The Leader News
BREAKING
Top Ad
පුවත්

මාධ්‍යවේදිනියක් ලිංගික හිංසනයට එරෙහිව 'ගේම ඉල්ලයි'

T

The Leader Desk

June 27, 2021 • 1:02 PM

 මාධ්‍යවේදිනියක් ලිංගික හිංසනයට එරෙහිව 'ගේම ඉල්ලයි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනමාධ්‍ය ආයතන තුළදී ජනමාධ්‍යවේදිනියන්ට සිදුවන විවිධ ලිංගික හිංසන හා අඩංතේට්ටම් සම්බන්ධයෙන්
  •   මෙලෙස සිය ඉල්ලා අස්වී ඇත්තේ මේ වන විටත් ආන්දෝනලයට තුඩුදී තිබෙන මාධ්‍ය ජාලයක, ගුවන් විදුලි නාලිකාවක ප්‍රවෘත්ති සංස්කාරකවරියක ලෙස හා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කළ දිනිති ධර්මපාල මෙනෙවියයි.
  •   මෙවැනි අඩන්තේට්ටම් සම්බන්ධයෙන් ආයතනය තුළ අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීම සඳහා අදාළ හෙළදරව් කිරීම් වේදිකාවක් ලෙස භාවිතා කරනවා වෙනුවට, කළමනාකරණය අවධානය යොමු කළේ තමන්ව නිහඩ කරවීමට බව ඇය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.
  •    තමන් එම ආයතනයෙහි සේවය කළ පසුගිය මාස 8ක කාලය තුළ තමන්ට සහ තම කාර්යාලීය සගයන්ට විඳදරාගැනීමට සිදුවූ දෑ සහ සිදුවීම් පිළිබඳව ඉහළ කළමනාකාරිත්වයත්, මානව සම්පත් කළමනාකාරිත්වයත් හොඳින් දන්නා බව ඇය දන්නා බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වන #MeTooSrilanka ව්‍යාපාරයට සහය දැක්වීම නිසාවෙන් ආයතනයෙන් එල්ල වූ පීඩනය හේතුවෙන් ජනමාධ්‍යවේදිනියක් ඉල්ලා අස්වී තිබෙනවා.

 
මෙලෙස සිය ඉල්ලා අස්වී ඇත්තේ මේ වන විටත් ආන්දෝනලයට තුඩුදී තිබෙන මාධ්‍ය ජාලයක, ගුවන් විදුලි නාලිකාවක ප්‍රවෘත්ති සංස්කාරකවරියක ලෙස හා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කළ දිනිති ධර්මපාල මෙනෙවියයි.
 
ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ මාධ්‍ය ආයතන තුළදී කාන්තාවන් හට සිදුවන ලිංගික හිරිහැරයන් පිළිබඳව විවෘත සංවාදයක් ගොඩනගන #MeToo ව්‍යාපාරයට සහය දක්වමින් තම පුද්ගලික ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයට පත් කරන ලද ට්වීට් කිහිපයක් ඉවත් කළ යුතු බවට ආයතනය විසින් තමන් හට දැනුම්දුන් බවයි.
 
මෙවැනි අඩන්තේට්ටම් සම්බන්ධයෙන් ආයතනය තුළ අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීම සඳහා අදාළ හෙළදරව් කිරීම් වේදිකාවක් ලෙස භාවිතා කරනවා වෙනුවට, කළමනාකරණය අවධානය යොමු කළේ තමන්ව නිහඩ කරවීමට බව ඇය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.
  
තමන් එම ආයතනයෙහි සේවය කළ පසුගිය මාස 8ක කාලය තුළ තමන්ට සහ තම කාර්යාලීය සගයන්ට විඳදරාගැනීමට සිදුවූ දෑ සහ සිදුවීම් පිළිබඳව ඉහළ කළමනාකාරිත්වයත්, මානව සම්පත් කළමනාකාරිත්වයත් හොඳින් දන්නා බව ඇය දන්නා බවයි.
 
කෙසේ වෙතත් එවැනි සිද්ධීන් පිළිබඳව ඔවුන්ට වාර්තා කළ පසුවද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත්, මෙම භයානක තත්වය වෙනස් කිරීමට කිසිඳු උත්සාහයක් නොදරා ඇති බවත් දිනිති මෙනෙවිය සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර තිබෙනවා.
 
එම ලිපියෙහි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙවැනි කෙටි දැනුම්දීමකින් ඉවත්වීම ගැන තමන් සමාව අයදින නමුත් ආයතනයේ සේවය කරන කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා ආයතනයේ කළමනාකාරිත්වය දරන උත්සහය පිළිබඳ තමන්ට තවදුරටත් විශ්වාසයක් නොමැති අතරම ආයතනය තුළ තමන් හට ආරක්ෂාවක්ද නොදැනෙන බැවින් ඉල්ලා අස්වෙන බවත් එය වඩාත් සාධාරණ වීම උදෙසා, ජුනි මාසය සඳහා වන වැටුප ඉල්ලා නොසිටින බවත්ය.
 
තම අත්දැකීම් බෙදාහදා ගැනීමට ඇය ගත් තීරණය ලිංගික හිරිහැරයන්ට ගොදුරු වූවන්ට දක්වන සහයෝගය පෙන්වීමක් ලෙස පමණක් බව පැවසීමට තමන් කැමති බවත්, සමාගමේ නිවැරදි ප්‍රතිචාරය විය යුතුව තිබුණේ මේ පිළිබඳව වහාම විමර්ශනය කිරීම සහ ලිංගික, ශාරීරික, වාචික හා මානසික හිරිහැර ඇතුළු සේවා ස්ථානයේ සියලු ආකාරයේ හිරිහැර මැඩපැවැත්වීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීම බවත් ඇය පෙන්වා දී තිබෙනවා.
 
අවසාන වශයෙන් ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත්තේ මෙම සමාගමට තම දායකත්වය හා කැපවීම 100% කින් ලබා දී ඇති අතර, තම රාජකාරිය පිළිබඳ එකදු ගැටළුවක් හෝ පැමිණිල්ලක් නොනැඟී තිබුණද, ආයතනයට ඔවුන්ගේ යුතුකම් කොටස වන ආරක්ෂිත සහ විශ්වාසනීය සේවා පරිසරයක් ලබා දීම තහවුරු කිරීමට මුළුමනින්ම අසමත් වී ඇති බවයි.
 
 
ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්.
 
ngbslkjdn 
 
 

 


 
THE LEADER TV 
 
 
ජනපතිගේ ෆයිබර් ඔප්ටික් කතාව අලි බොරුවක්! 
 
 
 
බැසිල්, මහින්දට පිටින් යාවිද ?
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...