ලෝක වෙළඳපොලේ ගෑස් මිල දිගින් දිගටම ඉහල යද්දී මෙරට ගෑස් මිල වැඩිකිරීමට රජයෙන් නිසි අනුමැතියක් නොදෙන

තත්වය තත්වයක් තුල ලිට්රෝ ගෑස් සමාගම අලුත් අත්හදා බැලීමක් සිදුකර තිබේ.

 
ඒ, වැඩිවෙමින් පවතින LP ගෑස් පාරිභෝගික ඉල්ලූමට ප්‍රමුඛතාවය දෙමින්, ලීටර 18 කින් සමන්විත ලිට්රෝ නව ප්‍රීමියම් හයිබ්‍රිඞ් සිලින්ඩරය වෙළඳපොළට හඳුන්වාදෙමිනි. ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියද දැනුවත් කර ඇත .
 
 රුපියල් 1,395.00ක මිලකට ලබා දෙන ලීටර් 18 ලිට්රෝ ප්‍රීමියම් හයිබ්‍රිඞ් සිලින්ඩරය සිව් දෙනෙකුගෙන් යුත් පවුලක මාසික LPG අවශ්‍යතාවයට සරිලන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසයි.
 
මෙම සිලින්ඩරය ගෝලීය පිරිවිතරයන්ට අනුකූල වන බවත්, විශිෂ්ඨ ආර්ථික ප්‍රතිලාභ ලබා දෙමින් ශ්‍රී ලංකාවේ LPG ක්ෂේත්‍රයේ නවතම වෙනසක් සිදු කිරිමට බලාපොරොත්තූ වන බවත් එම සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි අනිල් කොස්වත්ත පවසයි.
 
යුරෝපා සංගමයේ (90/269 EEC) නියමයට අනුව පුද්ගලයෙකුට ඉසිලිය හැකි උපරිම බර කිලෝග්‍රෑම් 25ක් වන අතර ඒ අනුව මෙම සිලින්ඩරයේ හැසිරවීම පහසු බව, ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සෞඛ්‍ය ආරක්ෂාව සහ පරිසර පිළිබඳ අධ්‍යක්ෂක ජයන්ත බස්නායක කියා සිටියි.
 
 0811b8bd 4398 40dd 82f0 91542a339bbc 
 
 
පාරිභෝගිකයින්ට අන්දපු ඇන්දිල්ලක් ?
 
කෙසේවුවද ඇතැම් සමාජ මාධ්‍ය පලවන්නේ, සන්ලයිට් වෙනුවට නව සන්ලයිට් මිල වැඩි කර වෙළඳපොලට නිකුත් කලාසේ,  ලිට්රෝ සමාගම කිලෝ ග්‍රෑම් 12.5 බරැති ලිට්ට්‍රෝ සිලින්ඩර් වෙනුවට එම සිලින්ඩරය ම ප්‍රිමියම් නමින් ලීටර් 18 ක ගෑස් සමග වෙළඳපොළට හඳුන්වා දී ඇති බවයි.
 
දැනට තිබෙන සිලින්ටර් 12.5 කිලෝ ධාරිතාවය සහ මේ ලීටර් 18 ධාරිතාවය වෙනස ගණන් බැලුවහොත් මිල වැඩි වීම හඳුනා ගත හැකි බවත්, භාණ්ඩ මිල වැඩි වීම සම්බන්ධයෙන් ජනතාවගෙන් නැගීඑන විරෝධතාවයට විකල්පයක් ලෙස මේ උප්පරවැට්ටිය හඳුන්වා දී ඇති බවත් සමාජ මාධ්‍යවලින් විවේචන එල්ලවෙමින් තිබේ.
 
 e634bc89 7642 47db a27d 78eabc9722c3
5465
 
මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී අදාල ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු පැවසුයේ, සමාජ මාධ්‍ය වල පලවන වාර්තා අතිශෝක්තියෙන් යුතු බවයි.
 
'' අද මේ රටේ ගෑස් සමාගම් දුවන්නේ පාඩු පිට. මේ වෙලාවේ ගෑස් මිල වැඩිකරන්න රජය කැමති නැහැ. ඉතින් මිලට හරියන විදියට යම් යම් උපක්‍රම අනුගමනය කරන්න වෙනවා. ගෑස් කිලෝ එකක් = 9.20 කියන කතාවේ ඇත්තක්  නැහැ. ගෑස් කිලෝ එකක ලීටර් 1.8 තියනවා. ඔය විදියට දුන්නත් එක සිලින්ඩරයකින් රුපියල් 600/=ක් පාඩුයි. පාරිභෝගිකයාට ලාභයි. 
 
ලෝක වෙළඳපොලේ දිගින් දිගටම ගෑස් මිල ඉහල යද්දී ඊට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහල දැමීමට රජය විසින් ඉඩ නොදෙන තත්ත්වයක් තුළ, ගෑස් ගෙන්වා බෙදාහරින ලිට්රෝ හා ලාෆ් යන මෙරට සමාගම් දෙකම කඩා වැටීමේ බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව ඔහු අවධාරණය කර සිටියේය.
 
 
 
ලෝක වෙළඳපොල මිල ගණන් දවසින් දවස ඉහලට ...
 
ඔහු සඳහන් කර පරිදි, පසුගිය වසර දෙකහාමාර තුළ ලෝක වෙළඳපොලේ LP ගෑස් මිල වැඩිම මාස දෙක ලෙස වාර්තාවී ඇත්තේ පසුගිය මාර්තු - අප්‍රේල් මාස දෙකයි. 
 
පසුගිය වසරේ කෝවිඩ් -19 වසංගත තත්වය තුළ  ලෝක වෙළඳපොලේ LP ගෑස් මිළේ පහත යාමක් සිදුවුවත් යළි 2020 මැයි මාසයේ සිට අඛණ්ඩ ඉහළයාමක් දක්නට තිබේ. 
 
දැනට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මෙරට අලෙවි වන්නේ රුපියල් 1493කටයි. ලෝක වෙළඳපොල මිලගනන වලට සාපේක්ෂව ගෑස් සිලින්ඩරයක් විකිණිය යුතු වන්නේ මිල රුපියල් 2250/= කට වුවත්, දැනට ගෑස් සිලින්ඩරයක් අලෙවි කරන්නේ රුපියල් 700ක පාඩු පිටය. 
 
මෙවැනි තත්වයක් තුළ ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700කින් සහ ලාෆ් සමාගම රුපියල් 650කින් මිල වැඩි කිරීමට දැනටමත් පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය ඉල්ලා තිබේ.
 
ඔවුන් පෙන්වා දී ඇත්තේ ගෑස් මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහල  යාම හේතුවෙන් සමාගම් විශාල පාඩුවක් ලබමින් සිටින බවයි.
 
 
 
බැංකුවලට අද අතේ ණය වෙලා !
 
ජාතික LPG සැපයුම්කරු ලෙස වසර 150කට වැඩි උරුමයක් සතු ලිට්රෝ ගෑස් ලංකා සමාගම, මේවනවිටත් මෙරට  73% කට වැඩි වෙළඳපොළ කොටසක් හිමි කර ගනිමින් LPG ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිය පාරිභෝගිකයින්ගේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කර ගෙන සිටියි.
 
එම සමාගම මෙතෙක් වසරකට රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් ලාභාංශ වශයෙන් මහ භාණ්ඩාගාරයට ලබාදුන් රජයට අයත් සමාගමකි. 
 
එහෙත් වත්මන් තත්වය තුල ලිට්රෝ සමාගම මාසිකව රුපියල් බිලියන 1.2ක පාඩුවක් ලබන අතර ලාෆ් සමාගම මාසිකව රුපියල් මිලියන 480ක පාඩුවක් ලබයි. ලිට්රෝ සමාගම පසුගිය මාස තුනට පමණක් බැංකුවලින් රුපියල් බිලියන 20කට ආසන්න මුදලක් ණය වී ඇතැයි ද පැවසේ. 
  
මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් ගෑස් මෙරටට ගෙන්වීම සඳහා LC විවෘත කිරීමට හෝ නොහැකි තත්ත්වයක් උදාවනු ඇතැයි එම සමාගමේ නිලධාරියකු පැවසිය.
 
 
 
ජෙනරාල්ලට නොතේරෙන බිස්නස් !!!
 

DMSD

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපති 
 
 
මේ සම්බන්ධයෙන් අපවෙත අදහස් දැක්වූ LP ගෑස් ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයකු පැවසුයේ, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ලෙස පත්කර ඇති ඩි.එම්.එස්. දිසානායක විශ්‍රාමික හමුදා ජෙනරාල්වරයාට ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් අංශු මාත්‍රයක හෝ දැනීමක් අවබෝධයක් නොමැති බවයි. 
 
 
''එතුමා යුද්ධ කරන්න ඇති. හැබැයි බිස්නස් තේරෙන්නේ නැහැ. ලෝක වෙළඳපොල තේරෙන්නේ නැහැ. ගෑස් කියන්නේ අපේ රටේ නිෂ්පාදනය කරන දෙයක් නෙමෙයිනේ. පිටින් ගෙන්න ඕන. එකට මිලක් තියනවා. දැන් කරන්නේ වැඩි මිලකට ගෙනල්ල පාඩු පිට විකුනනවා. මෙහෙම ගියොත් හෙට අනිද්දා වෙනකොට ලිට්රෝ එක වහන්න වේවි. ලාෆ් ගෑස් එකනම් දැනටමත් හාන්සි. මෙහෙම මාස ගණනක් පාඩු පිට බිස්නස් කරන්නේ කොහොමද? නැත්නම් ආණ්ඩුව මේ සමාගම් වලට සහනයක් දෙන්න ඕන. ලිට්රෝ එකේ විතරක් දීප ව්‍යාප්ත අළෙවි නියෝජිතයින් 14,000 ක් විතර ඉන්නවා. මෙහෙම ගියොත් එයාලත් අනාතයි. මෙහෙම ගියොත් තවත් සති කීපයක් යනකොට රටපුරාම ලොකු ගෑස් හිඟයක් ඇතිවේවි..'' ඔහු තවදුරටත් කියා සිටියේය.
 
 
මංගලගේ මිල සුත්‍රය :
 
mangala500
 
පාරිභෝගිකයාට සාධාරණය ඉටුවන අතරේ ව්‍යාපාරික සමාගම් වලටත් යම් වාසියක් වන ආකාරයේ මිල පාලනයක් අවශ්‍යතාවය LP  ගෑස් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බව අවධාරණය කර සිටි ඔහු තවදුරටත් කියා සිටියේ, යහපාලන සමයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර හඳුන්වාදුන් ඉන්දන මිල සුත්‍රය, ගෑස් මිල සම්බන්ධයෙන් අනුගමනය කිරීම කාලෝචිත බවයි.
 
'' ඇත්තටම මංගල ල හර්ෂලා හඳුන්වලා දීපු ෆෝමියුලා එක හරිම විද්‍යාත්මකයි. ජාත්‍යන්තර වෙළඳපොලේ මිල  අඩුවෙන කොට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලැබෙනවා. සමාගම් වලටත් අවම ලාභාංශයක් යටතේ සාදාරන මිලක් ලැබෙනවා. '' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 
 

 

 


 

THE LEADER TV 
 
 
 

අලුත් අවුරුද්දේ වඳුරු කතාව

 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්