The Leader News
BREAKING
Top Ad
පුවත්

'සූම් පංති' : ගුරුවරියන්ට ගෙදරදී සාරි ඔසරි පැළඳ සිටින්නට විධාන! - කුසල් පෙරේරා

T

The Leader Desk

May 19, 2021 • 2:05 PM

'සූම් පංති' : ගුරුවරියන්ට ගෙදරදී සාරි ඔසරි පැළඳ සිටින්නට විධාන! - කුසල් පෙරේරා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගුරුවරියන්ට ගෙදරදීද සාරි ඔසරි පැළඳ සිටින්නට විධාන දෙන විදුහල්පතිවරුන්/විදුහල්පතිනියන් පසුගිය සති අන්තයේ පාසල් ගණනාවක් ඇසුරෙන් මට ලැබුණු මේ තොරතුරු ගැන යමක් ලියා තැබිය යුතු යැයි සිතුණි.
  • එය කෙරෙන්නේ ඔවුන්ගේ වෘත්තිමය වගකීමකට ඇති බැඳීම මත පමණි.
  • එළෙස මිලට ගන්නා විද්‍යුත් දත්ත පාසල් යන තම දරුවන්ටද ලබා දිය යුතු වන්නේය.    එනිසා ඔවුන් පෙළඹී ඇත්තේ මිල අඩු පාන්දර යාමයේ පංති කිරීමට ය.
  •   එවැනි හිසරද මැද්දේ පාන්දර නැගිට අවේලාවට පංති කරන්නට සිදුව ඇති ගුරුවර ගුරුවරියන්ගෙන් සමහරු තමන්ගේ ඇඳුම ගැන එතරම් තැකීමක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අදාල කතාව වූයේ ඇතැම් ප්‍රධාන නගරවල ඇති ජනප්‍රිය පාසල් කිහිපයක විදුහල්පතිවරුන්/විදුහල්පතිනියන් තම පාසල්වල ගුරුවරියන්ට පාසල් එන ආකාරයට ඔසරිය හෝ සාරිය හැඳ පැළඳ අන්තර්ජාලයේ “සූම් පංති” පැවැත් විය යුතු බවත් ළමුන් පාසල් නිල ඇඳුම හැඳ එම දුරස්ථ පරිඝණක පංති සඳහා සහභාගි විය යුතු බවත් දන්වා ඇත යන්න ය.
 
මේ විදුහල්පතිවරුන්/විදුහල්පතිනියන් පැහැදිලිව තේරුම් ගත යුත්තේ මේ කාලයේ තම නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ පාසලේ ළමුන්ට “සූම් පංති” පැවැත්වීමේ කිසිදු නෛතික බැඳීමක් ගුරු සේවයට නැත. එය කෙරෙන්නේ ඔවුන්ගේ වෘත්තිමය වගකීමකට ඇති බැඳීම මත පමණි. එයට කොන්දේසි පැනවීමේ අයිතියක් හෝ බලයක් එබැවින් විදුහල්පතිවරුන්ට/විදුහල්පතිනියන්ට පමණක් නොව, අධ්‍යාපන අධිකාරයටවත් නැත.
  
මේ වෘත්තිමය වගකීම ඉටු කෙරෙන්නේ ගුරුවර ගුරුවරියන් තමන්ගේ අතේ වියදමින් අන්තර්ජාල විද්‍යුත් දත්ත මිලට ගෙන ඉගැන් වීමෙනි. එළෙස මිලට ගන්නා විද්‍යුත් දත්ත පාසල් යන තම දරුවන්ටද ලබා දිය යුතු වන්නේය. 
 
එනිසා ඔවුන් පෙළඹී ඇත්තේ මිල අඩු පාන්දර යාමයේ පංති කිරීමට ය. එය දරුවන්ට හා දෙමාපියන්ටද වාසිවන හෙයින් ඊට එතරම් විරෝධයක් නැත. 
 
සාමාන්‍යයෙන් පාසල් යාමට පෙර කළ ගේ දොර වැඩ කෙසේමුත් කළ යුතු හෙයින් පාන්දර පංති කිරීම අසීරු වූවත් මුදල් සාධකය මත ගුරුවර ගුරුවරියන්ද එයට කර ගසති.
 
එවැනි හිසරද මැද්දේ පාන්දර නැගිට අවේලාවට පංති කරන්නට සිදුව ඇති ගුරුවර ගුරුවරියන්ගෙන් සමහරු තමන්ගේ ඇඳුම ගැන එතරම් තැකීමක් නැත. පිටස්තර කිසිවකු අහළ පහළ නොමැති වටපිටාවක තම නිවසේ සැහැල්ලුවෙන් සිට පංති කරන්නට ඔවුන් පෙළඹීම අස්වාභාවික හෝ අරුම තත්ත්වයක් නොවේ.
  
 එහෙත් එසේ පෙනී සිටින්නේ පාසල් ළමුන් ඉදිරියේ වන හෙයින් සාමාන්‍ය ඇඳුමක් පැළඳ “සූම් පංති” කිරීමට ගුරුවර ගුරුවරියන්ට උපදෙස් දීම විදුහල්පතිවරුන්ගේ සහ කලාප අධ්‍යාපන අධිකාරියේ වගකීම මෙන්ම යුතුකමද වන්නකි.
 
එසේ නොකර, ගුරුවරියන්ට සාරි ඔසරි පළඳින්නට හා ළමුන්ට පාසල් නිල ඇඳුම පළඳින්නට විදුහල්පතිවරුන්/විදුහල්පතිනියන් නියෝග කිරීම, ඔවුන්ගේ වගකීමෙන් පරිබාහිර අලුත් බලයක් ආරෝපනය කර ගත්තකි. 
 
මේ බලහත්කාරය ගුරුවර ගුරුවරියන් මෙලෙසින් බාරගත හොත් ගුරු සේවය විදුහල්පතිවරුන්ගේ/විදුහල්පතිනියන්ගේ පෞද්ගලික යටත් සේවාවක් බවට පත් විය හැකි අතර, විදුහල්පති තනතුර පාසල් පරිපාලනය හා පාසල් විනය නියාමනය කිරීමට සීමා වූවක් බව සැමට අමතක වනු ඇත.
 
එනිසා මෙලෙස වර්ධනය වන තත්ත්වයන්ට මැදිහත් විය යුත්තේ ගුරු සංගම් ය. එහෙත් මේ ඉන්නා ගුරු සංගම් නායකයින් සිතා සිටින්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය හා වගකීම ඇත්තේ වැටුප් වර්ධක, වැටුප් වැඩිවීම් හා විෂමතා වෙනුවෙන් පෙනී සිටීම මත පමණක් යැයි කියා ය.
 
ගුරු සංගම් ගැන විශ්වාසයක් තැබිය නොහැකි පසුබිමක තම ගුරු වෘත්තියෙහි වගකීම් හා ගරුත්වය රැක ගැනීමට සිදුවන්නේ ගුරුවර ගුරුවරියන්ටම ය.
 
 
Kusal Perera(කුසල් පෙරේරා )
දේශපාලන හා සමාජ විශ්ලේෂක සහ 
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී 
 
 
2021 මැයි 19 වන දින
 

 

 


 
THE LEADER TV 
 
 
ඩෑන් පබ්ලිසිට් දුන් 'වස්ති'ගේ 'ආලෝක උපාලි..' පෙරළියක ලකුණක් ද?
 
 
 
පෝට් සිටි පනතට  තුනෙන් දෙක නැතුව කළු චීන්නු අනාථ වෙයිද ? 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...