BREAKING
Top Ad
පුවත්

පාස්කු වාර්තාවේ ජාතික ආරක්ෂාවට අදාළ වෙළුම් 22 ක් නීතිපතිටවත් දීලා නැහැ ?

T

The Leader

March 2, 2021 • 11:46 AM

පාස්කු වාර්තාවේ ජාතික ආරක්ෂාවට අදාළ වෙළුම් 22 ක් නීතිපතිටවත් දීලා නැහැ ? 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ
  •   එහෙත්, ජාතික ආරක්ෂාවට සංවේදී වෙළුම් 22 ක් භාර නොදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිශාරා ජයරත්න පැවසුවාය.
  •   පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හා අනුබල දුන් පුද්ගලයින් වසර 2ක් ගත වුවත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වුයේ ඇයි දැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කර සිටී.
  •   අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
වෙළුම් 65 ක් නීතිපති දප්පුල ද ලිවේරා, ජනාධිපති ලේකම්වරයාගෙන් අද (02) ලබාගෙන ඇත.
 
එහෙත්, ජාතික ආරක්ෂාවට සංවේදී වෙළුම් 22 ක් භාර නොදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිශාරා ජයරත්න පැවසුවාය.
 

 
 
 
මහ මොළකරුවන් අප්‍රමාදව නීතිය ඉදිරියට ගෙන්න -කාදිනල් හිමි
 
 
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල මහ මොළකරුවන් හෙළිකරන්නැයි මේවනවිට ආණ්ඩුව වෙත දසතින් බලපෑම් එල්ලවෙමින් තිබේ.
 
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හා අනුබල දුන් පුද්ගලයින් වසර 2ක් ගත වුවත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වුයේ ඇයි දැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කර සිටී.
 
අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.
 
ඒ නිසාවෙන් වගකිව යුතු නිලධාරීන් පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් අප්‍රමාදව නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන ලෙස කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසීය.
  
“ජනාධිපති කොමිෂන් සභාව සිය කටයුතුවල යෙදෙන අතර තුර රටේ ආරක්ෂාව භාර අදාළ ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය යන ආයතන මෙම සාපරාධී මිනිස් ඝාතනය පිළිබඳ පරීක්ෂණ ගැඹුරින් සිදුකළාදැයි විශාල සැකයක් අප සතුව තියෙනවා.
 
 පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් කොටුකර ගැනීමට මෙම එම රාජ්‍ය අංශ කටයුතු කරන බවක් පෙනෙන්නට නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. යම් යම් දේවල් කරලා තිබුණත් ඒවා ඕනෑවට එපාවට කරනවා වගේ තමයි අපිට පෙනෙන්නේ. 
 
ඒ නිසා බලධාරීන්ගෙන් අහන්නේ, මේ ප්‍රහාරවලට මුල්වු මහ මොළකරුවන් ඒවාට අනුබලදුන් අය, මුදල් දායකත්වය දුන් අය වගේම ඒවා සම්බන්ධයෙන් පවත්වන්නට යෙදුනු විවිධ විමර්ශනයන් දුර්වල කිරීමට හා කඩාකප්පල් කිරීමට අතගැසු අය ගැන පරීක්ෂණ පවත්වා නීතිය හමුවට ගෙන්වීමට වසර 2ක් ගත වුවත් තවමත් නොහැකි වුණේ ඇයි ද යන්න අපට පැහැදිලි කර දෙන්න. 
 
සමහර අවස්ථාවල උසස් නිලධාරීන්ට බලපෑම් කළා මේ විමර්ශන ගැන අයුතු දේශපාලන බලපෑම් කරපු අය ගැන ආරංචි අපිට ලැබිලා තියෙනවා.“ යයි ද උන්වහන්සේ පැවසුහ.

 

 


 

 
 
 
 
 

පාස්කු කොමිසම අවසන් වාර්තාව සකස් කළේ ආණ්ඩුවේ වූවමනාවටද ?

 
 
පාස්කු කොමිසමට වැරදුණු තැන ඉරාන් හෙළිකරයි 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...