BREAKING
Top Ad
පුවත්

කුරුණෑගල දී රුසියානු කෝවිඩ් එන්නත හදන්න යයි ?

T

The Leader

April 4, 2021 • 2:16 AM

කුරුණෑගල දී රුසියානු කෝවිඩ් එන්නත හදන්න යයි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෝවිඩ් 19 මර්ධනය කිරීම සඳහා රුසියාව විසින් හඳුන්වා දී ඇති 'ස්පුත්නික් වී' එන්නත මෙරට තුලදී
  •   එසේවුවද රුසියානු ස්පුට්නික් කොරෝනා එන්නත් මිලියන 7 ක් ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
  •   එම රුසියානු එන්නත් තොගයක් ළඟදීම ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත අතර මෙරටට අවශ්‍ය ඉතිරි ප්‍රමාණය මෙරටදී නිෂ්පාදනය කිරීමට මේවනවිට සුදානම් වේ.        නිව්ජන් (NewGen Lanka)  අලුත් නමකින් එයි ?
  •     'නවාරා කැපිටල්' නැමති සමාගමක් ඒ සඳහා ඉදිරිපත්ව ඇති  බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
නිෂ්පාදනය කිරීම සඳහා මේවනවිට පරීක්ෂණ ආරම්භවී ඇතැයි වාර්තාවේ.
 
 රුසියානු 'ස්පුට්නික් වී' එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ද හිමිව තිබේ.
 
 මෙරට තුළ භාවිතය සඳහා අනුමැතිය හිමිවූ දෙවන කොවිඩ් මර්දන එන්නත වන්නේ රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් වී” එන්නතයි.
 
මීට පෙර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරට භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලැබිණ. 
 
ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පසුගියදා කියා සිටියේ, රුසියානු “ස්පුට්නික් වී” එන්නත නිපදවීමට යොදාගෙන ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත නිපදවීමට යොදාගත් ක්‍රමවේදයට සමාන ක්‍රමවේදයක් බවයි.
 
 

 
ස්ටුට්නික් එන්නතෙහි ඵලදායිතාවය පිළිබඳව රුසියාව සහතික කර තිබුණත් බටහිර රටවල් රැසක් තවමත් එය භාවිතය සඳහා අනුමත කර නොමැත.
 
එසේවුවද රුසියානු ස්පුට්නික් කොරෝනා එන්නත් මිලියන 7 ක් ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
 
එම රුසියානු එන්නත් තොගයක් ළඟදීම ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත අතර මෙරටට අවශ්‍ය ඉතිරි ප්‍රමාණය මෙරටදී නිෂ්පාදනය කිරීමට මේවනවිට සුදානම් වේ. 
 
 
 
නිව්ජන් (NewGen Lanka)  අලුත් නමකින් එයි ?
 
sdfsdfg
 
'නවාරා කැපිටල්' නැමති සමාගමක් ඒ සඳහා ඉදිරිපත්ව ඇති  බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
 
එම ආරංචිමාර්ග වලට අනුව එම සමාගම ඒ සඳහා යොදාගෙන ඇත්තේ නිව්ජන් ලංකා (NewGen Lanka Healthcare Pvt Ltd) නැමැති සමාගමට අයිතිව තිබු කුරුණෑගල පන්නල පිහිටි ඖෂධ නිෂ්පාදනාගාරයකි.
 
මෙම ඖෂධ නිෂ්පාදනාගාරය මිට ඉහත දී පවත්වාගෙන ගියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නගේ සමීපතම හිතවතකුවන PC ෆාමා නමැති සමාගමක හිමිකාර රිසාන් නමැත්තකු විසිනි. 
 
අධිකරණ විසින් ලබාදී තිබු වාරණයකින් පසුව එම සමාගම 'නිව්ජන් ලංකා' (NewGen Lanka Healthcare Pvt Ltd) නමින්ද ක්‍රියාත්මක වී ඇත. 
 
වෛද්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී මෙම ඖෂධ නිෂ්පාදනාගාර තුල පිළිකා මර්ධන ඖෂධ නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබුන ද එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි නොවිය. 
 
එම තත්වය යටතේ කලක් වසා දමා තිබුන මෙම ඖෂධ නිෂ්පාදනාගාරය, ආණ්ඩුවට සම්බන්ධය ප්‍රකට ව්‍යාපාරිකයකු විසින් රුසියානු ස්පුට්නික් කොරෝනා එන්නත නිෂ්පාදනය කිරීම සඳහා යළි නවීකරණය කර ඇතැයි 
වාර්තාවේ.

 

 


 

THE LEADER TV 
 
 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

 

 

 රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...