ජනාධිපතිවරයාට උපදෙස්බව කියන අනුරාධපුරයේ ඥානාක්කා (ඥාණා මෑණියන්) බැහැදැකීමට
හරින් ප්‍රනාන්දු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද අනුරාධපුරයේ ගොස් ඇතැයි පිවිතුරු හෙල උරුමයේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල පවසයි.
 
ඔහු පාර්ලිමේන්තුවේදී එබව කියා සිටියේ, ''ස’ට ශාපයක් වී ඇති පස් දෙනෙකු සිටින බව''ට  විපක්ෂ පාලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පසුගිය 06දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
 
එසේ ජනාධිපතිවරයාට සාපයක් වී ඇත්තේ, ප්‍රධාන පෞද්ගලික මාධ්‍ය ආයතනයක් හිමි ඇන්ටිජන් මෑන් නමින් හඳුන්වන පුද්ගලයා, උදයංග වීරතුංග, නිශ්ශංක සේනාධිපති, පැණි ධම්මික හා අනුරාධපුරයේ එක්කෙනෙක් බව එහිදී පැවසු මන්ත්‍රීවරයා, ''ආණ්ඩුව හදන්න ඡන්දෙ දීපු 69 ලක්ෂයක් ෆේල් වලා තියෙන්නෙ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ පස් දෙනා නිසා බව'' හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.
  

හරින් ප්‍රනාන්දුගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් 'ඥාණා මෑණියන්' බැතිමතකු වන බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මෙසේ ප්‍රතිචාර දැක්විය.
 
''මිත්‍ර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිතුමා මෙතන කතාවක් කරමින් ජනාධිපතිතුමා අනුරාධපුරයේ මෑණියන් බැහැ දකින්න යනවයි කියලා අපහාසයෙන් උපහාසයෙන් කතා කළා. 
 
ඉස්ලාම් බැතිමතුන්ගේ ගේ ආගමික විශ්වාසයන්ට ගරු කළ යුතුයි කියලා පාරේ උද්ඝෝෂණ කරන ගමන් තවත් විශ්වාසයන් පිළිබඳ අපහාස උපහාස කිරීමෙන් ලොව පැවැතිය යුත්තේ එක විශ්වාසයක් එක ඇදහීමක් පමණයි කියලා කියන තැනද ඔබ ඉන්නේ කියලා අපිට විපක්ෂයෙන් ප්‍රශ්න කරන්න වෙනවා.
 
ඇත්තෙන්ම මුලින්ම ගියේ ඝෝටාභය ජනාධිපතිතුමා නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක ඩී බී විජේතුංග ජනාධිපතිතුමා. 
 
1980 – 90දශකයේ අනුරාධපුරයේ මෑණියන්ගේ දේවාලේ පුටුවක සංසුන්ව වාඩි වෙලා තමන්ගේ වාරය එනතුරු බලාසිටින ඩී බී විජේතුංග ජනාධිපතිතුමා ඒ දේවාලෙට යන අයට ඉතාම සුලබ දසුනක් වුණා. 
 

Gnana

එහෙම අනුරාධපුරේ මෑණියන් බැහැදකින්න ගියේ ඩී.බී විජේතුංග ජනාධිපතිතුමා පමණක් නොවෙයි. අද සමගි ජනබලවේගයේ ආදරණීය නායකයා මගේ පෞද්ගලික මිත්‍රයා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආදරණීය මෑණියන් අපිත් ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන හේමා ප්‍රේමදාස මැතිනිය ගිහින් තියෙනවා.
 
 පී හැරිසන් මන්ත්‍රිතුමා, අකිල විරාජ් කාරියවසම් හිටපු මහ ලේකම් තුමා, තලතා අතුකෝරාල මන්ත්‍රීතුමිය, චන්ද්‍රා බණ්ඩාර මන්ත්‍රීතුමිය, කින්ස් නෙල්සන් මන්ත්‍රිතුමා ඒ වගේ එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය දිග ලයිස්තුවක් තියෙනවා.
 
හැබැයි ලස්සන වැඩේ ඊළඟ නම මම සිහිපත් කළොත් අපි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිතුමා ලැජ්ජාවෙන් ඇඹරේවි. හරින් ප්‍රනාන්දු මන්ත්‍රිතුමාත් අනුරාධපුරයේ ගිහිල්ලා තියෙනවා මෑණියන් බැහැදකින්න. 
 
එහෙම ගිය කෙනා තමයි පාර්ලිමේන්තුවෙ මේ මෑණියන් ගැන අපහාසයෙන් උපහාසයෙන් කතා කරල තියෙන්නෙ . ඒ නිසාම මගේ මිත්‍ර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිතුමාට කියනවා ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට කියලා.''
 
 
ජනාධිපතිටත් මලපනි ?
 
මේ අතර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යම් අමනාපයකින් සිටින බව ඔහු ඊයේ කළ ප්‍රකාශයකින් පැහැදිලිවේ.
 
ඊයේ  (09) උදෑසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති  “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මෙසේ පැවසිය.
 
'' පසුගිය දවස්වල හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශ ගැන බලන්න. එය එසේ සිදුනොවිය යුතුයි. මට නන්දසේන ගෝඨාභය කියනවා. ඔව් මම නන්දසේන ගෝඨාභය තමයි. හොද නම් ඒවා. මට චරිත දෙකක් තියෙනවා. 
 
අපේ හාමුදුරුවන් කියනවා අපිට ඕන ජනාධිපති ගෝඨාභය නෙමෙයි ඉස්සර හිටිය ආරක්ෂක ලේකම් ගෝඨාභයයි ඕන කියලා. 
 
ජනතාව කියනවා ටිකක් සැරෙන් ඉන්න ඕන කියලා. මට ඒකත් කරන්න පුළුවන්. සැරෙන් ඉන්නත් පුළුවන්. 
 
මට ඒ චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම්. 
 
මතකනේ පිත්තල හන්දියේ දී කොටි නායකයා මට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා යුද්ධය පටන් ගත්තේ. මම යුද්ධය අවසන් කලේ ඒ බෝම්බ ගහපු කොටි නායකයා බල්ලෙක් වගේ හතර ගාතේ දාලා උස්සලා ගෙනල්ලා දාලා. 
  
මට ඕන චරිතයක් කරන්න පුළුවන්. දේශපාලනය කරන්න පුළුවන්. විපක්ෂය උනත් දේශපාලනය කරන්න ඕන. හැබැයි ජනතාවට අවශ්‍ය දේශපාලනය සිදුකරන්න ඕන. නමුත් මා විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැතැයි ”  ජනාධිපතිවරයා කියා සිටියේය.
 
 
 

 
'ද ලීඩර්' පුවත් විශේෂාංගය 
 
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්