The Leader News
BREAKING
Top Ad
පුවත්

'වරාය නගර කොමිසම පිහිටුවීමේ පනත බරපතල තර්ජනයක්' - ශිරාල් ලක්තිලක.

T

The Leader Desk

April 3, 2021 • 4:10 AM

'වරාය නගර කොමිසම පිහිටුවීමේ පනත බරපතල තර්ජනයක්' - ශිරාල් ලක්තිලක.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය මාර්තු 24 වන දා රජය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන ලද යෝජිත කොළඹ වරාය
  •   ඔහු එබව කියා සිටියේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදීය.
  •       THE LEADER TV      රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය?
අකුරු ප්‍රමාණය (Font Size):
නගර කොමිසම පිහිටුවීමේ පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට සහ නීතියේ බලයට බරපතල තර්ජනයක් ඇති කරනු ඇති බව ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක පවසයි.
 
ඔහු එබව කියා සිටියේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදීය.
 
මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 76 ව්‍යවස්ථා ද 145 සිට 150 දක්වා ව්‍යවස්ථාවන් හි අන්තර්ගත කරුණු කෙරෙහි පැහැදිලි අභියෝගයක් එල්ල කරන බව ප්‍රකාශ කරන ශිරාල් ලක්තිලක, එතුළින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු බලතල කොළඹ වරාය නගර භූමි ප්‍රමාණයට අදාළව අත් හැරීම මෙම පනත තුළින් සිදුවන බව වැඩිදුරටත් පෙන්වා දෙයි. 
 
ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍යයට තරඟකාරී වෙනම ඒකකයක් ලෙස මෙම කලාපයට වර්ධනය වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට මෙම පනත ඉදිරිපත් කර ඇතයි ඔහු සඳහන් කළේය.
 
ශිරාල් ලක්තිලක පෙන්වා දෙන ආකාරයට මෙම පනත් කෙටුම්පතට අනුව යෝජිත කොමිසමට අදාළ භූමියේ අයිතිය ජනාධිපතිවරයා විසින් පිරිනැමීමට නියමිත අතර එය ස්ථිර හා සදාකාලික පැවරීමක් වනු ඇත. 
 
Port City Colombo October 2020
තවද මෙම ඒකකයට අයත් භූමිය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැනට පනවා ඇති පනත් හතක් ප්‍රකාශිතවම අදාළ නොවන බවට බැහැර කර ඇති අතර දේශීය අදායම් පනත, බැංකු වලට අදාළ නීති ඇතුලු තවත් නීති 14 ක් සඳහා ව්‍යාතිරේඛී රෙගුලාසි සෑදීමේ බලය ද අදාළ භූමියේ පාලනය හිමි කොමිසම විසින් දැරීමට නියමිතය. 
 
 
එතුළින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලතල ද මෙම භූමියට අදාළව පාර්ලිමේන්තුව විසින් අත් හැර යෝජිත කොමිසමට පවරනු ඇත. 
 
එම භූමියට අදාළ බදු හෝ වෙනත් රජයේ ආදායම් ශ්‍රීලංකාවේ ඒකාබද්ධ අරමුදලට බැරවීම මෙම කෙටුම්පත තුළින් බැහැර කර ඇත. 
 
 
 
ලෝකයේ කළු සල්ලි ජාවාරමේ තිප්පොළක් ?
 
එය තුළින් අනාගතයේ ලෝකයේ කළු සල්ලි ජාවාරමේ තිප්පොළක් බවට ද මෙම බිම් තීරුව පත්වීමේ හැකියවක් පවතී. 
 
එපමණක් නොව සුරාබදු නීතියට පවා ව්‍යාතිරේඛී රෙගුලාසි සෑදීමේ බලය ඇති එකී භූමිය තුළ කැසිනෝ ව්‍යාපාර, ගණිකා වෘත්තිය වැනි චීනයේ දැනටත් නීත්‍යානුකූල ව්‍යාපාර පවා ඇතිවීමේ ඉඩකඩ පෙන්වා දෙන නීතිඥ ලක්තිලක,  කොමිසමට විදේශ රාජ්‍යයන් සමග ද ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව සැලසීම දැනට ලංකාවේ පළාත් සභා තුළ පවා ක්‍රියාත්මක නොවන තත්ත්වයක් බවත් එය එම කොමිසමට පූර්ණ ෆෙඩරල් ඒකකයක් ලෙස වර්ධනය වීමට අවස්ථාව සැලසීමක් බවත් පෙන්වා දෙයි. 
 
එම නිසා මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සමඟ ගැටෙන පනතක් බැවින් ඉදිරියේදී මේ පිළිබඳව ජනතාව අතර පුළුල් සංවාදයක් ඇති කල යුතු බවත් දීර්ඝ කාලීනව රටට අයහපතක් තත්ත්වයක් උදාවීම වැලැක්වීම සඳහා කටයුතු කිරීම ජනතාවගේ වගකීමක් බවත් නීතීඥ ශිරාල් ලක්තිලක වැඩිදුරටත් පෙන්වා දෙයි.
 

 


 

THE LEADER TV 
 
 

රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

 

තානාපතිවරු දෙන්නෙකුගේ නම් රිජෙක්ට්! මිලින්දට මොකද වෙන්නේ ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...