The Leader News
BREAKING
Top Ad
පුවත්

පත්තර කන්තෝරුවල ලිංගික හිංසන 'ඉංග්‍රීසියට සීමාවී නෑ'

T

The Leader Desk

June 25, 2021 • 2:33 PM

පත්තර කන්තෝරුවල ලිංගික හිංසන 'ඉංග්‍රීසියට සීමාවී නෑ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින ඇතැම් කාන්තාවන් මුහුණ දුන් ලිංගික හිංසන ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන මාධ්‍ය ආයතන වලට පමණක් සීමා වී නොමැති
  •   ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන තුළ මාධ්‍යවේදිනියන්ට විඳින්නට සිදුවී ඇති ලිංගික හිංසන සමාජ මාධ්‍ය තුළ සාකච්ඡා අවුළුවා ලීමත් සමගම ඒ පිළිබදව විමර්ශන පැවැත්වීම කෙරෙහි  ජනමාධ්‍ය අමාත්‍යවරයාගේද අවධානය යොමුව තිබුනි.
  •   එම හෙළිදරව්වලදී වැඩියෙන්ම සඳහන් වී ඇත්තේ රජයේ ඉංශ්‍රීසි  මාධ්‍ය ආයතනවල නම් ය.
  •     ජනමාධ්‍ය ආයතනවල සිදුවන ලිංගික හිංසනයන්:     1.
අකුරු ප්‍රමාණය (Font Size):
බව දිවයිනේ ක්‍රියාකාරී මාධ්‍ය සංවිධානයක් පවසයි.
 
"ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන ජනමාධ්‍යවල සිදුවී යැයි කියන මේ සිදුවීම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවක් ඇරඹුණද, සිංහල සහ දෙමළ භාෂාවෙන් වැඩ කරන ඇතැම් ජනමාධ්‍ය ආයතනවල ද මෙවැනිම තත්ත්වයන් ඇති බව පෙන්වාදීමට කැමැත්තෙමු."
 
ජුනි 25 වැනි සිකුරාදා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කළ ලිපියක් මගින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා ඇත්තේ, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන නතර කිරීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙසයි.
 
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන තුළ මාධ්‍යවේදිනියන්ට විඳින්නට සිදුවී ඇති ලිංගික හිංසන සමාජ මාධ්‍ය තුළ සාකච්ඡා අවුළුවා ලීමත් සමගම ඒ පිළිබදව විමර්ශන පැවැත්වීම කෙරෙහි  ජනමාධ්‍ය අමාත්‍යවරයාගේද අවධානය යොමුව තිබුනි.
 
එම හෙළිදරව්වලදී වැඩියෙන්ම සඳහන් වී ඇත්තේ රජයේ ඉංශ්‍රීසි  මාධ්‍ය ආයතනවල නම් ය.
 
මෙවැනි හිංසනයන්ට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන්ට මුහුණදීමට සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කණගාටුවට පළ කර ඇති අතර ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන්ට දිගින්-දිගටම සිදුවන ලිංගික හිංසනයන් වහාම නතර කිරීමේ අවශ්‍යතාව මතුකරමින්  කරුණු කිහිපයක් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානයට යොමු කිරීමට එම සංගමය කටයුතු කර තිබේ.
 
  
එම සංගමය පෙන්වා දෙන පරිදි මෙරට ඇතැම් ජනමාධ්‍ය ආයතන තුළ සේවය කරන මාධ්‍යවේදිනියන්ට මෙන්ම කාර්යාලයෙන් පිටත සේවය කරන මාධ්‍යවේදිනියන්ට ද (ප්‍රාදේශීය වශයෙන්), මාධ්‍ය ආයතනවල වෙනත් අංශවල රැකියා කරන කාන්තාවන්ට ද මාධ්‍ය ආයතනවල ඇතැම් ජනමාධ්‍යවේදීන්ගෙන් පමණක් නොව කර්තෘවරුන් සහ සංස්කාරකවරුන්ගෙන් ද ලිංගික හිංසන සිදුවූ අවස්ථා ගණනාවක්ම වාර්තා වී තිබේ.
 
එවැනි ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් වන සියලු සාක්ෂි සහ තොරතුරු ආයතන ප්‍රධානීන්ට දැනුම්දීමට හිංසනයට පත් ජනමාධ්‍යවේදිනියන් සහ තවත් මාධ්‍යවේදීන් කණ්ඩායම් උත්සාහ කළ අවස්ථා ද තිබෙන නමුත් එවැනි අවස්ථාවල බොහෝ විට සිදුවී තිබුණේ ආයතන ප්‍රධානීන් විසින් ඒවා නොසලකා හැරීම  බවයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසන්නේ.
 
"ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් අදාළ වගකිවයුත්තන්ට එරෙහිව කටයුතු නොකිරීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි දැඩි කණගාටුවට පත්වෙමු."
 
 
JOURNALISM.0 
 
ඇතැම් ජනමාධ්‍ය ආයතනවල සිදුවන ලිංගික හිංසනයන් ක්‍රම කිහිපයක් අනුව සිදුවන බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
 
 
ජනමාධ්‍ය ආයතනවල සිදුවන ලිංගික හිංසනයන්:
 
 
1. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවක කාන්තාවන් (පුහුණු වන හෝ නවක) බියවද්දමින් ඔවුන් ලිංගික හිංසනයට පත්කිරීම,
 
2, ප්‍රාදේශීය වශයෙන් සහ නිදහස් මාධ්‍යවේදීන් වශයෙන් රාජකාරි කරන පිරිසට මුදල් ලැබෙන්නේ ඔවුන්ගේ වාර්තා පළවන ආකාරයට වන බැවින් එම කාරණය ඉස්මතු කරමින්, ඔවුන්ගේ ලිපි පළනොකරන බවට බියවද්දමින් ලිංගික හිංසනයට ලක්කිරීම,
 
3. ජනමාධ්‍යවේදිනියන්ට සහ මාධ්‍ය සේවිකාවන්ට තමන්ගේ තනතුරේ බලය භාවිත කරමින් ජනමාධ්‍ය ආයතනවල තනතුරු දරන ඇතැම් පුද්ගලයන් විසින් ලිංගික බලපෑම් කිරීම,
 
4. සමාන ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් විසින් ලිංගික බලපෑම් කිරීම,
 
5. පුවත්පත්වලට ලියන නවකයන්ට ඒවා පළකර දීම සඳහා බව පවසමින් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම,
 
6. අගතියට පත්වූ කාන්තාවන්ට ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන බව කියමින් සහ සැකකාරියන්ට ඔවුන්ට එරෙහිව කටයුතු කරන බව පවසමින් මාධ්‍ය බලය භාවිත කර ඇතැම් අවස්ථාවල ලිංගික හිංසන සිදු කිරීම,
 
7.ඇතැම් ජනමාධ්‍යවේදිනියන් ක්ෂේත්‍ර වාර්තා කිරීම් සඳහා දුර-බැහැර ප්‍රදේශවලට ගිය අවස්ථාවලදී ඡායාරූප ශිල්පීන්ගෙන් හෝ සහෝදර ජනමාධ්‍යවේදීන්ගෙන් සිදුවන බලපෑම් ගැන ද විටින්-විට වාර්තා වේ,
 
 
ලිංගික හිංසනයන් ඉවසා ගත නොහැකිව ජනමාධ්‍යවේදිනියන් ආයතනවලින් ඉවත්ව ගිය අවස්ථා කිහිපයක් ද වාර්තා වී ඇති බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
 
 
 මෙවැනි තත්වයක් හමුවේ රජයේ හා වගකිවයුත්තන්ගේ වගකීමත් මාධ්‍ය සංවිධානය විසින් මතක් කර දී තිබේ.
 
"මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර ජනමාධ්‍ය ආයතනවල සේවය කරන කාන්තාවන්ට තම ආයතන තුළ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ පීඩාවකින් තොරව, ලිංගික හිංසනවලට භාජනය වීමකින් තොරව නිදහසේ කටයුතු කළ හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමට රජයට, සියලුම ජනමාධ්‍ය ආයතනවලට, ජනමාධ්‍ය සංවිධානවලට සහ ජනමාධ්‍යවේදීන්ට විශාල වගකීමක් තිබෙන බව අපි විශ්වාස කරමු."
 
එබැවින් පහත සඳහන් යෝජනා සලකා බලා ඒවා ක්‍රියාත්මක කරන ලෙසත්, මෙම ඉල්ලීම් ජනමාධ්‍ය ආයතන වෙත යොමු කර මේ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පවත්වා කාන්තාවන්ට නිදහසේ සේවය කළ හැකි වටපිටාවක් නිර්මාණය කර දෙන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.
 
 
යෝජනා :
 
 
1. ලිංගික හිංසනයක් සිදුවූ වහාම ඒ සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම සඳහා ආයතන ප්‍රධානීන්ට පැමිණිලි කිරීමටත්, නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට පැමිණිලි කිරීමටත් මාධ්‍ය ආයතනවල රාජකාරි කරන කාන්තාවන් දැනුවත් කිරීම.
 
2. කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයන් ගැන කුමනාකාරයෙන් හෝ දැනුවත් වූ වහාම ඇයගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඇයව හිංසනයට පත් කළ පුද්ගලයන්ට එරෙහිව ආයතනික වශයෙන් කටයුතු කිරීම සහ ඔහුට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට හිංසනයට භාජනය වන කාන්තාවන් ධෛර්යමත් කිරීමට මාධ්‍ය ආයතනවල ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන් දැනුවත් කිරීම,
 
3.මාධ්‍ය ආයතනවල සේවය කරන කාන්තාවන් යම් ලිංගික අපයෝජනයකට මුහුණ දුනහොත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ කාන්තාවන්ට ජනමාධ්‍ය ආයතනවල සිදුවන ලිංගික හිංසන නතර කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදුකිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙනම ස්වාධීන අංශයක් ස්ථාපිත කිරීම,
 
4.කාන්තාවන්ට රාජකාරි කරන ස්ථානයේ සහ රාජකාරි නිසා ඇතිවන ලිංගික හිංසන අවම කිරීමට සහ එවැනි ගැටලු ගැන සාකච්ඡා කිරීමට මාධ්‍ය ආයතන තුළ වෙනම කාන්තා නිලධාරිනියක් පත්කිරීම,
 
5. හිංසනයන්ට පත්වන කාන්තාවන් සඳහා නොමිලයේ මනෝ උපදේශන සේවා ලබාගැනීමට ස්වාධීන ආයතනයක් හෝ අංශයක් පිහිටුවීම.
 
 
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කළ ලිපියේ පිටපත් ශ්‍රී ලංකා කර්තෘ සංසදය, විද්‍යුත් විකාශකයන්ගේ සංසදය, ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යංශය,  සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ප්‍රධාන විධායක නිලධාරි, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා සභාපති, පුවත්පත් හිමිකරුවන්ගේ සංසදය  වෙතත් යොමු කර තිබේ.
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
##########
THE LEADER TV 
 
වෙරළට ගොඩගසන කැස්බෑ, තල්මස් ගැන ආණ්ඩුවෙන් හතර බීරී ටෝක්ස් !
 
 
ස' දුමින්ද නිදහස් කළේ අලි සබ්රි නොදැන ද?
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පත්තර කන්තෝරුවල ලිංගික හිංසන 'ඉංග්‍රීසියට සීමාවී නෑ' | The Leader