The Leader News
BREAKING
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජාතික ගී පැටලැවිල්ල: නගෝයා පුරපතිගෙන් සමාව●මක්කම ගිය බංග්ලාදේශ තරුණ විවාහක යුවළගේ හිස් ගසා දැම්මේ ඇයි?●යෂ්ටියෙන් නැගිටින 79 හැවිරිදි ග්ලෙන් ක්ලෝස්ගේ සිනමා පිපාසය●අජන්ත සෙනෙවිරත්නගේ 'පරපුරක ජීවක' ප්‍රශස්තම බෞද්ධ නවකතාව වෙයි●ඩොලර් අර්බුදයෙන් මලාවිය අඩපණ වෙයි: තෙල් පෝලිම් නිවහන කරගත් රියදුරන්ගේ කතාව●බටහිර ඉවුරේ ඔලිව් අස්වැන්න ලෙයින් තෙත්වෙයි●සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත්වීමට ආ පෙත්සම් 13ම ඉවතට●සෞදියේ කිං ෆාඩ් ගුවන් තොටුපළට ප්‍රහාරයක්: ශ්‍රී ලංකාව ගුවන් ගමන් අත්හිටුවීම දීර්ඝයි●සතොස බිලියන 24ක පාඩුව: රජයේ ‘ෆ්‍රැන්චයිස්’ බෙහෙත ප්‍රමාණවත්ද?●කොළඹ වරාය සැපයුම් කේන්ද්‍රය අවලංගු වීම: පටිපාටිමය ගැටලුවක්ද? ආර්ථික අහිමිවීමක්ද?●
Top Ad
පුවත්

මාධ්‍යවේදීන් 117 ඝාතනය හෝ අතුරුදහන් කරලා - කරු ජයසුරිය

T

The Leader Desk

January 27, 2021 • 6:15 PM

මාධ්‍යවේදීන් 117 ඝාතනය හෝ අතුරුදහන් කරලා - කරු ජයසුරිය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෙතෙම එබව කියා සිටියේ, 'සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍යවේදී සංගමය' ඊයේ (26) සංවිධානය කර තිබු උත්සවයක් අමතමිනි.
  • බොරු ප්‍රකාශ ගන්න බල කරනවා.
  • කරු ජයසුරිය හිටපු කතානායකවරයා එහිදී මෙසේද සඳහන් කළේය.
  • '' අපට ලැබී ඇති වාර්තා අනුව 1981 සිට මාධ්‍යවේදීන් 117 ඝාතනය හෝ අතුරුදහන් වෙලා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
හෙතෙම එබව කියා සිටියේ, 'සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍යවේදී සංගමය' ඊයේ (26) සංවිධානය කර තිබු උත්සවයක් අමතමිනි.
 
මාධ්‍ය නිදහස වෙනුවෙන් දිවි පිදූ මාධ්‍යවේදීන්ට උපහාර පිදීම සඳහා එම උත්සවය සංවිධානය කර තිබිණ.
 
''මෑත යුගයේ අපි දකින්නේ වෙනත් මාධ්‍ය සංස්කෘතියක්. අද පහර දෙනවා වෙනුවට නිවාස වලට පැන මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ඒ අයගේ පරිගණක රැගෙන ගොස් හිරිහැර කරනවා. බොරු ප්‍රකාශ ගන්න බල කරනවා. තමන් කැමති දේශපාලකයින් ජයග්‍රහණය කිරීම සදහා අමූලික බොරු ගොතනවා. චරිත ඝාතනය කරනවා. ජාති, ආගම් බේද ඇති කරනවා. ආගම වෙළද භාණ්ඩයක් කරගන්නවා. මේ නිසා අපි ඉතිහාසයේ නොවූ විරූ භයානක අභියෝගයකට රටක් වශයෙන් මුහුන දී සිටිනවා. මෙහි ආදීනව ගෙවන්න වන්නේ ඊළග පරපුරට. '' යයි කරු ජයසුරිය එහිදී පැවසිය.
 
 
කරු ජයසුරිය හිටපු කතානායකවරයා එහිදී මෙසේද සඳහන් කළේය.
 
 
karu 2021.01.27 1
 
''අද අපි කරන්නේ ජාතික  යුතුකමක් ඉටුකිරීම. ඒ වෙනුවෙන් අද අප සිහිකරන කීර්තිමත් මාධ්‍යවේදීන් අප වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කර තිබෙනවා. ''
 
 
 
 
අපට ලැබී ඇති වාර්තා අනුව 1981 සිට මාධ්‍යවේදීන් 117 ඝාතනය හෝ අතුරුදහන් වෙලා තිබෙනවා. ඒ වාගේම අසීමිත සංඛාවක්  විශාල පීඩන වලට ලක්ව තිබෙනවා. 
 
මේවා සිහිවන විට අපට විශාල මානසික වේදනාවක් ඇතිවෙනවා. ශීලාචාර රටක මෙවැනි කෲර, අමානුෂික ක්‍රියා ඇති විය හැකි ද?
 
අද ඔබත් මමත් මෙහි රැස්වෙලා තියෙන්නේ ඒ ශ්‍රේෂඨ පුද්ගලයන්ට උපහාරය, ගෞරවය පුද කරන්න. එහෙම නැත්නම් අපේ ණය ගෙවන්න. 
 
මෙවැනි උපහාර උත්සවයක් අන්තිමට පැවැත් වූයේ 2015 වර්ෂයේ දී අවුරුදු 5කට පෙර.  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් එහි එකල කැදවුම් කරු සුනිල් ජයසේකර අද මෙතැන සිටිනවා. එමෙන්ම (දිවංගත) සමන් වගආරච්චිත් මෙයට විශාල ශක්තියක් ලබා දුන්නා.
 
මෙම උත්සවය යෝජනා කර සංවිධානය කරන්න කැඳවුම්කරු ප්‍රියන්ත ශ්‍රීලාල් මැතිතුමා ඇතුළු කණ්ඩායම ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් දැරුවා. කැපවීම් කළා. මාධ්‍ය නිදහස රැකගැනීමට ඔබට අනාගතයේ විශාල අභියෝග ඇති වෙයි. ඒ ගමනෙදි ඔබත් සමඟ අපි දිගටම රැඳී සිටිනවා.
 
අපගේ මාධ්‍යවේදීන් විදි දුක් ගැහැට අපි හොදට දන්නවා, එදා මාධ්‍යවේදීන්ට වෙඩි තැබූ විට නිවාස, කාර්යාල වෙඩි තබා, බෝම්බ ගැසූ විට, පහර දුන් විට අපි ක්‍රියාත්මක වූ ආකාරය සිහිවනවා. මෙහි සිටින සමහර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් එම ස්ථානයන් හිදී අපට හමු වී තිබෙනවා. එතුමන්ලා නැවතත් දැකීම අපට සතුටක්.
 
කුරුණෑගල කුඹුක්ගැටේ දී පහරදීමකට ලක් ව රෝහල් ගතවීමට සිදු වූ ධර්මසිරි බණ්ඩාරනායක ඇතුළු කණ්ඩායමේ කිහිප දෙනෙක් හා නිට්ටඹුවේ දී දරුණු පීඩනයට මුහුණදුන් කලාකරුවන් අද මෙහිදී හමුවුණා. ඒ අය ලේ හැලුවේ නිදහස් පිරිසිදු මාධ්‍යයක් වෙනුවෙන්.
 
 
 
 මධ්‍යය යනු ගෞරවනීය සේවයක්, ජනතාවට සත්‍ය තොරතුරු ලබා දීම අපක්ෂපාත මාධ්‍යයවේදියකුගේ යුතුකම.
අද මාධ්‍යවේදීන්ට සමහර පුවත්පත් ප්‍රධානීන්ගේ විධාන වලටත් යටත්වෙන්න වෙනවා. බොරු මවන්න වෙනවා. ඇත්ත බොරු කරන්න වෙනවා. චරිත ඝාතන කරන්න වෙනවා. සමහර චරිත පුම්බන්න වෙනවා. මේකයි අපේ සමහර ආයතන වල මාධ්‍යය සංස්කෘතිය. ''
 
 
 
හෘදසාක්ෂියට එකගව සිය මාධ්‍යය මෙහෙවර ඉටු කරන වැදගත් මාධ්‍යවේදීන් අප රටේ සිටීම වාසනාවක්. අපගේ ආචාරය ඔවුනට පුද කරනවා. 
 
මේ අපි කථාකරන්නේ කරුණු දැනගෙන. අපි ඒ කුහක සංස්කෘතිය වෙනස් කළ යුතුයි. එයට නායකත්වය දීම මෙහි පැමිණ සිටින ඔබ අපගේ යුතුකමක්. 
 
ඇත්ත තොරතුරු දැන ගැනීම මූලික මිනිස් අයිතිවාසිකමක්. ඒවා අප ලබාගත්තේ ලෙහෙසියෙන් නොවෙයි. 
 
 20වැනි සංශෝධනය තුල එම අයිතිය කොතෙක් දුරට රැකේදැයි අපට හිතන්න බෑ. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. 
 
 
 
sobitha Himi 2021.01.27
 
''අපි යුක්තිය, සත්‍ය හා සාධාරණය වෙනුවෙන් ගෞරවනීය සෝභිත හිමිපාණන් නායකත්වය දුන් දර්ශනය අනුව ඉදිරියට යනවා. අපි ස්වාධීන අපක්ෂපාතී සිවිල් සංවිධානයක්. අපිට, රජුන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් බිහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ''
 
 
 
නමුත් මේ රටේ ජනතාවගේ 20වැනි සංශෝධනයෙන් විනාශ කළ මූලික අයිතිවාසිකම් රැක දීමට අපට සිදුවනවා. එය එතරම් භයානකයි.
 
අපි බලධාරීන්ට කරුණාවෙන් කියන්නේ එම අයිතිවාසිකම් අහිමි කරන්නට නැති කරන්නට උත්සාහ කරන්නට එපා. දැනටමත් නරක සලකුණු අපට පෙනෙනවා.
 
ඒ අයිතිය ආරක්ෂා කිරීමට ඊළග පරපුරට රැක දීමට, අපි නැගී සිටිනවා. පූර්ණ වශයෙන් කැපවනවා.'' යයි ද කරු ජයසුරිය වැඩිදුරටත් කියා සිටියේය.
 
 
 
 
 
################
 
සර්, රේගුවට අයථා බලපෑම් කරන දේශපාලකයන්ට මොකද කරන්නෙ?
 

 
ගරානා මාෆියාව, රෝයල් ප්‍රින්සිපල් එලවයි ද ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...