ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආයෝජන සඳහා ඇමරිකානු රජයේ එකඟතාවය පලවී ඇතයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
එහිදී විදුලිබල ව්‍යාපෘතියක් සඳහා ඩොලර් බිලියනයක් ද ලංකාවට ගෙනෙන බොරතෙල් පිරිපහදු කිරීමේ
බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත බව පැවසේ.
බොරතෙල් ගෙනවිත් පිහිපහදු කිරීමට ප්‍රමාණවත් පහසුකම් ලංකාවේ නොමැති තත්ත්වයක් තුල බොරතෙල් වෙනුවට මිළ අධික පිරිපහදු කළ තෙල් ආනයනය කිරිමට ශ්‍රී ලංකා රජයට සිදුව ඇත.
'' අපි වසර 52කින් රිෆයිනර් එකක් හදලා නැහැ. දැන් තියන පිහිපහදුවේ කරන්නේ ලංකාවේ අවශ්‍යතාවයෙන් සියයට 25යි. එනිසා එකෙන් කරන්න පුළුවන් ප්‍රමාණයට ඒ කියන්නේ සියයට 25ක් බොරතෙල් ගෙනත් ඉතුරු සියයට 75 පිරිපහදු කළ තෙල් ආනයනය කරනවා. '' යයි බලශක්ති අමාත්‍යයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
බැසිල්, ඇමරිකානු තානාපතිනිය හමුවේ
ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත්වීමට නියමිත, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජුලි 14 රටවල් හතක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවී ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීය.
මෙසේ හමුවූ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතරට ඇමරිකාව, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය හා යුරෝපා සංගමය යන රටවල හා රාජ්‍ය සමූහවල තානාපතිවරු ඇතුළත් විය.
ඇමරිකානු තානාපතිනිය සමග පැවති සාකච්ජාවේ දී කෝවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ද කතාබහක් සිදුවූ බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමෙන් පසු ඇමරිකානු ආයෝජන කිහිපයක් සඳහාම එකඟතාවයන් ඇතිකර ගැනීමට පසුගිය දින කිහිපයේ දී කටයුතු කර තිබේ.
කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම් එක්සත් ජනපදයේ පිහිටි සමාගමකට භාරදීමට උත්සාහයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජුලි 13 දා පැවති මාධ්‍ය හමුවක දී පැවසිය.
සබැඳි පුවත් :
THE LEADER TV
රාජපක්ෂ සමාගම? ජාත්‍යන්තරයට
අගමැති මහින්දටත් පොහොට්ටු පක්ෂෙන් චෝදනා!