සූවස් ඇළේ ප්‍රශ්නය පෙරට දමා මෙරට ගෑස් මිළ ඉහල දැමීමට වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන දැරු තවත් උත්සාහය අසාර්ථක වන ලකුණු පහළවී ඇත.
ඒ, සුවස් ඇළ අවහිර කරමින් සිරවී තිබු කන්ටේනර් නෞකාව ඉන් මුදවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබීම නිසාය.
සූවස් ඇළෙහි අනතුරට පත්ව ඇති 'එවර් ගිවන්' නෞකාව හේතුවෙන් මෙරට ගෑස් මිලෙහි ඉහළ යෑමක් සිදුවිය හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පසුගියදා පැවසිය.

අධික සුළඟ සහ කුණාටු තත්ත්වයක් හේතුවෙන් පාවී ගොස් මීට සතියකය පමණ පෙර දී සුවස් ඇළේ හරහට හිරවූ නෞකාව හේතුවෙන් විශාල තදබදයක් සුවස් අළෙහි ඇති විය.
ඒ අනුව තවත් දින කිහිපයක් ඇතුළත සුවස් ඇළ ආශ්‍රිත නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්වෙතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවුවද ඇමති බන්ධුලගේ සුවස් ඇළ කතාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුයේ, සූවස් ඇළෙහි අනතුර හේතුවෙන් මෙරට ගෑස් මිලෙහි ඉහළ යෑමක් සිදුවිය හැකි බවට ආණ්ඩුව විසින් ගෙනයන ප්‍රචාරය අසත්‍යක් බවයි.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ආණ්ඩුවේ මෙම මතයට තර්කානුකූලව පිළිතුරු ලබාදීමට විපක්ෂය සූදානමින් සිටින බවය.
"අපේ දේශපාලකයෝ කියනවා අපේ ගෑස් මිල ඉහළ යයි මෙන්න මේ නැව හිරවෙලා තියෙන නිසා කියලා. මේ දෙක අතර කිසිම සම්බන්ධතාවයක් නෑ. බන්දුල ඇමතිතුමා කියනවා අවුරුදු ගාණකට ගෑස් මිල වැඩිකරලා නෑ, ගෑස් සමාගම් කියනවා ඔවුන් බංකොළොත් වෙයි, ගෑස් මිල වැඩිකළේ නැත්නම් කියලා. භාණ්ඩවල මිල ඉහළ පහළ දාන්න දේශපාලකයෝ මැදිහත් වෙන්න නරකයි. මේ සූවස් ඇළෙ ප්‍රශ්නය දාලා ගෑස් මිල වැඩිකරනවා කියලා ඒකට හේතුව මේකයි කියලා නිකං විහිළු කතා නම් කියන්න එන්න එපා."
තෙල බෙදූ කට්ටිය තෙල්වලින් නාගෙන - කබීර් හෂීම්
මේ අතර සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසන්නේ, පසුගිය මැතිවරණවලදී ජනතාවට තෙල බෙදමින් බලය හිමි කර ගත් ආණ්ඩුව දැන් පොල්තෙල් සහ බොරතෙල්වලින්ම නාගෙන සිටිනවා කියාය. කොරෝනා වසංගත සමයේ ඛනිජ තෙල් සංස්ථාව ලාභයක් ලබා තිබූ නිසා සූවස් ඇළේ ප්‍රශ්නය මත තෙල් මිල වැඩි කළ යුතු බවට ප්‍රකාශ කිරීම සුදුසු නැතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
THE LEADER TV
'ස' ගේ කෝල් රෙකෝඩ් කරපු බැංකු ලොක්කා?
බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?






