The Leader News
BREAKING
Top Ad
පුවත්

අජිත් නිවාඩ් කබ්රාල්ගේ වැඩ නිසා ඇමෙරිකානුවෙක් හිරේ?

T

The Leader Desk

February 22, 2021 • 2:30 AM

අජිත් නිවාඩ් කබ්රාල්ගේ වැඩ නිසා ඇමෙරිකානුවෙක් හිරේ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී මහා බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු
අකුරු ප්‍රමාණය (Font Size):
ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන විසින් නීති විරෝධී ලෙස මහජන මුදල් කෝටි ගණනක් ලබාදුන් ජාවාරම්කරුවෙකු වූ ඉමාඩ් ශාඩ් සුබේරි නැමැත්තාට ඇමෙරිකානු අධිකරණය වසර 12 ක සිර දඬුවමක් නියම කර තිබේ. 
 
අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිස ලබා දුන් මුදල් වංචා කිරීම ඉමාඩ් ශාඩ් සුබේරිට එරෙහිව එල්ල වී තිබූ එක් චෝදනාවකි. 
 
යුද්ධයෙන් අනතුරුව ඇමෙරිකාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැංවීම පිණිස ඇමෙරිකානු ආණ්ඩුව සමඟ ගනුදෙනු කිරීම වෙනුවෙන්  තැරැව්කරුවෙකු වශයෙන් කටයුතු කිරීම සඳහා සුබේරි තෝරාගෙන තිබෙන්නේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රහසිගත මූල්‍ය කටයුතු භාරව සිටි සජින් වාස් විසිනි. 
 
SWGසජින් වාස්  සමඟ එක්ව නීති විරෝධී ලෙසින් 2014 දී මාස හයක කාලයක් තුළ ඩොලර් මිලියන 6.5 ක මුදලක් මහ බැංකුවෙන් මුදා හැරීමට අජිත් නිවාඩ් කබ්රාල් කටයුතු කොට තිබේ. 
 
 
 
ශ්‍රී ලංකාවේ මූල්‍ය රෙගුලාසි අනුව එවැනි කටයුත්තකදී මුදල් අනුමත කිරීමේ බලය පවතින්නේ විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයාටය. මහ බැංකුවට එසේ මුදල් අනුමත කිරීමේ බලයක් නැත. 
 
එය ඉතා විශාල මුදලක් නම් කැබිනට් මණ්ඩලය එයට අනුමැතිය දීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කළ යුතුය. 
 
 
 
 
Jaliyaමහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමීප ඥාතියෙකු වන, එවකට ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති පදවිය දැරූ තේ ව්‍යාපාරික ජාලිය වික්‍රමසූරිය ද මෙම නීති විරෝධී ගනුදෙනුවට සම්පූර්ණ සහය පළ කොට තිබේ. 
 
 
 
මෙහිදී අජිත් නිවාඩ් කබ්රාල්, ජාලිය වික්‍රමසූරිය සහ සජින් වාස් ගුණවර්ධන කොමිස් මුදලක් ලබාගත්තේ ද යන්න හෙළි වී නැත. 
 
වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ල මිලදී ගැනීමේදී සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට ජාලිය වික්‍රමසූරියට එරෙහිව ඇමෙරිකාවේ නඩු පවරා තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ ද වංචා නඩුවක් සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකි.  
 
 
මුලාශ්‍ර පුවත :
 
 
 
 
 
 
 

 

 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...