The Leader News
BREAKING
Top Ad
පුවත්

මුදල් අමාත්‍යංශය සීනි බදු මගඩිය බන්දුල පිටින් තබා කපයි ?

T

The Leader Desk

March 10, 2021 • 3:31 AM

මුදල් අමාත්‍යංශය සීනි බදු මගඩිය බන්දුල පිටින් තබා කපයි ?     

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිනී බදු අඩු කිරීමේ වාසිය මහාපරිමාන සීනි ආනයන කරුවන් කිහිපදෙනෙකු අතට පත්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව විසින් කරන ලද විමසුමකට පිළිතුරු වශයෙන් මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත්
  • මේ බව මුදල් අමාත්‍යංශය ඊයේ  (09) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක් අනාවරණයවේ.
  •    එම අහිමි වූ මුළු මුදල් ප්‍රමාණය හෝ කොටසක් සීනි ගෙන්වූ සීමිත සමාගම් 07ක පිරිසකට ලැබී ඇතැයි ද අදාළ වාර්තාවේ සඳහන් වේ.
  • පසුව හෙළි වුයේ එම මන්ත්‍රීවරුන් මෙම සීනි ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයාගේ මාසික පඩි ලයිස්තුවේ සිටින්නන් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
කරන ලද වාර්තාවකින් ප්‍රකාශ කර ඇත්තේ බදු අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ වගකීම පවතින්නේ වෙළඳ අමාත්‍යාංශයට බවයි.
 
මුදල් අමාත්‍යාංශයට මැදිහත්විය හැක්කේ ආනයනය කරනු ලබන සීනිවල ප්‍රමාණය සහ ගොඩබාන මිල තීරණය කිරීමට පමණක් බව පෙන්වා දෙන එම වාර්තාව, ඒවා සාධාරණ ලෙස බෙදා හැරීම සහ ජනතාවට දැරිය හැකි සිල්ලර මිලක් තීරණය කර පවත්වාගෙන යාම මුදල් අමාත්‍යාංශයේ විශය පතය යටතට නොගැනෙන බවත් එය වෙළඳ අමාත්‍යාංශයේ සහ එය යටතේ ඇති පාරිභෝගික කටයුතු අධිකාරියේ කටයුත්තක් බවත් තම නිගමන තුළට ඇතුළත් කර ඇත.
 
එසේම සීනිබදු අඩු කිරීමට අදාළ තීරණයේ වාසිය අපේක්ෂාකරන ලද ප්‍රමාණයට හා වේගයට පාරිභෝගිකයන්ට නොලැබුනේ ඒකාධිකාරී වෙළඳපොළ ව්‍යූහය සහ උපරිම සිල්ලර මිල පාලනය කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අකාර්යක්ෂම භාවය හේතුවෙන් බවද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
 
වෙළඳ අමාත්‍යාංශය භාරව සිටින්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන වන අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපතිවරයා වන්නේ විශ්‍රාමික මේජර් ජනරාල් ඩි.එම්.එස්. දිසානායකය.
 
 
සීනි බදු වංචාවේ තරම: රජයට රුපියල් බිලියන 15.9 ක් අහිමිවෙලා
 
 
 
ගැසට් නිවේදනයක් මගින් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ තීන්දුව නිසා පසුගිය කාල සීමාව තුළදී රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 15.9ක් බව හෙළිව තිබේ. මේ බව මුදල් අමාත්‍යංශය ඊයේ  (09) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක් අනාවරණයවේ.
 
 එම අහිමි වූ මුළු මුදල් ප්‍රමාණය හෝ කොටසක් සීනි ගෙන්වූ සීමිත සමාගම් 07ක පිරිසකට ලැබී ඇතැයි ද අදාළ වාර්තාවේ සඳහන් වේ.
 
2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 20 දක්වා කාලය තුළ එක් ආයතනයක් මෙරට සීනි ආනයනයෙන් 39.02%ක් සිදු කර තිබෙන බවත් තවත් ආයතන 06ක් මෙරට සීනි ආනයනයෙන් 46%ක් සිදු කර තිබෙන බව එම වාර්තාවේ දැක්වේ. 
 
එසේම මෙරට සීනි ආනයනයෙන් 85%ක් සිදු කර තිබෙන්නේ ආයතන 07ක් විසිනි. 
 
මෙම බරපතල වංචාව සම්බන්ධයෙන් 'ද ලීඩර්' දිගින් දිගටම අනාවරණය කරන විට සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් එය අසත්‍යක් බව කියමින් තම මන්ත්‍රී කණ්ඩායම නිහඬ කිරීමට කටයුතු කළේය. පසුව හෙළි වුයේ එම මන්ත්‍රීවරුන් මෙම සීනි ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයාගේ මාසික පඩි ලයිස්තුවේ සිටින්නන් බවයි.
 
කෙසේවුවද එම පක්ෂයේ ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා,හරින් ප්‍රනාන්දු, රන්ජිත් මද්දුම බණ්ඩාර 
වැනි මන්ත්‍රීවරුන් මෙම සීනි මගඩිය හෙළිදරව් කිරීමට මැදිහත්විය.
 
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව තුල දී සීනි මගඩිය හෙළිදරව්කර සිටියේ මෙසේය.
 
 
 
 
සීනි ජාවාරමුන් සමග ආණ්ඩුවේ හා විපක්ෂයේ ලොක්කන් දාපු ඩීල් සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොකළ  තොරතුරු රැසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. 
 
 
සීනි බදු වංචාව හා එහි මහ මොළකරුවන් ගැන හෙළිකරමින් 'ද ලීඩර්' පලකරනු ලැබූ ලිපි කිහිපයක් පහත පළවේ.
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
##############

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...