leader s

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට
තමා සූදානම් වුවත් විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.
 
 ඔහු එම අවධාරණය කරනු ලැබුවේ, අද (09) උදෑසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති  “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමිනි.
 
'' පසුගිය දවස්වල හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශ ගැන බලන්න. එය එසේ සිදුනොවිය යුතුයි. මට නන්දසේන ගෝඨාභය කියනවා. ඔව් මම නන්දසේන ගෝඨාභය තමයි. හොද නම් ඒවා. මට චරිත දෙකක් තියෙනවා. 
 
අපේ හාමුදුරුවන් කියනවා අපිට ඕන ජනාධිපති ගෝඨාභය නෙමෙයි ඉස්සර හිටිය ආරක්ෂක ලේකම් ගෝඨාභයයි ඕන කියලා. 
 
ජනතාව කියනවා ටිකක් සැරෙන් ඉන්න ඕන කියලා. මට ඒකත් කරන්න පුළුවන්. සැරෙන් ඉන්නත් පුළුවන්. 
 
මට ඒ චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම්. 
 
මතකනේ පිත්තල හන්දියේ දී කොටි නායකයා මට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා යුද්ධය පටන් ගත්තේ. මම යුද්ධය අවසන් කලේ ඒ බෝම්බ ගහපු කොටි නායකයා බල්ලෙක් වගේ හතර ගාතේ දාලා උස්සලා ගෙනල්ලා දාලා. 
  
''මතකනේ පිත්තල හන්දියේ දී කොටි නායකයා මට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා යුද්ධය පටන් ගත්තේ. මම යුද්ධය අවසන් කලේ ඒ බෝම්බ ගහපු කොටි නායකයා බල්ලෙක් වගේ හතර ගාතේ දාලා උස්සලා ගෙනල්ලා දැම්මේ. ''
 
මට ඕන චරිතයක් කරන්න පුළුවන්. දේශපාලනය කරන්න පුළුවන්. විපක්ෂය උනත් දේශපාලනය කරන්න ඕන. හැබැයි ජනතාවට අවශ්‍ය දේශපාලනය සිදුකරන්න ඕන. නමුත් මා විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැතැයි ”  ජනාධිපතිවරයා කියා සිටියේය.
 
 

 
 
සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරය බව එහිදී පැවසු ජනාධිපතිවරයා, ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට සූදානම් නැති බව සඳහන් කළේය.
 
ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි ජනාධිපතිවරයා මෙහිදී විපක්ෂයට කියා සිටියේය.
 
” පසුගිය කාලයේ දී අපේ අයව යහපාලන රජයේ අය නිකරුනේ සිර භාරයට ගත්තා. නමුත් ඒ අය සම්බන්ධයෙන් අද නිතිය ක්‍රියාත්මක කරනවා. දේශපාලන මැදිහත්වීමකින් තොරව මෙය සිදුවන්න ඕන. ඒ ගැන විපක්ෂයත් තේරුම් ගැනීම අත්‍යාවශ්‍යයි.'' ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
 

 

'ද ලීඩර්' පුවත් විශේෂාංගය 
 
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil