The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
පුවත්

'මට බෝම්බ ගහපු කොටියා ට කරපු දේ මතක ද?' - ජනාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්!

T

The Leader Desk

January 9, 2021 • 5:23 PM

'මට බෝම්බ ගහපු කොටියා ට කරපු දේ මතක ද?' - ජනාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමා සූදානම් වුවත් විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.
  • ඔහු එම අවධාරණය කරනු ලැබුවේ, අද (09) උදෑසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමිනි.
  • '' පසුගිය දවස්වල හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශ ගැන බලන්න.
  • හැබැයි ජනතාවට අවශ්‍ය දේශපාලනය සිදුකරන්න ඕන.
අකුරු ප්‍රමාණය (Font Size):
තමා සූදානම් වුවත් විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.
 
 ඔහු එම අවධාරණය කරනු ලැබුවේ, අද (09) උදෑසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති  “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමිනි.
 
'' පසුගිය දවස්වල හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශ ගැන බලන්න. එය එසේ සිදුනොවිය යුතුයි. මට නන්දසේන ගෝඨාභය කියනවා. ඔව් මම නන්දසේන ගෝඨාභය තමයි. හොද නම් ඒවා. මට චරිත දෙකක් තියෙනවා. 
 
අපේ හාමුදුරුවන් කියනවා අපිට ඕන ජනාධිපති ගෝඨාභය නෙමෙයි ඉස්සර හිටිය ආරක්ෂක ලේකම් ගෝඨාභයයි ඕන කියලා. 
 
ජනතාව කියනවා ටිකක් සැරෙන් ඉන්න ඕන කියලා. මට ඒකත් කරන්න පුළුවන්. සැරෙන් ඉන්නත් පුළුවන්. 
 
මට ඒ චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම්. 
 
මතකනේ පිත්තල හන්දියේ දී කොටි නායකයා මට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා යුද්ධය පටන් ගත්තේ. මම යුද්ධය අවසන් කලේ ඒ බෝම්බ ගහපු කොටි නායකයා බල්ලෙක් වගේ හතර ගාතේ දාලා උස්සලා ගෙනල්ලා දාලා. 
  
''මතකනේ පිත්තල හන්දියේ දී කොටි නායකයා මට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා යුද්ධය පටන් ගත්තේ. මම යුද්ධය අවසන් කලේ ඒ බෝම්බ ගහපු කොටි නායකයා බල්ලෙක් වගේ හතර ගාතේ දාලා උස්සලා ගෙනල්ලා දැම්මේ. ''
 
මට ඕන චරිතයක් කරන්න පුළුවන්. දේශපාලනය කරන්න පුළුවන්. විපක්ෂය උනත් දේශපාලනය කරන්න ඕන. හැබැයි ජනතාවට අවශ්‍ය දේශපාලනය සිදුකරන්න ඕන. නමුත් මා විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැතැයි ”  ජනාධිපතිවරයා කියා සිටියේය.
 
 

 
 
සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරය බව එහිදී පැවසු ජනාධිපතිවරයා, ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට සූදානම් නැති බව සඳහන් කළේය.
 
ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි ජනාධිපතිවරයා මෙහිදී විපක්ෂයට කියා සිටියේය.
 
” පසුගිය කාලයේ දී අපේ අයව යහපාලන රජයේ අය නිකරුනේ සිර භාරයට ගත්තා. නමුත් ඒ අය සම්බන්ධයෙන් අද නිතිය ක්‍රියාත්මක කරනවා. දේශපාලන මැදිහත්වීමකින් තොරව මෙය සිදුවන්න ඕන. ඒ ගැන විපක්ෂයත් තේරුම් ගැනීම අත්‍යාවශ්‍යයි.'' ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
 

 

'ද ලීඩර්' පුවත් විශේෂාංගය 
 
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...