේ නොවුනහොත් මුස්ලිම් ජනයාගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම සදහා නව වසරේ දිනපතා සටන් කිරීමට සිදු වන බව ආණ්ඩුවට දන්වා සිටියේ "බලහත්කාරයෙන් ආදාහනය නවතනු" මැයෙන් දෙසැම්බර් 31 බදාදා බොරැල්ල කනත්ත ඉදිරිපිට පැවැත්වු විරෝධතාවයේදීය.
 
 "ප්‍රජාතන්ත්‍රවාදී සටනට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා" වාමාංශික මුස්ලිම් නායකයා එහිදී සදහන් කළේය.
 
 කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු ආදාහනය කිරීම වහාම නතර කරන ලෙස ගෙනයන සටනට එක් වන ලෙස ඔහු වැඩි දුරටත් රටේ මුස්ලිම් නායකත්වයෙන් ඉල්ලා සිටියේය.
 
උද්ඝෝෂණය සදහා එක්ව සිටි මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සඳහන් කළේ බුදුන්ගේ ධර්මය පිළි ගන්නා බව පවසන වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් බුදුදහමට පටහැනිව කටයුතු කරන බවයි.
 
උද්ඝෝෂණය සදහා එක්ව සිටි මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සඳහන් කළේ බුදුන්ගේ ධර්මය පිළි ගන්නා බව පවසන වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් බුදුදහමට පටහැනිව කටයුතු කරන බවයි.
 
"නමුත් බුදුන් කවදාවත් කෝසල රජ්ජුරුවන්ටත්, එහෙම නැත්නම් බිම්බිසාර රජ්ජුරුවන්ටවත් කියලා නීති පනවලා අනිත් ආගම් වල අය කරන දේවල් නවත්තලා තමන්ට හරව ගන්න කටයුතු කළේ නෑ.ඒක විශාල අපරාධයක් හැටියට තමයි බුදුරජානන්වහන්සේ කියලා තියෙන්නේ."
 
මුස්ලිම් ජනයාගේ ආගමික විශ්වාසයන්ට පටහැනි ලෙස නීති පනවන්නට ආණ්ඩුව කටයුතු කර තිබෙන බවට චෝදනා කළ විදීයේ සටන් කරුවකු ලෙස ඉතිහාසයක් ඇති මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ ඔහු නීතිය නොදන්නේද යනුවෙනි.
 
 
රට තුළ නීති දෙකක් !
 
සිංහල බෞද්ධයන්ගේ මනාපය පරිදි මල සිරරු ආදාහනය කිරීමට අවසර දෙන ආණ්ඩුව මුස්ලිම් ජනතාවගේ ඉල්ලීම පරිදි භුමදානයට ඉඩ නොදී රට තුල නීති දෙකක් ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ වාමාංශික නායකයා එහිදී සඳහන් කළේය.
 
“ජාතිවාදය පලවා හරිව්, විද්වත් කමිටුව කෝ, විසි දවසේ දරුවා-අමු අමුවේ පිච්චුවා, පවිත්‍රා පවිත්‍රා හිත ගලක්ද පවිත්‍රා, හැම එකටම WHO - පුච්චන්නට මෙහෙ ඈයෝ” ආදී සටන් පාඨ සහිත පුවරු මෙම උද්ඝෝෂණයෙදී ප්‍රදර්ශනය විය.
 
මුස්ලිම් වාමාංශික පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයට   සිංහල, දෙමළ මුස්ලිම් ජන වර්ග  වල සහභාගිත්වයත් පැවැති බව අග නගරයේ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'මළ සිරුරු බලෙන් පිච්චීම නතර කර නව වසර අරඹමු' - වික්‍රමබාහු | The Leader