The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
පුවත්

ජනපතිගේ කතාව 'මරු පහරක්' -සජිත් : 'රටේ කීර්ති නාමයට විශාල හානියක්' -කරු

T

The Leader Desk

January 10, 2021 • 4:11 PM

ජනපතිගේ කතාව 'මරු පහරක්' -සජිත් : 'රටේ කීර්ති නාමයට විශාල හානියක්' -කරු  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සංවිධානයේ සභාපති, දේශබන්දු කරු ජයසූරියගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.
  • එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
  • ''ඊයේ ජනවාරි 09 දින ජනාධිපතිතුමන් විසින් අම්පාර උහන ප්‍රදේශයේ දී කළ කතාව විවිධ පැතිකඩ වලින් අවධානයට ලක්ව ඇති බව පෙනේ.
  • රටේ රාජ්‍ය නායකයාගේ කතාබහ, ගමන්බිමන්, ඉරියව් මෙන්ම එතුමා විසින් කෙරෙන සෑම ප්‍රකාශයන් හා ක්‍රියාදාමයන් මහජන අවධානයට යොමු වීම නොවැලැක්විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඊයේ (09) සිදුකළ ප්‍රකාශය තරයේ හෙළාදකින බවත්, හරීන් ප්‍රනාන්දුට එල්ල වී ඇති ජීවිත තර්ජනය හමුවේ ඒ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් සහ පක්ෂය සම්පූර්ණයෙන්ම කැපවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. 
 
මහජන නියෝජිතයකු වශයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළදී කළ කතාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තර්ජනාත්මකව සිදුකළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බවද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
 
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයකු සහ සහෝදර මන්ත්‍රීවරයකු වන හරීන් ප්‍රනාන්දුට අබමල් රේණුවක පමණින් හෝ හානියක් සිදුවුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා සහ රජය බාරගත යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. 
 
මොනයම් හෝ ආකාරයක තර්ජනයකින් ගර්ජනයකින් ජනතාවගේ මතය යටපත් කළ නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා, මෑතකදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රජාතන්ත්‍රවාදය කෙළසමින් තර්ජනයෙන් ගර්ජනයෙන් භීෂණයෙන් ජනතා මතය යටපත් කිරීමට උත්සාහ දැරූ නමුත් අවසානයේ සිදුවුනේ ඔහුට එරෙහිව ඔහුගේම පක්ෂය තුළින් පවා දැවැන්ත විරෝධයක් ගොඩනැඟීම බවත් සිහිපත් කළේය. 
 
එසේම අපේ රට තුළ කිසිදු ආකාරයකින් තර්ජනයට ගර්ජනයට භීෂණයට ප්‍රචණ්ඩත්වයට හෝ ම්ලේච්ඡත්වයට කිසිදු ඉඩක් නොමැති බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම උදෙසා තමන් සහ තම පක්ෂය දිවිහිමියෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් වදින බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. 
 
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද (10) පෙරවරුවේ පැවති සමගි ජන බලවේගයේ පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි. 
 

  
මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' පවසන්නේ, හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට හෝ ඕනෑම මහජන නියෝජිතයකුට මරණ තර්ජන කරමින් බිය ගැන්වීම ශීලාචාර සමාජය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ඇති බවයි.
 
එම සංවිධානයේ සභාපති, දේශබන්දු කරු ජයසූරියගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.
 
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
 
''ඊයේ ජනවාරි 09 දින ජනාධිපතිතුමන් විසින් අම්පාර උහන ප්‍රදේශයේ දී කළ කතාව විවිධ පැතිකඩ වලින් අවධානයට ලක්ව ඇති බව පෙනේ.
 
රටේ රාජ්‍ය නායකයාගේ කතාබහ, ගමන්බිමන්, ඉරියව් මෙන්ම එතුමා විසින් කෙරෙන සෑම ප්‍රකාශයන් හා ක්‍රියාදාමයන් මහජන අවධානයට යොමු වීම නොවැලැක්විය හැකිය. රටේ නායකයන් මේ සත්‍යය වටහාගත යුතුය.
 
KaruJaya''අප වෙත ලැබුණු වාර්තා හා විස්තර අනුව මෙය තර්ජනයක් වශයෙන් බොහෝ දෙනෙකු සලකන අතර ප්‍රභාකරන් ගේ ඝාතනය ගැන සඳහන් කරන හේතුවෙන් එය මරණීය තර්ජනයක් වශයෙන් ද හැඳින්වීමට පටන්ගෙන තිබේ.''
- දේශබන්දු කරු ජයසූරිය
 
සමහර ස්වාමින් වහන්සේලා විසින් එතුමාට ජනාධිපති මෙන් නොව හිටපු ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින බව සඳහන් වී ඇති හෙයින් ඒ කරුණ ගැන සමාජයේ හා සංඝරත්නය තුළ විශාල ආන්දෝලනයක් ඇති වී තිබීම ගැන අපි අතිශය කණගාටුවට පත්වීමු.
 
බෞද්ධ භික්ෂුන් වහන්සේනමක් විසින් කිසි දිනක ප්‍රාණගාතය අනුමත නොකරන බැවින් කිසි විටෙකත් උන්වහන්සේලා තුළ එවැනි සිතිවිල්ලක් ඇති නොවුනු බව අපගේ දැඩි විශ්වාසයයි. 
 
මෙම සිද්ධිය නිසා රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුව තිබේ.
 
මීට අමතරව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද තම ජීවිතය ආරක්ෂා කරදෙන ලෙස පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බවට වාර්තා වී ඇත. 
 
ඒ පිළිබඳවද රජයේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ පූර්ණ  අවධානය යොමු විය යුතුයි.
 
ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වයට හා ජීවිත තර්ජන අපි කිසිසේත් අනුමත නොකරමු. ''
 

 

The Leader TV පුවත් විශේෂාංගය 
 
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...