The Leader News
BREAKING
පරිණත ආදරය යළි පුබුදන නිහඬ බැල්මේ රහස●බැසිල් යළි ගෙන්වීමේ නීතිමය ගොනුව නීතිපති අතට●විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය සහ ගැටුම: ඇත්තටම වුණේ කුමක්ද?●කාවන්තිස්ස ඇතුගේ මරණය: චෝදනා හමුවේ වනජීවී ප්‍රධානියාගේ ස්ථාවරය●සමාජ මාධ්‍ය ඇල්ගොරිතම පාලනයට ඕස්ට්‍රේලියාවෙන් නව නීති ●සෞදි අර්බුදය ගැන පාඨලීගෙන් විශේෂ භූ-දේශපාලනික විවරණයක්●ශාස්ත්‍රාලියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය හෙට (18)●ලෝක තරුණ නැගිටීම් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් මුහුණදෙන අර්බුදය●දූෂණ විරෝධී ක්‍රියාමාර්ග අත්නොහරින්නැයි ජනාධිපති කාර්යාලයට පාගමනක්●සෞඛ්‍ය සහායකයින්ගේ නිල ඇඳුම් ගැටලුව: දේශපාලන සභාවකින් රජයට ලිපියක්!●
Top Ad
පුවත්

අපේ දුක 'ආණ්ඩුව දන්නවද දන්නැද්ද කියලවත් අපි දන්නේ නෑ' - උතුරේ දේවානි

T

The Leader Desk

May 18, 2021 • 8:19 AM

අපේ දුක 'ආණ්ඩුව දන්නවද දන්නැද්ද කියලවත් අපි දන්නේ නෑ' - උතුරේ දේවානි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ යුද හමුදාව විශ්වාස කොට වට්ටුවාහල් පාලම උඩදී දරුවා බාර දුන්නයින් පසුවය.
  • ඒ නිසා අපි විඳින දුක ආණ්ඩුව දන්නවද, දන්නැද්ද කියලවත් අපි දන්නේ නෑ.” එහෙත් ආණ්ඩුව සහ හමුදාව කියන්නේ ඔවුන් ඉන්නා තැනක් දන්නේ නැති බවය.
  • රජය නිසියාකාර විමර්ශන පවත්වා නැති බව ඇය පෙන්වා දෙන්නේ ඉතා තාර්කික අයුරිනි.
  • ඉන් දොළොස් පැයක් ගෙවී යාමට මත්තෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ආරක්ෂක බලධාරීන් හිටි අඩියේ ප්‍රකාශයට පත් කළේ පලාත බරපතල වසංගත අවදානමකට මුහුණ පා සිටින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ යුද හමුදාව විශ්වාස කොට වට්ටුවාහල් පාලම උඩදී දරුවා බාර දුන්නයින් පසුවය.

 
“එදත් මේ ආණ්ඩුව - අදත් මේ ආණ්ඩුව. ආණ්ඩුවට අල්ලාගෙන යන්න පුලුවන්නම් ඉන්න තැන කියන්න බැරිද?” කාටත් තේරෙන සිංහලෙන් එසේ අසන්නේ දේවානි අම්මාය.
  
පුතාගේ අතුරුදහන්වීමෙන්ද, සැමියාගේ මරණයෙන්ද පසු සුදාහරන් දේවානි මාතාවගේ තනියට ගෙදර ඉන්නේ විශේෂ  අවශ්‍යතා සහිත දුව පමණකි. ඊසානදිග මුහුදු වෙරල තීරයේ කුලී වැඩ කරමින් දියණියද ජීවත් කරවන්නට වීරිය දරන ඕ වියපත්ය, දුක්පත්ය. සකල ජීවන පීඩා මැද්දේ වුවද එදා සිට අද දක්වාම සටන් වැද සිටින ඇය තම පුත්‍ර රත්නය ඉන්නා තැනක් සොයා ගත හැකිවේය යන මහත්වූ අධිෂ්ඨානය අතහැර නැත.
  
“අපේ ළමයි හිටිය නම්, මොනවා හරි එකක් කරලා අපිට කන්න දෙයි. ඒ නිසා අපි විඳින දුක ආණ්ඩුව දන්නවද, දන්නැද්ද කියලවත් අපි දන්නේ නෑ.”
 
එහෙත් ආණ්ඩුව සහ හමුදාව කියන්නේ ඔවුන් ඉන්නා තැනක් දන්නේ නැති බවය. එදා මෙන් අදත් දේවානි අම්මා එය පිළිගන්නේ නැත. රජය නිසියාකාර විමර්ශන පවත්වා නැති බව ඇය පෙන්වා දෙන්නේ ඉතා තාර්කික අයුරිනි.
 
“ආමි කට්ටියට දන්නේ නැද්ද, කොයි කොමාන්ඩර් ද අරගෙන ගියේ කියලා? ඒ කොමාන්ඩර් කොහෙද ගියේ? එයාගෙන් ගන්න පුළුවන් නේද?”
 
 
යුද මාරයාගේ ගොදුරු බවට පත්වූ දෙමළ ජනතාව සිය ප්‍රියාදරයන්ගේ ලෙයින් බත්වුනු මුල්ලිවයික්කාල් වැලි තලාවේදී පුෂ්පයෙන්, ධූපයෙන්, දීපයෙන් දොළොස් වැනි අවුරුද්දේත් පිංපෙත් පමුණුවන්නට ගන්නා ලද ව්‍යායාමයට උසාවිය හරස් කරන්නට බැරිවූ තැන බලධාරීන්ගේ උදව්වට පැමිණ ඇත්තේ අලුත් මාරයෙකි.
  
වසරක් පාසා දෙමළ ජනතාව නොකඩවා කළ පරිද්දෙන් සිය මළවුන් සැමරීම මේ අවුරුද්දේ වලක්වන්නට පොලිසිය අමෝරාගත් තහනම් නියෝග ආපසු හරවන්නට සංවිධායකයෝ සමත් වූහ. ඉන් දොළොස් පැයක් ගෙවී යාමට මත්තෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ආරක්ෂක බලධාරීන් හිටි අඩියේ ප්‍රකාශයට පත් කළේ පලාත බරපතල වසංගත අවදානමකට මුහුණ පා සිටින බවයි.
 
පලාතම හුදෙකලා කෙරිණි. පලාතට සන්නද්ධ හමුදා යෙදවිණි. මුල්ලිවයික්කාල් අනුස්මරණ භූමියට තහංචි පැනවිණි.
 
තම පුත්‍රයා ඇතුළු දස දහස් සංඛ්‍යාත ජන සමුහයකට අත්කළ ඉරණම ගැන දොළොස් අවුරුද්දක් තිස්සේ හාංකවිසියක් නැතිව සිටි ආණ්ඩුවට වසංගතය අලුත් උත්තරයක් ගෙන එතැයි දේවානි අම්මාට දැන් ඇත්තේවෙන කවරදාකවත්  නොතිබූ බියකි.
 
“අනික් සැරේ කියන්න යනවද කොරෝනාවෙන් මැරුණා ඔක්කොම කියලා. එහෙමත් කියයි මං හිතන්නේ. එහෙම මැරෙයි කියලා මයේ හිතේ.”
 

 

 


 

THE LEADER TV 
යුක්රේනුවන් වෙනුවට රුසියානුවන්: මියගිය අයට වගකියන්නේ බැසිල් ද?
 

 
 
ජොනී - සුදර්ශනී ගැටුමෙන් ඉටුකමේ අර්බුදය එළියට...
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...