දිවයින පුරා ගෑස් හිඟයක් පවතිනබවට ඇතැම් මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන ප්‍රචාරයන්හි කිසිඳු පදනමක් නොමැති බවත් එවැනි සාවද්‍ය ප්‍රචාරයක් ඇතිකොට පාරිභෝගිකයන් අපහසුතාවයට පත්කිරීම සඳහා යම් කණ්ඩායම්
උත්සහ කිරීම කණගාටුවට කරුණක් බවත් ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී අනිල් කොස්වත්ත සඳහන් කළේය.
ඔහු එබව සඳහන් කර සිටියේ අප කළ විමසීමකදීය.
'' මම ඉතාම වගකීමෙන් කියන්නේ, දිවයින පුරා ගෑස් හිඟයක් තියනවා කියලා යන ප්‍රචාරවල කිසිඳු සත්‍යයක් නැහැ. 14,000 අධික ගෑස් අලෙවිසැල් ඡාලය තුලින් දිවයින පුරා පාරිභෝගිකයින්ට හිඟයකින් තොරව ගෑස් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී තියනවා.'' ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේය.
වසර 150ක ගෑස් කර්මාන්තය පිළිබඳව පළපුරුද්ද සහ අත්දැකීම් ඇති සමාගමක් ලෙස සහ වෙළදපොළ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් සමාගම නිරන්තරයෙන්ම පාරිභෝගිකයන්ගේ ඉල්ලීම සහ අවශ්‍යතාවයන්ට අනුකූලව නව නිශ්පාදනයන් වෙළදපොළට හදුන්වා දීම සිදුකරන බවද ඔහු පැවසිය.
ඒ අනුව ඉහල තාපධාරිතාවයකින් යුත් කාර්යකෂමතාව වැඩි, පහසුවෙන් හැසිරිය හැකි, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව නව හයිබ්‍රිඩ් ප්‍රීමියම් ගෑස් සිලින්ඩරය මේ වන විට වෙළදපොළට හදුන්වා දී ඇතැයි පැවසු ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයා, එය ලීටර් 18 යුක්තවන අතර හදුන්වාදීමේ මිල රුපියල් 1395 ක් බවත් සඳහන් කළේය.
ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වන්නේ, මෙම නව ගෑස් සිලින්ඩරය හතර දෙනෙකුගෙන් යුත් පවුලක මසක ගෑස් අවශ්‍යතාවය සපුරන බවයි.
එමෙන්ම මෙතෙක් පැවති රෙගියුලර් වර්ගයේ සිලින්ඩරයද හිඟයකින් තොරව පාරිභෝගිකයන් හට ලබාගැනීමට හැකි බවද එම සමාගම කියා සිටියි.
එමෙන්ම හදිසි ඇමතුම් 1311 ඇමතීම මගින් හෝ අලෙවි නියෝජිතයින් හරහා ද, ලිට්රෝ ගෑස් සෑම වර්ගයකම සිලින්ඩර් කිසිදු හිඟයකින් තොරව පාරිභොගිකයාට ලබා ගැනීමේ හැකියාව පවතින බවද එම සමාගම පවසයි.
ලිට්රෝ ගෑස් පාරිභෝගිකයා ඇන්දවීමක.!
කෙසේවුවද ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් සමාජ මාධ්‍ය පවා වාර්තාකර ඇත්තේ, ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගම විසින් ප්‍රීමියම් හයිබ්‍රිඩ් නමින් ගෑස් සිලින්ඩරයක් හදුන්වා දී පාරිභෝගිකයා ගොනාට අන්දවමින් හා මෙරට නීතිය උල්ලංඝණය කරමින් සිටින බවයි.
'පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය' විසින් නිකුත් කර ඇති නිවේදනයක් පාදකකර ගනිමින් 'ලංකා සී නිව්ස්' වාර්තා කර ඇත්තේ, ගෑස් මිල වැඩි කිරීම සදහා කිහිපවරක්ම ලිට්රෝ ගෑස් සමාගම උත්සහ කළ අතර ඒ සදහා රජයේ අවසරය හිමි නොවීම නිසා මේ ආකාරයට නව සිලින්ඩරයක් හඳුන්වා දෙමින් පාරිභෝගිකයා අන්දවා තම ලාභය වැඩි කර ගැනීම සදහා කටයුතු කර ඇති බවයි.
එම චෝදනාව සම්බන්ධයෙන් අදාල සමාගම මෙතෙක් නිසි ප්‍රචාරයක් ලබාදී නොමැත.
සබැඳි පුවත් :
##################
THE LEADER TV
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස", වැඩ බැරි ඇමතිවරු ?
වගකීමක් නැති උද්ධච්ච පාලනය නිසා රට පුරාම කොරෝනා අවධානමක්! - රවී කුමුදේශ්